කාන්තාවක් විදිහට ඔයා හුඟක් ලස්සන වෙන්න කැමති නේද? ඔයාගේ මුහුණේ blackheads තියෙනවද? එ නිසා ඔයාගේ මුහුණ අවලස්සන වෙලා වෙන්න ඇති. කණ්ණාඩියෙන් මූණ බලනකොටත් ඔයාටම කේන්ති යනවා ඇති. blackheads කියන්නේ මොනාටද? ඔයාගේ මුහුණේ තියෙන පොඩි සිදුරු වල මුහුණේ ඇති වැඩිපුර තෙල් සහ මැරුණ ශෛල වලින් හිර වෙලා වැහිලා ගිහාම තමා blackheads හැදෙන්නේ. ඔයාගේ මුහුණේ තියෙන තෙල් වලින් සමේ තෙතමනය සහ සමට පෝෂණය ලබා දෙනවා. blackheads ඇති වෙන්නේ කුණු දුවිලි වලින් නෙමෙයි. හැමවෙලාවේම සේදීම, ස්ක්‍රබ් කිරීම නිසා ඔයාගේ මුහුණ වේලෙනවා. එතකොට තවත් තෙල් වැඩියෙන් ශ්‍රාවය කරන නිසා blackheads වැඩියෙන් ඇති වෙනවා. අද හැඩකාරී අපි ඔයාට ගෙදර ඉඳලම blackheads නැති කර ගන්න tips 5ක් කියන්නයි යන්නේ.
බිත්තර සුදුමදය
තියෙන blackheads අයින් කරන්නටත් අලුතෙන් එන blackheads නවත්තන්නත් පුළුවන් හොඳ විදිහක් බිත්තර සුදු මදේ කියන්නේ. මුහුණේ තියෙන සිදුරු තද වීමක් බිත්තර සුදු මදෙන් සිදු වෙනවා. බිත්තර සුදු මදයේ පෝෂණ පදාර්ථ තියෙන නිසා ඔයාගේ මුහුණ වේලීම අඩු කරනවා.
මේ ප්‍රතිකාරය කරන්න බිත්තර සුදු මදයක්, මුහුණ පිහිදාන ටිෂූ, කුඩා බදුනක්, පිරිසිදු තුවායක් අවශ්‍යයි.
මුහුණ හෝදලා වතුර තෙතමාත්තු කරලා බිත්තර සුදු මදය මුහුණේ ගාන්න. එයට උඩින් ටිෂූ අලවන්න. ඒ විදිහට මුළු මුහුණේම ටිෂූ අලවලා වේලෙන්න අරින්න. මේ විදිහට තුන් පාරක් බිත්තර සුදු මදයද ටිෂූ තට්ටුවක්ද අලවන්න. මෙය වේලෙන්නට අරින්න ඊට පසු මුහුණට තද ගතියක් දැනෙයි. පසුව ටිෂූ අයින් කරන්න පිරිසිදු වතුරෙන් මුහුණ සෝදන්න. සතියකට දෙපාරකට වැඩිය කරන්න එපා.
ජල වාෂ්ප
ජල වාෂ්ප වලට සිදුරු වල තියෙන තෙල් සහ මැරුණ ශෛල අඩු කරන්න පුළුවන් නිසා ඔයාගේ මුනුහේ තියෙන blackheads නැති කරන්න ජල වාෂ්ප හොඳ විදිහක්.
ඔයාට ඒකට ඕන වෙන්නේ ලොකු බඳුනක් වතුර සහ පිරිසිදු තුවායක්. බඳුනට රත් වුණු වතුර දලා ටික වෙලාවක් සිසිල් වෙන්න දීලා, විනාඩි 10ක් විතර මුහුණ ස්ටීම් කරන්න. ජල වාෂ්ප තුවයෙන් එලියට යන්න දෙන්න එපා. පසුව උණු වතුරෙන් මුහුණ හෝදන්න. එකෙන් ඔයාගේ මැරුණ සම සහ Blackheads අයින් වෙනවා.
දහදිය පිට කිරීම
දහදිය දානවා කියන්නේ සමේ ලෙඩ වලට හොඳ පිලියමක්. දහදිය දානකොට සමේ සිදුරු වල තියෙන ඕනෑම දෙයක් අයින් වෙනවා. දහදිය දාන්න නම් ව්‍යායාම කරන්න ඕනේ. ව්‍යායාම කරන්න කලින් මුහුණ හොඳට සෝදන්න. make up එක්ක ව්‍යායාම කරොත් ඔයාගේ මුහුණේ සිදුරු වලට විෂබිජ යනවා. ව්‍යායාම කරාට පස්සෙත් මුහුණ හොඳට හෝදන්න. දහදිය මුහුණේ වියලුනාම සිදුරු වල දහදිය තැන්පත් වෙනවා. ඒක නිසා ඔයා ව්‍යායාම කරන්න කලිනුත් පස්සෙත් හොඳට මුහුණ හෝදලා පිසිද ගන්න.
දෙහි යුෂ
දෙහි යුෂ කියන්නේ ඉතා හොඳ ටෝනර් එකක්. දෙහි යුෂ නිසා ඔයාගේ සමට පැහැපත් පෙනුමක් ගෙනල්ලා දෙනවා. ඔයා ඉර එලියේ ගැවසෙනවා වැඩි නම් අනිවාර්යයෙන් sun cream එකක් පාවිච්චි කරන්න.
මේ ප්‍රතිකාරය කරන්න පුළුන් සහ දෙහි ගෙඩියක් අවශ්‍යයි. මුහුණ සෝදා පුළුන් කෑල්ලට දෙහි යුෂ සහ වතුර බිංදු කිහිපයක්ද එකතු කරමින් මුහුණේ ගාන්න. නිදාගන්න කලින් දෙහි යුෂ සත්කාරය කරලා, පසුදා උදයට මඳ උණුසුම් වතුරෙන් මුහුණ සෝදන්න. සතියට තුන් හතර පාරක් කරන්න. ඔයාගේ මුහුණට හොඳ ප්‍රතිපලයක් ගෙනල්ලා දෙයි.
තක්කාලි යුෂ
තක්කාලි යුෂ වල විටමින් C සහ විටමින් A තියෙන නිසා ඔයාගේ මුහුණේ වැඩිපුර තෙල් ඉවත් කරන අතර ඔයාගේ සමට පෝෂණය ලබා දෙනවා . පොඩි තක්කාලි ගෙඩි දෙක තුනක් අරගෙන බ්ලෙන්ඩ් කරලා ඔයාගේ මුහුණේ Blackheads ඇති තැන් වල ආලේප කර විනාඩි 15 කට පසු සිසිල් ජලයෙන් සෝදන්න.
ඔයාගේ මුහුණ ලස්සනට තියාගෙන ආකර්ෂණය දිනාගන්න. ලේසියෙන්ම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය නිසා ඔයත් මේ සත්කාර කරලා ලස්සන රූ සපුවක් ලබා ගන්න.