දරු ප්‍රසුතියෙන් පසුව ලස්සනට ඉන්නෙ කොහොමද?

April 30, 2019
12,204
How to stay beautiful after delivery?
කාන්තාවක් ජිවිතයේ සුවිශේෂි වු සංධිස්ථානයන් කිහිපයක් පසුකරනවා. තරුණියක්, මවක් වගේම ගෘහනියක් වශයෙන් විවිධ අවශ්ථාවන්හි දී කටයුතු කරන විට කාන්තා ඔබට ඔබගේ ශරීර සෞඛ්‍යය වගේම රූප ස්වභාව පිළිබදව සිතීමට කාලයක් නොමැති වන්නට පුළුවන්. නව යොවුන් වියේදි බොහෝ තරුණියන් ලස්සනට හැඩටවැඩට ඉන්න ඉතාමත් කැමතියි. නමුත් විවාහ වි දරු ප්‍රසුතියෙන් පසුව කාන්තා ඔබට පැවරෙන වගකීම් හා කාර්යබහුල වටපිටාව තුළ බොහෝ අවස්ථාවන්හි රුව ලස්සන පිළිබදව සිතීමට ඇති කාළය වියැකි යන්නට පුළුවන්. නමුත් කාන්තාවක් මවක් වූ අවධියේ පටන් ලස්සනට සිටිම ඉතාමත් වැදගත්. විවාහ වී දරුවන් ලැබුණු පසු බොහෝ දෙනා සිතන්නේ ඉන් තවත් ඉදිරියට තමන්ගේ රුව ලස්සන තබා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ කියලා. නමුත් අපි ජීවන්වන පරිසරය තුළ මෙවැනි පසුබිමක් පැවතියද බොහෝ පෙර අපර දෙදිග රටවල්හි කාන්තාවන් තමාගේ ශරීර සෞඛ්‍ය වගේම රුව ලස්සන පිළිබදව ඉතාමත් සැලකිළිමත්. අන්න ඒ නිසාම බොහෝ  කාලයක් තුළ ඔවුන් ඉතාමත් ලස්සනට වගේම නිරෝගී ජීවිතයක් ගත කරනවා.

දරු ප්‍රසුතියෙන් අනතුරුව කාන්තාවන්ගේ ශරීරය මහත්වීම කාන්තාවට තිබෙන ප්‍රබල ගැටලුවක්. මෙකී ගැටලුව කාන්තා ඔබට සාපේක්ෂ වශයෙන් පැවතිය හැකියි. නමුත් මහත හෝ සිය තරබාරු ශරීරය පිළිබදව අවධානය යොමු කිරීමට කාලයක් ඔබට නොමැති වන්නට පුළුවන්. නමුත් හැඩකාරී තුළින් අද අපි ඔබට කියන්න යන්නේ කාර්යයබහුල වටපිටාවක් තුළ වුවද ඔබගේ ශරීරය හා රුව ලස්සන පිළිබදව සිතා කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැන. විශේෂයෙන්ම ලේසියෙන් ශරීරයේ බර අඩු කර ගන්න පුළුවන් විදියක් ගැන. යොවුන් වියේදි වගේම වයස අවුරුදු හතළිහ පනහේදී ද සෞඛයමත් පරිවෘත්තීය ක්‍රියාවලියක් ඇති කර ගැනීම ඉතාමත් වැදගත්.

ඔබට ඔබ පිළිබදව සිතා ආඩම්බර වෙන්න පුළුවන් සිහින් සිරුරක් හිමි කරගන්න ඔබේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගන්නේ කොහොමද? දවස තුළ ශරීරයේ වැඩි කැලරි ප්‍රමාණයක් දහනය වන ලෙස දවස පුරාම ඔබේ ශරීරය ක්‍රියාශීලීව පවත්වාගත යුතුයි. ආහාර රටාව, ව්‍යායාම වගේම ආතතියෙන් තොර ජීවන රටාවද ශරීර සෞඛ්‍යය යහපත්වා පවත්වා ගැනීමේදී ඉතා වැදගත්.

