කුරුලෑ කැළැල් අඩු කරන්න ගත හැකි ආහාර 5 ක්

August 19, 2020
9,920
5 foods to reduce acne scars
කුරුලෑ කැඩී යාමෙන් සමට හා ඊට යටින් ඇති පටක වලට හානි සිදු වෙනවා. ශරීරය මෙම හානිය අලුත්වැඩියා කිරීමට උත්සාහ කරන්න කොලජන් නිපදවනවා. ශරීරය කොලජන් ඉතා අඩු හෝ වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ නම්, තුවාලය ඇති වූ තැන කැළලක් ඇති වෙනවා. රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ කුරුලෑ කැළැල් වලට එරෙහිව සටන් කිරීමට බොහෝ ක්‍රම සොයාගෙන තියෙනවා. නමුත් රසවත් හා සෞඛ්‍ය සම්පන්න ආහාර කිහිපයකට පුළුවන් කුරුලෑ කැළැල් අඩු කරන්න. අපි දන්න විදිහට දැනට ඇති පහසුම හා ස්වාභාවික ක්‍රමය මෙයයි.

දීප්තිමත් සමක් ලබා ගැනීමට, කුරුලෑ කැළැල් අඩු කිරීමට සහ ඔයාගේ සෞඛ්‍යයට ප්‍රයෝජනවත් වන රසවත් ආහාර කිහිපයක් මෙන්න.

වට්ටක්කා
වට්ටක්කා  niacin, ෆෝලේට්, විටමින් A සහ B, සින්ක් වලින් පොහොසත්.
එය කරන්නේ කුමක්ද: 
niacin සහ ෆෝලේට් රුධිර සංසරණය වැඩි කරයි, සෛල අලුත් කිරීම වැඩි දියුණු කරයි, කුරුලෑ වලට ප්‍රතිකාර කිරීමේදී ප්‍රයෝජනවත් වෙනවා. වට්ටක්කා ඇට වල සින්ක් අඩංගු වන අතර එය හෝමෝන මට්ටම සහ තෙල් නිෂ්පාදනය පාලනය කිරීමට සහ සම සුව කිරීමට උපකාරී වේ. විටමින් A කුරුලෑ කැළැල් අවම කිරීමට උපකාරී වේ.

2. ලෙමන්
ලෙමන් යුෂ සමේ සෛල සහ පටක හැකිලීම කරන්න පුලුවන් ස්වාභාවික රසායන අඩංගු ආහාරයක්. එය සම පැහැපත් කරවන අතර කැළැල් වලට එරෙහිව සටන් කරයි.
එය කරන්නේ කුමක්ද?
ලෙමන් පීල් වල ඔයාගේ සමට ආරක්ෂිත හා ප්‍රතිදේහජනක බලපෑම් ඇති කරන ෆ්ලේවනොයිඩ් අඩංගු වෙනවා. ලෙමන් යුෂ සමග උණුසුම් ජලය වීදුරුවක් පානය කිරීමෙන් හෝ සලාදයකට ලෙමන් යුෂ එක් කර ආහාරයට ගැනීමෙන්  ඔයාගේ දවස ආරම්භ කිරීමට, සෞඛ්‍ය සම්පන්න සහ දීප්තිමත් සමක් ලබා ගැනීමට උපකාරී වේවි.

3. බතල
බතල වල රෙටිනෝල් සහ බීටා-කැරොටින් අඩංගු වෙනවා.
ප්‍රතිඵලය කුමක්ද?
ඔයාගේ ශරීරය බීටා-කැරොටින් විටමින් A බවට පරිවර්තනය කරනවා. මෙම විටමින් බොහෝ විට නිදහස් රැඩිකලුන් නිසා ඇති වන දුර්වර්ණ වීම, දැවිල්ල හා කැටි ගැසුණු සිදුරු වලට එරෙහිව සමේ බාධකයක් ලෙස ක්‍රියා කරයි. රෙටිනෝල් යනු රූපලාවණ්‍ය නිෂ්පාදන, කුරුලෑ, සිහින් රේඛා සහ කැළැල් වලට එරෙහිව සටන් කරන බැවින් බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදන වල ප්‍රධාන අංගයක්. ඉතිං මිල අධික කීම් මිලදී ගැනීම වෙනුවට, ඔයාගේ ආහාර වේලට බතල එකතු කර ගන්න.

4. පැපොල්
පැපොල් කියන්නේ පැපේන් නම් ආහාර ජීර්ණ එන්සයිමයන්ගෙන් පොහොසත් පලතුරක්.
එය කරන්නේ කුමක්ද? 
පැපේන් මිය ගිය සමේ සෛල ඉවත් කිරීමට සහ කුරුලෑ කැළැල් මැකීමට උපකාරී වෙනවා. එමඟින් ඔයාගේ සම සජලීකරණය කරයි.

5. ගෝවා මල්
ගෝවා මල් වල විටමින් C සහ histidine නම් ප්‍රබල ඇමයිනෝ අම්ලය අඩංගු වනවා.
එමගින් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද?
පවතින අඳුරු ලප සහ හානිකර පාරජම්බුල කිරණවලින් ඔයාගේ සම ආරක්ෂා කරනවා. අපි ගන්නා ඇතැම් ආහාර හෝ ඖෂධ නිසා සෛල වලට කරන හානිය විටමින් C වලින් වලක්වනවා. එපමණක් නොවෙයි අප ගන්නා ආහාර වල ඇති යකඩ ශරීරයට උරා ගන්න, තුවාල හොඳ කරන්න මෙන්ම කැළැල් මකා දමන්නත් විටමින් C අතිශයින්ම වැදගත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1782 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:53:17 PM
Script:/article/1782/5-foods-to-reduce-acne-scars.html
Referer:http://hadakari.com/article/1167/food-that-ruin-our-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:53:18 PM
Script:/article/1782/5-foods-to-reduce-acne-scars.html
Referer:http://hadakari.com/article/1167/food-that-ruin-our-skin.html