මුරුංගා කොළවල රස දන්නව උනාට මේ ගුණ ගැන දැනන් හිටියද?

December 13, 2019
13,098
Did you about the qualities of drumstick leaves?
මුරුංගා කොළ කියන්නේ වසර දහස් ගණනක් තිස්සේ එහි සෞඛ්‍ය ප්‍රතිලාභ වෙනුවෙන් ප්‍රශංසාවට ලක් වූ ශාකයක්. ඖෂධ සෑදීම සඳහා ඒවායේ කොළ, පොතු, මල්, බීජ සහ මූල භාවිතයට ගන්නවා. මුරුංගා කොළවල පෝෂණ සාන්ද්‍රණය ඉතා වැඩියි. ඒ වගේම ශරීරයේ විෂ ඉවත් කිරීමේ හැකියාවද මුරුංගා කොළ වල පවතිනවා. අද හැඩකාරී අපි ඔයාට මුරුංගා කොළ මගින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ගැන මේ ලිපියෙන් කියලා දෙනවා. 

ඉතා පෝෂ්‍යදායී

මුරුංගා ගස උතුරු ඉන්දියාව නිජබිම කරගත් තරමක් විශාලව හැදෙන ගසක්. මුරුංග‍ා එළවළුවක් ලෙසත් නම් කරනවා. මුරුංගා පෝෂණ ගුණ රාශියකින් සමන්විත ඖෂධීය වටිනාකමක් ගෙන දෙන ශාකයක්. මුරුංගා කරල් මෙන්ම පත්‍ර ද ආහාරයට ගැනීමෙන් පෝෂණ ගුණ නොඅඩුව ලබාගත හැකියි. 

   මුරුංගා පත්‍ර වල අඩංගු පෝෂණ ප්‍රමාණය                          දිනකට නිර්දේශිත මාත්‍රාව 
                    ප්‍රෝටීන්                                                                                  2g 
                    විටමින් බී 6                                                                          19%
                    විටමින් සී                                                                             12%
                    යකඩ                                                                                    11%
                    විටමින් A                                                                                9%
                    මැග්නීසියම්                                                                           8%

බටහිර රටවල මුරුංගා කොළ වියළා කුඩු කර හෝ කැප්සියුල ආකාරයෙන් නිෂ්පාදනය කර වෙළඳපොලට ඉදිරිපත් කරනවා.

ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්

මුරුංගා කොළ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පොහොසත්. එහි අඩංගු බීටා කැරොටින්, විටමින් C හා විටමින් E ප්‍රධාන ප්‍රති ඔක්සිකාරක විටමින් ලෙස සැළකෙනවා. ප්‍රතිඔක්සිකාරක ස්වභාවිකව එළවළු හා පළතුරු වල බහුලව තිබෙනවා. මුරුංගා කොළ වල ප්‍රතිඔක්සිකාරක ශාක සංයෝග කිහිපයක් සොයාගෙන තිබෙනවා. මුරුංගා වල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක නිසා රුධිර පීඩනය අඩු කිරීමට හැකි වන අතර ආහාර ගැනීමෙන් පසු රුධිරයේ සීනි මට්ටම මධ්‍යස්ථ කිරීමට උපකාරී වෙනවා. මුරුංගා කොළ සාරය ආහාර කල් තබා ගන්නා ද්‍රව්‍යයක් ලෙසද භාවිතා කළ හැකියි. 

දැවිල්ල අඩු කරයි

දැවිල්ල කියන්නේ ආසාදන හෝ තුවාල වලට දක්වන ස්වාභාවික ප්‍රතිචාරයයි. දිගින් දිගටම පවත්නා දැවිල්ල, හෘද රෝග හා පිළිකා ඇතුළු බොහෝ නිදන්ගත රෝග සඳහා මුරුංගා විසඳුමක්.

කොලෙස්ටරෝල් අඩු කළ හැක 

මුරුංගා කොළ මගින් අධික කොලෙස්ටරෝල් නිසා ඇති වන හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරනවා. බොහෝ ශාක ආහාර මගින් කොලෙස්ටරෝල් අඩු කළ හැකියි. උදාහරණයක් ලෙස හණ ඇට, ඕට්ස් සහ ආමන්ඩ් මේවාට ඇතුළත්. 

මුරුංගා කොළ ඇස් වලට නිරෝගී බව ගෙන දෙන අතර සමෙහි සහ අස්ථි වලට නිරෝගී බව මෙන්ම සිරුරේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට ද දායක වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1484 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:13:59 AM
Script:/article/1484/did-you-about-the-qualities-of-drumstick-leaves.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:13:59 AM
Script:/article/1484/did-you-about-the-qualities-of-drumstick-leaves.html