මොන තරම් වැඩ තිබුනත් මේ දේවල් 8 නම් ඔබ අනිවාර්යෙන්ම දිනපතා පිරිසිදු කර ගත යුතුයි

March 18, 2017
10,756
8 Things You Should Clean Every Single Day
අපි හැමෝම කැමති පිළිවෙලට පිරිසිදුවට තියන ගෙදරක ජිවත් වෙන්න. ගෙදරක පිළිවෙල සහ පිරිසිදුකම පවත්වාගෙන යන්න නම් අපිට නිතරම ගෙදර අස්පස් කරන්න සිද්දවෙනවා. නමුත් සමහර අය ගත කරන අවිවේකි ජිවන රටාව තුල දිනපතා නිවාස අස්පස් කරන්න වෙලාවක් නම් ඔවුන්ට ලැබෙන්නේ නෑ. නමුත් අපි මේ කියන දේවල් ටික නම් ඔබ අනිවාර්යෙන්ම දිනපතා පිරිසිදු කර ගත යුතුයි, ඔබේ පවුලේ සහ ඔබේ යහපත ගැන ඔබ සිතනවා නම්.

1. මුළුතැන්ගේ අත්පිස්නා

සිදු කරන ලද පරීක්ෂණ වලට අනුව සොයාගෙන තිබෙනවා නිවසේ වැඩි ප්‍රමාණයක් විසබීජ දිනකට එකතු වෙන්නේ මුළුතැන්ගේ අත්පිස්නා වල බව ඒ වගේම තමයි නාන කාමරවල තුවාවලත් මේ විදිහට විසබීජ වැඩි ප්‍රමාණයක් එකතු වෙනවා. මේ නිසා අඩුම තරමේ දින දෙකකට වරක් වත් ඔබ මේ අත්පිස්න සහ තුවා මාරු කල යුතුයි. නමුත් ඔබේ නිවස වැඩි සාමාජිකයන් ප්‍රමාණයක් සිටින එකක් නම් ඔබ අනිවාර්යෙන්ම දිනපතා මේවා පිරිසිදු කල යුතුයි.

2. යතුරු

සාමාන්යෙන් අපි කවුරුත් අපේ යතුරු නම් පිරිසිදු කරන්නේ නෑ. නමුත් යතුරු කියන්නෙත් අපේ නිවාස තුලට විවිධ විසබීජ හා බැක්ටීරියා නිතරම ගෙන එන දෙයක්. මොකද අපි යතුරු නිතර අපිරිසිදු දෑත් වලින් අල්ලනවා. විවිධ ස්ථාන වල යතුරු තබනවා. අපිරිසිදු සාක්කු වල යතුර දමාගෙන සිටිනවා. මේ නිසා දිනපතා අපි යතුරු අනිවාර්යෙන්ම පිරිසිදු කර ගත යුතුයි.

3. නාන කාමරයේ ටයිල්

ගෙදර නාන කාමරය කියන්නේ නිතරම අපිරිසිදු වෙන තැනක්. මොකද ගෙදර ඉන්න සාමාජිකයෝ දවසට දෙතුන් වතාවක් නාන කාමරය භාවිතා කරනවා. මේ නිසා නාන කාමරය පිරිසිදුවට තියාගන්න එක නම් ටිකක් අමාරු වැඩක්. මේකට තියන හොදම විසදුම තමයි දිනකට දෙතුන් වතාවක් වතුර ටිකක් දමා ටයිල් පිරිසිදු කරන එක. ඒ වගේම නිතර උත්සහ කරන්න ඕනේ නාන කාමරය වියළිව තබාගන්න.

4. භාජන සේදීමට භාවිතා කරන ස්පොන්ච් එක

අපේ කුස්සියේදී නිතරම අපිරිසිදු වන දේවල් වලින් එකක් තමයි මේ. ඒ නිසා නිතරම භාජන සේදීමට භාවිතා කරන ස්පොන්ච් එක පිරිසිදුව තබා ගත යුතුයි. මේ සදහා ඔබට තෙත ස්පොන්ච් කැබැල්ල විනාඩි දෙක තුනක් අඩු බලයක් සහිතව microwave අවන් එකක තබා භාවිතා කල හැකියි. මෙමගින් එහි අඩංගු සියලු විසබීජ සහ බැක්ටීරියා විනාශ වනවා.

5. සින්ක් එක

හැමෝම හිතන්නේ අත් සහ භාජන සේදුවාට පසු සින්ක් එකත් ඉබේම පිරිසිදු වෙනවා කියලා. නමුත් සින්ක් එක තුල ඉවත් නොවුණු විසබීජ රැදී තිබිය හැකියි. මේ නිසා දිනපතා ඔබ සුදුසු පිරිසිදු කාරකයක් යොදාගෙන සින්ක් එක පිරිසිදු කල යුතුයි.

6. කෝපි සාදනය

බොහෝ දෙනා සිතන්නේ රත් වීමේදී බැක්ටීරියා විනාශ වෙන නිසා කෝපි සාදනය නිතර පිරිසිදු කිරීම අත්‍යාවශ්‍ය දෙයක් නොවන බවයි. නමුත් දිනපතා ඔබ අනිවාර්යෙන්ම කොපි සාදනය පිරිසිදු කල යුතුයි. නැත්නම් ඔබට මේ නිසා යම් අසාත්මිකතාවයන් ඇති විය හැකියි. කෝපි සාදනය කොටස්වලට ගලවා පිරිසිදු කිරීම මගින් පහසුවෙන්ම ඔබට මෙය හොදින් පිරිසිදු කරගත හැකියි.

7. Cutting board එක

එළවලු කපන්න භාවිතා කරන්නේ ලෑල්ලක් නම් ඔබට පුළුවන් ඔබ කෑම සදා අවසන් වූ විගස විනාකිරි මිශ්‍ර ජලයෙන් එය සෝදා තබන්න. එසේම ඔබ මේ සදහා බෝඩ් එකක් භාවිතා කරනවා නම් එය උණු වතුර ලීටර් බාගයකට බේකින් සෝඩා මේස හැදි එකක් එක්කර සාදාගත් ද්‍රාවනය බෝඩ් එක මතට දමා විනාඩි 10 ක් 15 ක් තබා පිරිසිදු වතුරෙන් සෝදාගන්න.

8. Makeup brushes සහ sponges

කාන්තාවන් නිතරම මේ දේවල් ඔවුන්ගේ රුපලාවන්‍ය කටයුතු වලට භාවිතා කරනවා. නමුත් ඔවුන් ඒවා පිරිසිදු කර ගැනීම පිලිබදව නම් අවදානයක් යොමු කරන්නේ නෑ. මේ නිසා පහසුවෙන්ම මේ දේවල් හරහා විසබීජ ශරීරගතවී සමේ විවිධ ගැටළු ඇති විය හැකියි. මේ නිසා මේ දේවල් භාවිතා කරන සෑම අවස්ථාවකින් පසුවම ඒවා හොදින් පිරිසිදු කර ගත යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 132 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:11:21 AM
Script:/article/132/8-things-you-should-clean-every-single-day.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:11:21 AM
Script:/article/132/8-things-you-should-clean-every-single-day.html