පෙම්වතා වෙනුවෙන් නොකළ යුතු දේවල් කිහිපයක්

May 9, 2019
14,920
Things you should not do for your lover
ආදරය කරන්න, ආදරය විඳින්න කොයි කවුරුත් එක වගේ කැමතියි වගේම ආදරය කියන්නේ ඉතාමත් සුන්දර අත්දැකීමක් කියලා ආදරය කරන යුවතියන්, ආදරය විදින යුවතියන් හැමෝම වගේ හොඳින් දන්නවා. පෙම්වතා සහ පෙම්වතිය ආදර සම්බන්ධතාවක් පටන් ගන්නේ ගොඩක් දුර ගමනක් යන්න හිතාගෙන. නමුත් පෙම්වතා වෙනුවෙන් නොකළ යුතු දේ කිරීම නිසා හිතුවටත් වඩා ඉක්මනට ආදර කතාව දෙදරා යන්න ඉඩ තියෙනවා. අද හැඩකාරී අපි ඔයාට පෙම්වතා වෙනුවෙන් නොකළ යුතු දේවල් කිහිපයක් ගැන මේ ලිපියෙන් කතා කරන්නයි යන්නේ. ආදර කතාවක පෙම්වතියකට අවශ්‍ය වන්නේ තමන්ගේ ප්‍රේම සබඳතාවය තුල ප්‍රීතිමත්ව ජිවත් වීමයි. ඉතින් සමහර අවස්ථාවන් වලදී සමහර දේවල් කරන්න ගිහින් මේ ප්‍රීතිමත් භාවය අහිමි කර ගන්නවා.

අනුකම්පා කිරීම

අපි කාටත් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් පෙම්වතාට ඇති වන ප්‍රශ්න වලදී, පෙම්වතාගේ දුකේදී ඔයා ඔහුට අනුකම්පා කරන බව පෙන්වන්න ගියොත් නම් ආදර සම්බන්දතාවය නවතින්න ඉඩ තියෙනවා.ඊට හේතුව පිරිමි පාර්ශවය කවදාවත් කැමති නැහැ කාගෙන්වත් අනුකම්පාවක්, සරණයක් ලබා ගන්න. ගැහැණු පාර්ශවය තමන්ට අනුකම්පා කරන පෙම්වතුන්ට කැමති වුනත්, පිරිමි පාර්ශවය නම් එහෙම නැහැ. තමන්ගේ පෙම්වතිය තමන්ට අනුකම්පා කරන බව දැනෙන බව හැගුණ විටදී ඔහුගේ යටි සිතෙන් ඔහුට අපහසුතාවයක් මදි කමක් දැනෙන්න පටන් ගන්නවා. බුද්ධිමත් නුවනින් යුතු පෙම්වතියන් නම් තමන්ගේ පෙම්වතාට අනුකම්පා කරන්න යන්නේ නැහැ. යුවතියන් අනුකම්පා කරනවා වෙනුවට පෙම්වතාව වචනයෙන් සහ ක්‍රියාවෙන් ධෛර්යමත් කිරීම වඩා යෝගයයි.

පාලනය කරන්නට යාම

සමහර පෙම්වතියන් පෙම්වතා කල යුතු දේවල් ගැන කියමින් පෙම්වතාට බලපෑම් කරන්න උත්සහ කරනවා. සමහර විට පෙම්වතිය කියන දේ හරි වෙන්න ඇති. නමුත් පෙම්වතාව පාලනය කිරීමට යාමෙන් ඔහු ඔයාගේ ක්‍රියාවන් පිලිබදව අපහසුතාවයට පත් වෙනවා. පිරිමි පාර්ශවය කැමති නැහැ ඔවුන්ට සෘජුව බලපෑම් එල්ල කරනවාට. කාන්තාවකට පුළුවන් තමන්ගේ අදහස් උපක්‍රමශීලි විදිහට ඔහුට ප්‍රකාශ කරන්න. යුවතියක් වර්තමානයට ගැලපෙන විදිහට ස්මාට් නම් ලේසියෙන්ම ඔහුව තමා වෙත නම්ම ගන්න ලේසියි. පෙම්වතාට ගැටළුවක් ඇති වෙන්නේ නැති විදිහට වචන වලින් උපායශීලිව ආදරයෙන් ඔයා ළඟට ගැනීමෙන් ආදරය රැක ගන්න උදව්වක්, උපකාරයක් වේවී. 

ප්‍රශ්න විසඳන්නට යාම

පෙම්වතියකගේ රාජකාරිය වන්නේ පෙම්වතාගේ ප්‍රශ්න වලදී ඔහුගේ ශක්තිය වී හිඳීම මිස ප්‍රශනය තුලට මැදිහත් වී ප්‍රශනය විසඳීම නොවෙයි. ප්‍රශ්නයට පිළිතුරක් සේ ඔබට හැඟෙන අදහස් කිව්වාට කිසිම ප්‍රශ්නයක් නැහැ. පෙම්වතාගේ ප්‍රශ්න වලට අත දාලා ඒවා විසඳලා දෙන්න ගියාම නැති ප්‍රශ්න ඇති වෙනවා. පෙම්වතාට ඔහුගේ ප්‍රශ්න තනියම විසඳා ගන්නට ඉඩ හැරිය යුතුයි. පෙම්වතාට හීනමානයක් දැනෙන්නට පටන් ගැනීමෙන් ඔහු තුළ නොසන්සුන් බවක් දැනෙනවා. ඔයාලා දෙන්නා අතර තියෙන බැඳීම ශක්තිමත් කර ගන්න. ප්‍රශ්න විසඳන්න යාම ඔයලාගේ ආදර කතාවෙන් දුරස් කරලා තියෙන තරමට හොඳයි. 

තමන්ගේ කැමැත්ත වෙනස් කර ගැනීම

සමහර පෙම්වතියන් තමන්ගේ ඇඳුමේ පැළඳුමේ ඉඳලා තමන්ගේ පෙම්වතාට ඕනේ විදිහට වෙනස් කර ගන්නවා. ඒත් ඒ වෙනස් වීම නිසා හානි වෙන්නේ පෙම්වතියටමයි. පෙම්වතා දහසක් අතරේ ඔයාව තෝර ගන්නේ ඔයාගේ තියෙන විශේෂත්වය නිසයි. ඔයා වෙනස් වෙන්න උත්සහ කරන විට ඔහුට ඔයාව මග හැරෙන්න ඉඩ තියෙනවා. ඔයාගේ නියම ස්වභාවයට කැමති කෙනෙක් ඔයාට ලැබීමේ අවස්ථාව ඉන් පෙම්වතියට අහිමි වෙනවා. උපතේ සිට ඔයා ළඟ තිබුණු පුරුදු, කැමති දේවල් වෙනත් කෙනෙකුට අවශ්‍ය පරිදි වෙනස් කරන්නට යන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1323 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:42:07 AM
Script:/article/1323/things-you-should-not-do-for-your-lover.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:42:07 AM
Script:/article/1323/things-you-should-not-do-for-your-lover.html