කාන්තාවන් රූපය ගැන සැලකිලිමත් වුනාට, ලිංගික සනීපාරක්ෂාව ගැන මග හැරෙන අවස්ථා

December 31, 2018
11,513
Situations that women miss virginal sanitation
කාන්තාවකට යහළුවෙක් එහෙම හමු වුණාම වැඩකට ඇති දේවල් නැති දේවල් ඕනෑ තරම් දේවල් තියෙනවා කතා කරන්න. ගැහැණු පාර්ශවය වැඩියෙන් කතා කරන්නේ අද කාලයට ගැලපෙන ෆැෂන් නැත්නම් ක්‍රීම් වර්ග ගැන. ඒත් ගැහැණියකට විශේෂයෙන්ම වැදගත් වන මාතෘකාවක් වන කාන්තාවන්ට මග හැරෙන ලිංගික සනීපාරක්ෂණ ගැනයි අද හැඩකාරී අපි ඔයාට කියන්න යන්නේ.

සබන් අහිතකරයි 

කාන්තාවකගේ යෝනි මාර්ගයේ ph අගය 4ත් 6ත් අතර අගයක් ගන්නවා. ඉතින් ඔයාට එදිනෙදා හමු වන සබන් වල ph 7ක අගයක් ගන්න නිසා ඔයාගේ යෝනි මාර්ගයේ ස්වභාවික අම්ලිකතාවයට හානියක් සිදු වෙන්න පුළුවන්. ඉතින් ආම්ලිකතාවය නැති වීමෙන් අහිතකර බැක්ටීරියා මැඩ පවත්වගන්න හිතකර බැක්ටීරියා වලට නොහැකි වෙනවා.

පිරිසිදු වෙන්න

කාන්තාවක් වුනාම පිරිසිදු කමට ප්‍රධාන තැනක් දෙන්න ඕනේ. ඉතින් පිරිසිදුකම ගැන හිතන කාන්තාවක් නම් අඩුම තරමේ දිනකට එක් වරක් හෝ උණු වතුර භාවිතා කර යෝනි මාර්ගය අවට පිරිසිදු කර ගන්න.  එමගින් අදහස් කරන්නේ නැහැ එක් වරක් පමණක් සේදුවම ඇති කියලා. වැසිකිලියට යන හැම අවස්ථාවකම අනිවාර්යයෙන් පිරිසිදු කර ගත යුතුයි. දිනකට එක් වරක් හෝ උණු වතුරෙන් සේදීම මගින් බැක්ටීරියා ආසාදන වැළදීම වලක්වා ගැනීමට හැකියාව තියෙනවා.
 
ඔසප් කාලය ලිංගිකව එක් නොවන්න 

ඔසප් වීම සිදුවෙන කාලසීමාව තුලදී ඔයාගේ සහකරු සමග ලිංගිකව එක් වීමෙන් වලකින්න. ඒ කාලය තුලදී ඉක්මනින් ආසාදන වැළදීමට ඇති හැකියාව වැඩි නිසා රුධිර වහනය සම්පුර්ණයෙන්ම නතර වූ පසු ලිංගික කටයුතු වල යෙදෙන්න. මිට අමතර ඔසප් කාලයේදී සනීපාරක්ෂක තුවා අඩුම තරමේ පැය 5කට වරක්වත් මාරු කර දිනකට දෙවරක්වත් උණු වතුරෙන් සෝදා පිරිසිදු කරන්න.
 
ලිංගිකව එක් වීමට පෙර සහ පසු පිරිසිදු කම 

ඔයා ඔයාගේ සහකරු සමග ලිංගිකව එක් වන සැම අවස්ථාවකම පෙර සහ පසු යෝනි මාර්ගය සෝදා පිරිසිදු කරන්න. මෙමගින් දෙදෙනාටම අහිතකර බැක්ටීරියා පැතිරීම සහ වර්ධනය වලක්වා ගන්න පුළුවන්. කාන්තාවක් විදිහට ඔයාගේ ස්වාමි පුරුෂයාගේ සෞඛය ගැනත් වැඩියෙන් හිතන්න පුරුදු වෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1214 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:03:34 PM
Script:/article/1214/situations-that-women-miss-virginal-sanitation.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:03:35 PM
Script:/article/1214/situations-that-women-miss-virginal-sanitation.html