ගෙදරදීම ලේසින් පිරිසිදුව අල බොන්ඩා හදමු
අවශ්‍ය ද්‍රව්‍ය :
තම්බා පොඩිකර ගත් අල 250g
හීනියට කපා ගත් අමු මිරිස් කරල් 2
පොඩියට කපා ගත් ළූණු ගෙඩි 1
අබ ඇට තේ හැඳි ½
සුදුරු තේ හැඳි ½
කහ කුඩු තේ හැඳි 1
කොතමල්ලි කුඩු තේ හැඳි ½
මිරිස් කුඩු තේ හැඳි ½
තෙල් ස්වල්පයක්
ලුණු
ගම්මිරිස්
පිටි දවටනය සඳහා :
කඩල පිටි 150 g
පාන් පිටි 50 g
බේකින් පවුඩර් තේ හැඳි ½
කහ කුඩු ස්වල්පයක්
ගැඹුරු තෙලේ බැද ගැනීමට තෙල්
සාදන ක්‍රමය :
01. පළමුව තෙල් ස්වල්පයක් රත්කොට එයට අබ ඇට, සුදුරු, ළූණු, ලුණු සහ ගම්මිරිස් එක් කර තෙම්පරදු කරගන්න.
02. තෙම්පරදුවටම අමු මිරිස්, කහ කුඩු, කොතමල්ලි කුඩු සහ මිරිස් කුඩු එක් කර කවලම් කර පසුව තම්බා පොඩි කර ගත් අල එකතු කර කවලම් කරන්න.
03. මේ අතරතුර පිටි දවටනය සදා ගැනීමට භාජනයක් ගෙන එයට කඩල පිටි, පාන් පිටි, බේකින් පව්ඩර් සහා කහ ස්වල්පයක් එක කරන්න.
04. ටිකෙන් ටික වතුර එක් කරමින් ඝන බැටරයක් සදා ගන්න.
05. ඉන් පසු අල මිශ්‍රණයේ කොටසක් ගෙන බෝල සදා ගන්න.
06. සදා ගත් බෝලයේ පාන් පිටි සවල්පයක් දවටා ඉන්පසු බැටරයට දමන්න.
07. අවසානයට ගැඹුරු තෙලේ රන්වන් පැහැ වන තුරු බැද ගන්න.