අම්මා කෙනෙක්ට ගර්භණී සමයේදී සිරුර මත ඇති වෙන කැසීම් සඳහා පිළියම්

November 22, 2020
27,413
Remedies for skin itchiness in pregnancy
දරුවෙක් කුස තුල වැඩෙනවා කියන්නේ නිසැකවම අම්මා කෙනෙක් ට ආශීර්වාදයක්. ඒත් ගර්භණී භාවයත් එක්ක පටන් ගන්න සමහර කාරණා නිසා ඔයාව කලකිරීමට පත් වෙන්න පුලුවන්. ඒ වගේ එක ගැටළුවක් තමයි අපි අද කියන්න යන්නේ. ගර්භනී කාන්තාවන් තුළ නිතරම කැසීම් දකින්නට ලැබෙනවා.

අමතර රුධිර පොම්ප කිරීම, සම ඇදීම, වියලි සම සහ හෝමෝන වෙනස් වීමවගේ දේවල් සමඟ කැසීම වගේ අතුරු ආබාධ ඇති වීම පුදුමයක් නෙමෙයි. නමුත් කරදර වෙන්න ඕනේ නෑ. ගර්භණී සමයේදී ඇති වෙන කැසීම් වළක්වා ගැනීම සඳහා ඔබට වැදගත් වෙන ස්වාභාවික හා ආරක්ෂිත නිවෙස් පිළියම් කිහිපයක් මෙන්න. මේ ලිපිය කියවලාම බලන්නකෝ...

1. ඔට්ස්
වතුර පුරවා ඇති භාජනයකට ඔට්ස් කෝප්පයක් එක් කරලා විනාඩි 20 ක් පමණ පොඟවා ගන්න.
ඔබට පොඟවා ගත් ඔට්ස් ටිකක් මස්ලින් රෙදි කැබැල්ලකට බැඳලා ඒකෙන් නාන විට ඇඟ අතුල්ලන්න.
මෙම සත්කාරය දිනපතා භාවිතා කරන්න පුලුවන් .
ඔට්ස් වල සමේ ඉදිමුම සහ දැවිල්ල සමනය කරන සහ කැසීම වලකන ගුණ ඇති අතර එය කැසීම් අඩු කිරීමට උපකාරී වෙනවා.

2. පොල්තෙල්
ඔයාගේ අතේ කාබනික පොල්තෙල් ටිකක් අලේප කර ගෙන කැසීම් ඇති ප්‍රදේශවල මෘදු ලෙස සම්බාහනය කරන්න.
එය සේදීමට පෙර එක රැයක් හෝ මිනිත්තු 30 ත් 40 ත් අතර කාලයක් සමේ තබන්න. මේක අවම වශයෙන් දිනකට එක් වරක්වත් කරන්න ඕනේ.
පොල්තෙල් වල ඉදිමුම සහ දැවිල්ල සමනය කරන ගුණ ඇති අතර එය සමේ කැසීම් සමනය කරනවා. ඒකෙන් සමේ තෙතමනයද රඳවන නිසා ඒක වියළි සම නිසා ඇතිවන සමේ කැසීම් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ද හොඳම විකල්පයක්.

3. කෝමාරිකා ජෙල්
කෝමාරිකා ජෙල් ටිකක් අර ගෙන කැසීම් ඇති කරන ප්‍රදේශයට අලේප කරලා මිනිත්තු 20 සිට 30 අතර කාලයක් තබන්න.
පස්සේ වතුරෙන් සෝදා සම වියළා ගන්න.
මෙම සත්කාරය දිනකට 2 සිට 3 වතාවක් කරන්න පුලුවන් .
කෝමාරිකා කියන්නේ විවිධ සමේ රෝග හා ආසාදන සඳහා ප්‍රතිකාර කිරීම සඳහා හොඳම පිළියමක්. එහි අඩංගු වන සංඝටක වල සමේ ඉදිමුම සහ දැවිල්ල සමනය කරන ගුණ ඇති අතර කැසීම් සමනය කිරීමට ද උපකාරී වෙනවා.

6. අයිස් සම්පීඩනය
කැසීම් ඇති ප්‍රදේශවල අයිස් කැට වලින් සම්බහනය කරන්න. මිනිත්තු 5 ක් පමණ තබන්න. සෑම මිනිත්තු කිහිපයකටම පස්සේ 3 වතාවක් මේ ක්‍රියාවලිය නැවත කරන්න. මෙය දිනපතා තුන් වරක් කරන්න.
අයිස් සම්භාහනය සිසිලනය සහ ඉදිමීම අඩු කරන අතර කැසීම් වලින් ක්ෂණික සහනයක් ද ලබා දෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1913 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:46:48 AM
Script:/article/1913/remedies-for-skin-itchiness-in-pregnancy.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:46:49 AM
Script:/article/1913/remedies-for-skin-itchiness-in-pregnancy.html