වකුගඩුවට හානි කරන මේ ආහාර වර්ග 8න් ඈත් වෙන්න

April 2, 2019
6,082
8 foods that brings danger to your kidneys
වකුගඩු කියන්නෙ අපේ සිරුරේ අපිට අතිශය ප්‍රයෝජනවත් ශරීර අභ්‍යන්තර අවයවයක්. එයට හානි වීම මිනිස් ජීවිතයටත් අන්ත බළපෑම් කරන්නට හැකියාව තියෙනවා. එනිසාම එයට හානි විය හැකි මෙම ආහාර වර්ගවලින් හැකි තරම් දුරට ඈත්වීම යෝග්‍යයි. මෙම ආහාර ඇතැම්විට ඔබට නැවත මගහරින්නට බැරි තරම් ජීවිතයට බද්ධ වී තිබුනත් හැකි තරම් භාවිතය අඩු කිරීම හෝ පාලනයට උත්සාහ කිරීම වටියි. 

රතු මාංශ වර්ග

ලේ පැහැයෙන් යුතු මාංශ වර්ග භාවිතය අවම කිරීම වකුගඩුවලට හානි කරන සත්ව ප්‍රෝටීන සිරුරට ගෙන ඒම අඩු කරයි. එයට හේතුව සත්ව ප්‍රෝටීන විසින් වකුගඩුවේ ක්‍රියාවලිය තවතවත් දිගු දුරකට ඇදගෙන යාමයි. මෙලෙස වකුගඩුවට හානි වීම නවතින්නේ අප ශරීරයෙන් පෙරී ඉවත් විය යුතු අපද්‍රව්‍ය ඉවත්කිරීමේ කාර්යයට වකුගඩුව අපොහොසත් වීමයි. 

ඇල්කොහොල්

වකුගඩුව වෙහෙසට පත් කරන අනෙක් දේ වන්නේ බොහෝමයක් දෙනෙකු අධික ලෙස ඇබ්බැහි වී සිටින අධික ඇල්කොහොල් භාවිතයයි. රුධිරය ගෙන යන අනවශ්‍ය අපද්‍රව්‍ය බැහැර කිරීමේ වකුගඩුවල කාර්යයට මෙය බාධාවක් වන තැනට පත්වෙනවා. එසේම ඇල්කොහොල් සිරුරේ පැවතීම සිරුර විජලනයට ලක් කරනවා. එසේම මස්පිඩු සහ අනෙකුත් අවයවවල නිසි ක්‍රියාකාරීත්වයටද හානි කරන්නටත් ඇල්කොහොල් හේතුවක් වෙනවා.

මේස ලුණු

ලුණු කියන්නෙ ලංකාවෙ උදවිය සෑමවිටම පාහේ භාවිතා කරන රසකාරකයක්. ලුණු රසට අපගේ දිව හුරු වී ඇති නිසාත්, එයින් ආහාරයට සිදු කරන රස වෙනස නිසාත් බොහෝ දෙනෙකු ලුණු ආහාරයට හුරු වී සිටිනවා. මුත්‍රාවලින් පිටවෙන ප්‍රෝටීන් ප්‍රමාණය ඉහළ නංවන්නටත් එය ප්‍රධානම හේතුවක් වෙනවා. එසේම මේස ලුණුවල ඇති සෝඩියම් වැඩිපුර සිරුරට එකතු වීම වකුගඩුවල ජල පෙරහන් ක්‍රියාවලියට හානි කරනවා. 

කැෆේන්

තේ සහ කෝපිවල අඩංගු ප්‍රධානම සංඝටකය වන කැෆේන් මගින් සිරුරේ ලේ ගමනාගමන වේගය වැඩි කරන අතර එය අධි රුධිර පීඩන අවස්ථාවක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇත. මෙය වකුගඩුවෙන් සිදු කරන්නට ඇති වැඩ කොටස තවත් වැඩි කරයි. එසේම කැෆේන් මගින් සිරුර විජලනයට ලක්කිරීමටද දායකත්වයක් ලබා දෙයි. මෙය මුත්‍රාශයේ ගල් ඇති වීම දක්වා වර්ධනය වීමටද ඉඩ ඇත. 

කෘතිම පැණිරසකාරක

මී පැණි වැනි හානිකර බවින් අඩු පැණි රස වෙනුවට කෘතිම පැණිරස කාරක යෙදීම මේ වන විට බහුලව සිදුවෙනවා. එයට විසඳුමක් තවමත් සිතාගත නොහැකිවුවත් කෘතිම පැණිරසකාරක සහිත බීමවලින් හැකි තාක් ඈත්වී සිටීම වැදගත්ය.

කිරි නිෂ්පාදන

සිරුරට ප්‍රෝටීන් ලබාදෙන හොඳම ක්‍රමවේදයක් ලෙසින් කිරි දැක්විය හැකි වුවත් වකුගඩු ආබාධ ඇති මිනිසුන්ට කිරි ආහාර භාවිතය පාලනය කිරීම අත්‍යවශ්‍යය. අධිකව කිරි ආහාර ලබාගැනීම මුත්‍රාවල කැල්සියම් වැඩිවීමට හේතුවක් වන අතර එය මුත්‍රාශයේ ගල් ඇති වීමටද මූලිකම හේතුව වෙයි. 

කාබනේටඩ් පානයන්

සෝඩාවර්ග සහ ශක්තිජනක පානයන් වල අඩංගු සීනි, කැෆේන් සහ කෘතිම පැණිරසකාරක යන ත්‍රිත්වයම වකුගඩුවලට හානි කරයි. ඒවා ඔබට නව ජීවයක් ගෙනදුන්නත් වකුගඩුවේ ජීවයට හානි කරයි.

ජාන වෙනස් කළ ආහාර

දැනටමත් වකුගඩු ආබාධවලින් පීඩා විඳින පුද්ගලයින්ට ජාන වීකාති කළ ආහාරවලින් සිදුවිය හැකි හානිය ඉහළය. මෙම තත්ත්වය නිසා හැකි තරම් ජාන වෙනස් කිරීමට ලක් කළ පළතුරු එලවළු වලින් දුරස්වීම යෝග්‍යය.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1294 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:08:36 AM
Script:/article/1294/8-foods-that-brings-danger-to-your-kidneys.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:08:36 AM
Script:/article/1294/8-foods-that-brings-danger-to-your-kidneys.html