නිවසේදි වගේම කාර්යාලයේ  පහත සදහන් පුරුදු දින චර්යාවට ඇතුළත් කරගන්න ඔබට හැකියාව තිබේ නම් සුන්දර පෙනුමක් ඔබට පහසුවෙන් ලබාගන්න පුළුවන්.  ඕනෑම ශරීරයක් ලස්සනට පවත්වාගෙන යාමේදී ආහාර රටාව  මගින් සුවිශේෂි වූ බලපෑමක් සිදු කරනවා. ඒ නිසා ප්‍රධාන ආහාර වේල් ත්‍රිත්වය පිළිබදව වඩා වැඩි අවධානය යොමු කරමින් පොෂ්‍යදායී ආහාර රටාවකට හුරු වීම තුළ ඔබේ ශරීරයේ අධික තරබාරු බව කෙමෙන් ඉවත් වී ඉතාමත් සුන්දර වු ශරීරයක් හා සුන්දර පෙනුමක් එකතු කරගන්න පුළුවන්. පිෂ්ඨය, තෙල් සහා අධික පැණි රස අඩංගු කෘත්‍රිම ආහාර රටාවෙන් ඈත් විය යුතුයි. ප්‍රමාණවත් පරිදි ඔබගේ ශරීරයට ජලය නොලැබීම තුළ ඔබේ සිරුර වියලීමෙන් ආකාර්යක්ෂම බවට පත්වන්නට පුළුවන්. එම නිසා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමත් විටමින් වර්ගවලින් පරිපුර්ණ වු එළවලු හා පළතුරු ආහාරයට එකතු කර ගැනීම ඉතාමත් වැදගත්. පිසාසය ඇති වූ විට කුමන හෝ පාන වර්ගයකින් පිපාසයට විසදුම් සොයන්න යන්න එපා. මොකද අධික සීනී හා රසකාරක මිශ්‍ර කර සකස් කරන ආහාර හා පාන වර්ග භාවිතය තුළින් ඔබේ සිරුර තවත් අකර්මණ්‍ය භාවයට පත්කරනවා. ඒ නිසාම ශරීරයට හිතකර පාන වර්ග පමණක් භාවිත කිරීම ඉතාමත් වැදගත්.

ඒ වගේම සෑම දිනකම උදෑසන කාලය තුළ ඔබට සරල ව්‍යායාම කිහිපයක් නිරත වෙන්න පුළුවන් නම් එය ඉතාමත් වැදගත්. ඒ සදහා මිනිත්තු දහයක් පහළොවක් වුවද ඔබට ප්‍රමාණවත්. පයින් ඇවිද යන්න හැකි දුර ප්‍රමාණයක් යෑමට කුමන හෝ වාහනයක් භාවිත නොකර ඒ කුඩා දුර ප්‍රමාණය පයින්ම ඇවිද යන්න පුළුවන් නම් ඔබගේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් වැදගත් වෙයි. දිනකට ඔබ කොපමණ ප්‍රමාණයක් ඇවදින්නේද යන්න ඔබ තක්සේරු කර ගන්න. ඒ සෑම අවස්ථාවකදීම ඔබගේ ශරීරයේ කැලරි දහනය වන බැවින් එම ප්‍රමාණය දවසින් දවස ඒ ප්‍රමාණය වර්ධනය කරගන්න.

අපි කතාවට අහලා තියෙන්නේ උදෑසන ආහාරය රජෙක් වගේ ගන්න කියලනෙ. නමුත් නවතම පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා උදෑසන ආහාරය පොෂ්‍යදායීව ප්‍රමාණවත්ව ලබා ගැනීම වැදගත් බව. මොකද අපි රජෙක් වගේ කන්නේ පෝෂ්‍යදායී නොවූ ගුණයෙන් තොර වූ ආහාර. එවැනි ආහාර තවදුරටත් අපේ ශරීරය ලසස්ස කරනවා වෙනුවට ශරීරයේ නිරෝගී බව අවම කරනවා. විශාල ආහාර වෙලකින් වැලකී ප්‍රෝටීන්, විටමින් හා ඛනිජලවන අඩංගු ආහාර ලබා ගැනීම ප්‍රමාණවත්.

ඒ වගේම අද තාක්ෂණය ගොඩක් දියුණුයි. හැකි සෑම අවස්ථාවකදීම අන්තර්ජාලය වෙත යොමු වීමේ පහසුකම ඔබට තිබෙනවා. ඒ නිසා යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස්, විඩියෝ ඔබට අන්තර්ජාලය තුළින් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම ඔබ ඔබගේ ශරීර සෞඛ්‍යය පිළිබදව සිතන ප්‍රමාණය අනුව ඔබට සාර්ථක ප්‍රතිඵල කරා ගමන් කළ හැකියි. අධික රුධිර පීඩනය, තරබාරුබව,
ගැස්ට්‍රටීස්, දියවැඩියාව ආදී විවිධ රෝගවලින් ඔබව සුරක්ෂිතද වෙනවා.

හැකි සෑම විවේකී අවස්ථාවකදීම ඔබගේ ශාරීරික ක්‍රියාකාරීත්වයන් වඩාත් යහපත්ව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. කම්මැලි හිතෙන වෙලාවට පුළුවන් නම් ඔබ යාලුවෙක් එක්ක ඇවිදින්න හෝ  ජීම් එකකට යාම පුරුද්දක් කරගන්න. ඔබ මවක් වීමට පුර්වයේදී මෙන්ම මවක් වු අවධියෙන් පසු කාලය තුළද ඔබගේ ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන්න. එවිට ඔබ සමාජයේ අන්‍ය පිරිස් අතර මවක්, බිරිදක්, වගේම ගෘහනියක් වශයෙන් ද සුවිශේෂි කැපි පෙනෙන කාන්තා චරිතයක් බවට පත් වේවී.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1315 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:03:17 AM
Script:/article/1315/how-to-stay-beautiful-after-delivery.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:03:17 AM
Script:/article/1315/how-to-stay-beautiful-after-delivery.html