දරුවා පවුල තුළම තියා ගන්න පොඩි ටිප්ස් 05ක්

June 18, 2019
11,525
5 tips to keep your child in side family
පුංචි දරුවන්ට කවලා පොවලා උස් මහත් කරලා ආදරයෙන් රැක බලා ගන්න එක තමා දෙමාපියන්ගේ වගකීමක් වගේම යුතුකමක්. අද ගොඩක් නිවෙස් වල දකින්නට ලැබෙන දෙයක් තමයි දෙමව්පියෝ දෙන්නා සහයෝගයෙන් ඉද්දි දරුවෝ තම තමන්ගේ කාමර ඇතුලේ තනියෙන් හෝ පරිඝනකය එක්ක ජීවත් වෙන එක. දරුවෝ ඒ ක්‍රමයට ඇබ්බැහි වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. ඊට කලින් ඔයාගේ දරුවට පවුල කියන වචනයේ සුන්දරත්වය අවබෝධ කරලා දෙන්න උත්සාහ කරන්න. අද හැඩකාරී අපි ඔයාට දරුවා පවුල තුළම තියා ගන්න පොඩි ටිප්ස් 05ක් ගැන මේ ලිපියෙන් කියලා දෙනවා.

පවුලේ අතීතය ගැන කතා බහ කරන්න 

සමහර විට ඔයාලා දෙන්නා මේ තැනට ආවේ අතීතයේදී ගොඩාක් කැප කිරීම් කරලා වෙන්න ඇති. ඔයා විඳපු දුක දරුවන්ට අත් කර නොදෙන්නයි ඔයා මේ තරම් කැප කිරීම් කළේ. නමුත් ඔයා ඔයාගේ දරුවන්ව ඒ ගැන දැනුවත් කරලා තියන්න. ඔවුන්ට අද සැප සම්පත් ලැබුණේ එදා ඔයා විඳපු දුක් වල ප්‍රතිඵලයක් විදිහට කියලා ඔවුන් දැන ගත්තම ඔවුන් පවුල සමග ගොඩක් ආදරයෙන් සහ ගෞරවයෙන් බැඳෙනවා.

ඔයාගේ තුරුණු වියේ, ළමා කාලයේ සොඳුරු සිදුවීම්, විශේෂ සිදුවීම, කෙටියෙන්ම කියනව නම ඒ ඒ අවස්ථාවට ගැලපෙන ඕනෙම මතකයක් ඔවුන් එක්ක බෙදාගන්න.

කෑම මේසයේ ආහාර ගන්න

දරුවට කවදාවත් කාමරය ඇතුලේ ආහාර ගන්න ඉඩ දෙන්න එපා. කෑම කන වෙලාවට පවුලෙ සැවොම එකතු වෙලා කෑම කන්න. මේ දේවල් පොඩි කාලයේ ඉඳලාම පුරුදු කළොත් දරුවා දෙමව්පියන්ගෙන් ඈත් වෙන්න උත්සහ කරන්නේ නැහැ. ආහාර සකස් කරද්දීත් දරුවන්ගේත් උදව් ගන්න.

සති අන්තය නිවාඩුව ගත කරන්න

ගෙදර හැමෝම ගෙදර ඉන්න දවසේ ටීවී එක වෙනුවෙන් කාලය නාස්ති කරලා දාන්න එපා. කට්ටිය එකතු වෙලා පුංචි විනෝද චාරිකාවක් යන්න නැති නම් නිවාඩුව ගෙවත්තේ ගත කරන්න. දරුවෝ එක්ක මුහුදු වෙරළකට, චිත්‍රපටයක් නරඹන්න යන්න. දරුවෝ එක්ක සති අන්තය නිවාඩුව ගත කරන්න කල්තියාම උපරිමව සැලසුම් කරන්න.

ගෙදර ඉන්න දවසෙත් එලියට යන්න වෙන එක, කාලය හදා ගන්න බැරි එක, මූල්‍යමය ගැටළු වගේ ප්‍රශ්න නිසා අපි මේ දේවල් මග හරිනවා. ඒත් ඔයාල හිතන්නේ නැති තරම් වෙනසක් පවුල තුල මේ කාරණයට ඇති කරන්න පුළුවන්. ලොකුවට සල්ලි වියදම් කරන්නේ නැතිව නිවස ආසන්නයේ ඇති පාක් එකකට, පන්සලට පල්ලියට යන්න. මෙන්න මේ කාරනය පුරුද්දක් කරගත්තොත් ඉබේම ඔබේ පවුලේ එකමුතුව සහ සතුට ඇති වේවි.

සිනහවෙන් කාලය ගත කරන්න

දරුවෝ එක්ක එකට ඉන්න වෙලාවට විහිළුවෙන් තහළුවෙන් ඉන්න. ඔයා දන්න විහිලු කතා කියන්න. දරුවෝ එක්ක සටන් ජවනිකා නරඹන්නේ නැතුව හාස්‍යජනක චිත්‍රපට බලන්න. සිනහව හිත් වල තියෙන අපහසුතා අයින් කරවලා, හොඳ සම්බන්ධකමක් පවුල ඇතුලේ ගොඩනගවා. දරුවෝ එක්ක ගත කරන කාලය සතුටින් ගත කරන්න උත්සහා ගන්න.

ආදරය පෙන්වන්න

සමහර දෙමව්පියෝ දරුවන්ට තියෙන ආදරය හිත ඇතුලෙම සඟවාගෙන, ඒක නොපෙන්වා ඉන්න උත්සාහ කරනවා. මේ දේ වැඩියෙන්ම කරන්නේ තාත්තලා තමයි. ඒත් ඒකෙන් සිද්ධ වෙන යහපතක් නම් නෙමෙයි. සුරතල් සතෙක් වුණත් මිනිස්සු වටේ දැවටෙන්නේ ආදරය වෙනුවෙන්. ඉතින් ඔයාගේ පුංචි දරුවත් එහෙමයි. කොතරම් වැඩ රාජකාරී තිබුණත් දරුවන්ට ආදරය පෙන්වන්න උත්සාහ කරන්න. දරුවාට ආදරය ලැබෙනකොට දරුවත් දෙමව්පියන්ට පෙරලා ආදරය කරනවා. ඔවුන් එවිට කාමාරයේ හුදකලා වෙන්න යන්නේ නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1356 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:43:56 AM
Script:/article/1356/5-tips-to-keep-your-child-in-side-family.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:43:56 AM
Script:/article/1356/5-tips-to-keep-your-child-in-side-family.html