ඔබත් නිතර කකුලේ මස්පිඩු පෙරලීමෙන් පීඩා විදිනවාද? එසේ නම් ඒ මේ හේතූ 6 නිසා විය හැකියි

March 20, 2022
7,670
6 reasons to get leg cramps
කකුලේ මස්පිඩු පෙරලීම, ඇවිලීම, සංකෝචනය වීම බොහෝ දෙනෙකු අවධි වී සිටින විටත් නින්දේදීත් අත්විදින වේදනාකාරී අත්දැකීමක්. එය ඇතැම් විට ඉතාමත් අපහසු පීඩාකාරි තත්වයක් වන අතර බොහෝදෙනා ඒ සඳහා බලපානු ලබන හේතූ පිළිබඳව දැනුවත් නැහැ.. මාංශ පේශි පෙරලීම, ඇවිලීම, සංකෝචනය වීම යනු තත්පර කිහිපයක සිට මිනිත්තු කිහිපයක් දක්වා පැවතිය හැකි හදිසියේ ඇතිවන වේදනාකාරි හදිසි මාංශ පේශී හැකිලීමේ තත්ත්වයකි. මෙම තත්ත්වය බොහෝ විට ඔබ විවේකීව සිටින මොහොතක එසේ නොමැති නම් නින්දේදි ඇතිවිය හැකි අතර එහි වේදනාව සහ ගැස්ම නිසා ඔබ නින්දෙන් අවදි වීම සිදුවේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන්, තරබාරු අය, ළදරුවන්, ගර්භනී කාන්තාවන් සහ වැඩිහිටියන් තුළ බොහෝ විට මෙම තත්ත්වය දැකිය හැකියි.

ඔබට නිතර දෙපා වල මස්පිඩු පෙරලීම, ඇවිලීම, සංකෝචනය වීමට බලපෑ හැකි හේතු

ශරීරය විජලනය හෝ ඔබ ජලය අඩුවෙන් පානය කිරීම


සිරැරෙ ක්‍රියාකාරිත්වයට ප්‍රමාණවත් තරම් ජලය නොලැබීම මස්පිඩු පෙරලීමට හේතුවනවා. ව්‍යායාම, පාරිසරික උණුසුම හෝ ප්‍රමාණවත් පරිදි දියර වර්ග ලබා නොගැනීම නිසා සිරැර විජලනය වීම සිදුවනවා.. මෙයට ඔබට ගත හැකි පහසුම විසඳුම වන්නේ දිනකට ප්‍රමාණවත් ජලය පානය කිරීමයි. දිනකට අවම වශයෙන් පිරිසිදු ජලය වීදුරු 8ක් පමණ පානය කිරීමයි.


මාංශ පේශීන් තදවීම


ඇවිදීමෙන් හෝ ව්‍යායාම කිරීමෙන් පසු මාංශ පේශීන් ළිහිල් නොකිරිම නිසාවෙන් පාදවල මස්පිඩු පෙරලීම, ඇවිලීම, සංකෝචනය වීම ඇතිවිය හැකියි. දිනකට අවම වශයෙන් විනාඩි 30 සිට 40 දක්වා මධ්‍යස්ථ ව්‍යායාමයක් ලබා ගැනීම සහ ව්‍යායාමයෙන් පසු ඒ හා සමානව මාංශ පේශී ලිහිල් කිරීම මගින් මාංශ පේශී ශක්තිමත් වීමත් පාදවල මස්පිඩු පෙරලීම අඩුකර ගැනීමටත් හැකියාව ලැබෙනවා.


වැදගත් electrolytes ප්‍රමාණය ක්ෂය වීම


නිසි මාංශ පේශි ක්‍රියාකාරිත්වයකට (මාංශ පේශි සංකෝචනයට) ඔබේ රුධිරයේ පොටෑසියම් සහ කැල්සියම් සමතුලිතතාවයක් තිබීම වැදගත් වනවා. නමුත් ඔබේ ශරීරයේ මෙම ඛනිජ ලවණ ඌණතාවයක් තිබීම දෙපා වල මස්පිඩු පෙරලීම, ඇවිලීම, සංකෝචනය වීම ඇතිවීම කෙරෙහි බලපෑ හැකියි. දිනපතා එළවලු සහ පළතුරු අඩංගු සමබල ආහාරවේලක් ගැනීම මගින් ඔබට මෙම electrolytes ප්‍රමාණය සමතුලිතව තබාගත හැකිවනවා.


අඩු සෝඩියම් මට්ටම


අධික ලුණු පරිභෝජනය අධික රුධිර පීඩනය හා හෘද රෝග තත්ත්වයන් ඇතිවීම කෙරෙහි බලපානු ලැබූවත් නියමිත පරිදි සිරැරට සෝඩියම් ලබාගැනීමත් ඔබ සිදුකල යුතුයි.. සිරැරේ සෝඩියම් ඌණතාවය මාංශා පේශී පෙරලීම් ඇතිකරන අතර සෝඩියම් අධික වීම ආතති හෝමෝන මට්ටම වැඩි කරනු ලබනවා.. එමනිසා ප්‍රමාණවත් පරිදි සෝඩියම් ලබාගත යුතුයි.


වයස්ගත වීම


වයස්ගත වීමත් සමග මාංශ පේශී ස්කන්ධය (muscle mass) අඩුවන බැවින් කකුල් වල මස්පිඩු පෙරලීම, ඇවිලීම, සංකෝචනය වීම ඇතිවනවා. එමනිසා වයස අවුරුදු 60 සහ ඊට වැඩි වූ පසු, නිතිපතා ව්‍යායාම කිරීමත් සහ ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය සම්පන්න ප්‍රෝටීන් පරිභෝජනය කිරීම අත්‍යවශ්‍ය වනවා.


තයිරොයිඩ් හෝමෝන මට්ටම අඩුවීම


දිගින් දිගටම ඇතිවන දෙපා කැක්කුම ඇතැම් විට තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරිත්වය හේතුවෙන් ඇතිවන තයිරොයිඩ් හෝමෝනයේ ඌණතාවය නිසා විය හැකියි. එමනිසා වෛද්‍ය උපදෙස් ලබාගැනිම වැදගත් වනවා.

මස්පිඩු පෙරලීම, ඇවිලීම, සංකෝචනය වීම බොහෝ විට ඉහත හේතූන් නිසා විය හැකි වුවත් දිගින් දිගටම මස්පිඩු පෙරලීම සිදු වෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම කල යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 2145 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:23:10 PM
Script:/article/2145/6-reasons-to-get-leg-cramps.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:23:10 PM
Script:/article/2145/6-reasons-to-get-leg-cramps.html