බොහෝ වෙලාවට අපේ ශරීරයේ විශේෂ ලක්ෂණ වගේම අපේ විශේෂ හැසිරීම් වලට අනුවත් අපේ ගතිගුණ ගැන කියවෙනවා. බහුතරයක් දෙනා මේ දේවල් ගැන දැනගන්නත් වැඩි උනන්දුවක් දක්වනවා. අද අපි ඔබට කියන්න යන්නේ ඔබ නිදාගන්න ඉරියවුව අනුව කියවෙන ඔබේ ගතිගුණ ගැන.
1. ඔබ පැත්තකට හැරී දණහිස් දෙක මදක් නවාගෙන නිදාගන්න අයෙක් නම්
ඔබ බොහොම නිවුණු ගතිගුණ ඇති සහ විස්වාස කල හැකි පුද්ගලයෙක්. කිසිවෙකුට පහසුවෙන් බැහැ ඔබට කරදරයක් කරන්න. ඔබ තුළ අනාගතය පිළිබදව කිසිම ආකාරයක දුකක් නැහැ. ඒ වගේම ඔබ නිතරම බොහොම සිනහ මුසුව සිටින අයෙක්. ඔබට පුළුවන් ඕනෑම ප්‍රශ්නයක් බොහොම පහසුවෙන් විසදගන්න, ඔබේ ජිවිතයට කිසිම බලපෑමක් නොවන ලෙස.
2. ඔබ වකුටුවී නිදාගන්න අයෙක් නම්
ඔබට නිතරම දැනෙන්නේ ඔබට ආරක්ෂාවක් ලැබිය යුතු බවයි. ඒ වගේම ඔබ අනෙක් අයගෙන් අවධානය, ඔබව තේරුම් ගැනීම වගේම අනුකම්පාවත් බලාපොරොත්තු වෙනවා. ඔබ ජිවිතයේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බයයි. නිතරම බලන්නේ ප්‍රශ්න ඇතිවෙන අවස්ථාවන් මගහැර සිටින්න. නමුත් ඔබ තුළ විශේෂ හැකියාවක් තියනවා චිත්‍ර අදින්න, නර්තනයේ යෙදෙන්න වගේම නිර්මාණාත්මකව යම් යම් දේවල් ලියන්න කියන්න.
3. ඔබ අත් සහ කකුල් සැහැල්ලුවෙන් තබාගෙන මුනින් අතට හැරී නිදාගන්නවා නම්
ඔබ නායකත්ව ලක්ෂණ වලින් පරිපූර්ණ අයෙක්. ඔබ යමක් ක්‍රියාවට නංවන්න ඉක්මනින් කටයුතු කරනවා වගේම එය හොදින් ඉටු කිරීමේ හැකියාවත් ඔබට තිබෙනවා. ඔබ පෞද්ගලික ජීවිතයේදී වගේම වෘතීය ජීවිතයේදීත් බොහොම පිළිවෙලකට කටයුතු කරන අයෙක්. ඔබ හැම දෙයක්ම හොදින් සැලසුම් කරනවා වගේම ඒ පිළිබදව වගකීමකින් කටයුතු කර සාර්ථකව එම කටයුතු අවසන් කරනවා.
4. ඔබ අත් සහ පාද සැහැල්ලුවෙන් තබාගෙන උඩුබැලි අතට නිදාගන්නවා නම්
ඔබ ජිවිතයට ආදරය කරන ඒ වගේම ජීවිතය ගැන ධනාත්මකව හිතන පුද්ගලයෙක්. ඒ වගේම ඔබ බොහෝ දෙනෙක්ගේ අවධානයට සහ ආදරයට ලක්වෙන කෙනෙක්. ඔබ වර්තමානයේදී හිතුවක්කාර ලෙස කටයුතු කලත් ඔබ වැඩ කරන්නේ බොහොම කල්පනාකාරී ලෙස. ඔබ කැමති නිතරම ඇත්ත කතාකරන්න. ඒ වගේම ඔබට තිබෙන්නේ හොද පෞර්ෂයක්.
5. ඔබ අත් සහ පාද සීරුවෙන් තබාගෙන උඩුබැලි අතට නිදාගන්නවා නම්
ඔබ ජිවිතයේ බොහෝ දේවල් හොදින් කළමනාකරණය කරගන්නා අයෙක්. ඔබ ඔබේ ජිවිතයේ අරමුණු හොදින් හදුනාගෙන ඒවා සාර්ථක කරගැනීම සදහා එක සිතින්ම ක්‍රියා කරන අයෙක්. සමහර විට ඔබ තද ගතිගුණ තිබෙන, ටිකක් පණ්ඩිත, තමන් ගැන ආඩම්බර වන අයෙක් විය හැකියි.
6. ඔබ පැත්තකට හැරී එක් කකුලක් පමණක් නවාගෙන නිදාගන්න අයෙක් නම්
ඔබ සතුව ඇත්තේ වෙනස්වන සුළු පෞර්ෂ ලක්ෂණ. ඔබ අවස්ථානුකුලව ඔබේ ප්‍රතිචාර වෙනස් ලෙස දක්වනවා. ඔබේ මානසික තත්වය බොහොම ඉක්මනින් වෙනස් වෙනවා. මේ නිසාම ඔබ වටේ සිටින අය අපහසුතාවයට පත්වෙනවා. ඔබට යමක් තෝරාගැනීමට සහ තීරණය කිරීමට වැඩි කාලයක් ගතවෙනවා.