එයාගේ හිතේ ඔයා ගැන ආදරයක් ඇති කරවන්නේ මෙන්න මෙහෙමයි

June 6, 2018
10,117
How to make him fall in love with you
අපේ හිතේ ඉන්න කෙනෙක්ගේ ආදරේ අපිට හිමි වෙනවා නම් ඒක මොන තරම් නම් සතුටක්ද? ඒත් ඒක හැම වෙලාවකම එහෙම වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි ආදරේ කරන, අපිට ඕන කෙනාගේ ආදරේ අපිට හිමි වෙන්නේ නැහැ. එහෙම තනියම ආදරේ කරන්න වුනහම එක අතකින් ඒකත් ලොකු දුකක්නේ. ඒ වගේ ඒක පාර්ශවියව ආදරේ කරන්නනේ නැතුව ඔයාගේ හිතේ ඉන්න කෙනාගේ හිතෙත් ඔයා ගැන ආදරයක් ඇති කරවන්නේ මෙහෙමයි. 

බලාපොරොත්තු නැති කර ගන්න එපා

බලාපොරොත්තු තමයි අපිව ජිවත් කර වන්නේ. ඒ නිසා කවදාවත් ජිවිතේ ගැන තියන් ඉන්න බලාපොරොත්තු නැති කර ගන්න එපා. ඒ වගේම ඔයා ගැන හොඳ ආත්ම විශ්වාසෙකින් ඉන්න. ඔයාගේ හිතේ කෙනෙක් ඉන්නවා නම් 'එයා මට ආදරේ කරන එකක් නැහැ, මට එයා නැති වෙයි' වගේ ඍනාත්මක දේවල්  හිතන්න එපා. හැම වෙලාවේම දුකෙන්, කලකිරීමෙන්, අඬ අඬා ඉන්න එපා. එහෙම වුනොත් ඔයාව දකින කෙනෙක් වත් ඔයාට කැමති වන්නේ නැහැ.

දකින දකින අයව අනුකරණය කරන්න එපා

මේක ගොඩාක් ගෑණු ළමයි කරන වැරද්දක්. අනිත් අය අඳින පළඳින විදිය, කතා බහ කරන විදිය වගේ ගොඩක් දේවල් අනුකරණය කරන්න යනවා. එහෙම නොවී ඔයාටම කියලා අනන්‍යතාවයක් හදා ගන්න. ඒක ගොඩාක් වැදගත්. දකින දකින දේවල් පස්සේ යන කෙනෙක්ට වඩා ස්වාධින විදියට හිතන පතන, ජිවත් වෙන කෙනෙක්ට අනිත් අයව ආකර්ෂණය කර ගැනීමේ හැකියාව තියෙනවා. 

මේකෙදි ඔයාගේ පෙනුමත් වැදගත්

තව කෙනෙක්ගේ අවධානය දිනා ගන්න අපේ පෙනුම අනිවාර්යෙන් බලපානවා, ඒ නිසා හැම වෙලවකම අනිත් අයට ප්‍රියමනාප විදියට ඉන්න. කලින් කිව්වා වගේ තමන්ට නොගැලපෙන දකින දකින විලාසිතා කරලා මිනිස්සු හිනස්සනවා වෙනුවට තමන්ට ගැලපෙන සුදුසු විලාසිතා කරන්න. හැම වෙලාවකම පිරිසිදුව හා ලස්සනට ඉන්න.

ඔයාගේ අනවශ්‍ය කියවිල්ලට නම් කවුරුවත් කැමති වෙන්නේ නැහැ

කියවිල්ල අඩු කෙල්ලෝ නම් හොයාගන්න අමාරුයි. ඒත් ඔයා අනවශ්‍ය විදියට කතා කරන කෙනෙක් නම් ඒ කියන්නේ අහගෙන ඉන්න අයට ඔයාව එපා වෙන තරමට ඔයාගේ කච කචේ නම් කවුරුවත් ඒකට කැමති නැහැ. ඔයාට කැමැත්තෙන් ඉන්න කෙනෙක් වුනත් ඒ අදහස අත්හැර ගන්න ඉඩ තියෙනවා.

ඒ වෙනුවට සවන් දෙන්න පුරුදු වෙන්න.

තව කෙනෙක් කතා කරද්දී මැද්දට පනින්නේ එපා. ඒක ඔයාගේ ප්‍රතිරූපයට ගොඩක් හානි කරනවා. අහන් ඉන්න කෙනෙක් උනත් ඔයා ගැන අපැහැදීමක් ඇති කර ගන්න ඒක හේතු වෙනවා. ඒ නිසා අනිත් අයට ඇහුන්කන් දෙන්න පුරුදු වෙන්න. ඔයාගේ මේ ලක්ෂණ දකින කෙනෙක් කිසිම වෙලාවක ඔයාව ප්‍රතික්ෂේප කරන එකක් නැහැ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 857 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:11 AM
Script:/article/857/how-to-make-him-fall-in-love-with-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:12 AM
Script:/article/857/how-to-make-him-fall-in-love-with-you.html