ඔබගේ හිසකෙස් වර්ණ ගැන්වීම හෝ ඩයි කිරීම නතර කළ හොත් කුමක් සිදුවෙයිද?

December 21, 2021
21,889
What will happen if you stop colouring your hair?
කාන්තා අප විවිධ විලාසිතා අනුගමනය කිරීමට දක්වන්නේ දැඩි උනන්දුවක්.. ඒ වගේම හිස කෙස් සඳහාත් විවිධ වර්ණ ගැන්වීම් සහ අකලට හිසකෙස් පැසීම් වැනි තත්ත්වයන් තිබේ නම් හිසකෙස් ඩයිකිරීම වැනි දෑ සඳහා නිරන්තරයෙන් යොමුවනවා.. නමුත් ඔබ හිසකෙස් වර්ණ ගැන්වීම, ඩයි කිරීම ආදි සියල්ල නතර කලහොත් කුමක් සිදුවෙයිද..?

එසේනම් මෙන්න..

ඔබගේ මුදල් ඉතිරිවීම


ඔබ හිසකෙස් නිවසේ සිට ඩයි වර්ගයක් යොදා හිසකෙස් වර්ණ ගැන්වූවත් කොණ්ඩා මෝස්තර ශිල්පියකු හමුවට ගියත් ඒ සඳහා මුදල් වැයවනවා.. නමුත් ඔබ ඒ කිසිවක් නොකර ඔබගේ ස්වභාවික හිසකෙස් වර්ණය විශ්වාස කර සිටිනවා නම් ඔබගේ මුදලත් කාලයත් ඉතිරි වනවා.

හිසකෙස් වඩාත් සෞඛ්‍ය සම්පන්න බවක් ඔබට දැනේවි


හිසකෙස් වර්ණ ගැන්වීම, ඩයි කිරීම ආදි සියල්ල සඳහා බොහෝවිට යොදාගන්නා නිශ්පාදන වල රසායන ද්‍රව්‍ය බහුල ලෙස අඩංගු වනවා.. එයින් බොහෝ විට හිසකෙස් වල නිරෝගිතාවයට හානි සිද්ධ වනවා.. නමුත් ඔබ ඒ සියල්ලෙන් විරාමයක් ගත්විට ඔබට ඔබගේ හිස්කළඹ වෙනදාට වඩා නිරෝගි සහ සෞඛ්‍ය සම්පන්න බවක් දැනේවි.

විවිධ විලාසිතා කිරීම අපහසු විය හැකියි


ඔබ ස්වභාවිකවම ස්ට්‍රේට් කොණ්ඩයක හිමිකාරිණියක් නම් ස්වභාවික කොණ්ඩය ගෙතීම හෝ බැඳීම වැනි විලාසිතා නීට් එකට කරන්න ටිකක් අපහසුයි.

හිසකෙස් සිහින් (තුනී) පෙනුමක් ගැනීම


ඔබ සිනිදු කෙස් කළඹක හිමිකාරියක් නම් එහි ප්‍රමාණය වැඩි බවක් ගෙනදීමට හිසකෙස් වර්ණ ගැන්වීමෙන් හැකියාව ලැබෙනවා. බොහෝ කාන්තාවන් තම හිසකෙස් වර්ණ ගැන්වීමේදි ප්‍රමාණය වැඩිකර පෙන්වීමට highlights සහ lowlights ලෙස වර්ණ ගන්වනවා. නමුත් වර්ණ ගැන්වීමෙන් වැළකුණ විට කෙස් කළඹ වඩාත් සිහින් ස්වභාවයක් ගනී.

ඔබට ඒකාකාරි ස්වභාවයක් දැනිය හැකියි


බොහෝ කාන්තාවන් තම හිසකෙස් වර්ණ ගැන්වීම වැනි විලාසිතා සඳහා පෙළඹෙන්නේ පෙනුමට වෙනසක්, ඒකාකාරි ස්වභාවයෙන් මිදීමට වැනි හේතූන් සඳහායි.. නමුත් හිසකෙස් සඳහා කිසිදු විලාසිතාවක් නොකර සිටීමෙන් ඔබට ඒකාකාරි බවක් දැනිය හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2112 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:51 AM
Script:/article/2112/what-will-happen-if-you-stop-colouring-your-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:51 AM
Script:/article/2112/what-will-happen-if-you-stop-colouring-your-hair.html