අපි නිතරම දිවට රස ලුහු බැඳ යනවා මිසක එයින් ඇති වෙන අතුරු ආබාධ ගැන සැලකීමක් නැහැ. ලුණු ගැන කතා කලොත් අධි රුධිර පීඩනයේ ගොදුරු බවට අපි පත්ව සිටින්නේ දිව ඉල්ලන විදිහටම ලුණු රසය ලබා දෙන නිසයි. එහෙමනම් අපි ලුණු ආහාරයට ගත යුත්තේ කොහොමද… මේ ගැන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංහයේ මහාචාර්ය සහ ශ්‍රි ලංකා පෝෂණවේදීන්ගේ සංගමයේ සංස්කාරක ටෙරන්ස් මදුජිත් මහතා විසින්. ලුණුවල අඩංගු ප්‍රධාන සංඝටකය වෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩි (sodium chloride) එය ප්‍රතිශතයක් විදිහට 78% ක්. ලවණ සහ කැල්සියම් ලවණත් ලුණුවල ඇතුලත්. මුහුදු වතුරේ ජලය වාෂ්ප කර ගෙන ලුණු නිෂ්පාදනය වෙන අතර ඒ අවස්ථාවේදී මුහුදු ජලයේ තිබෙන මැග්නීසියම් සහ කැල්සියම් වැනි ලවණ වර්ග ලුණුවලට එකතු වෙනවා.
ලුණු…. අම්මෝ… එපා.
ඒත් ලුණු එහෙම නැත්නම් සෝඩියම් කුඩා ප්‍රමාණයක් අපේ සිරුරට අවශ්‍යයි. සිරුරේ ලවණ සමතුලිතාවය හා අම්ල භස්ම සමතුලිතතාවය පවත්වා ගැනීමටල ස්නායු සන්නිවේදනයට වගේම ශරීරයේ මාංශ පේශි ක්‍රියාකාරිත්වයට ලුණු අත්‍යවශ්‍ය වෙනවා.
ලෝකයේ පැරණි ශිෂ්ටාචාරවල පවා ලුණු භාවිතයට ගත් බව සඳහන්. ආහාර කල් තබා ගැනීමට ලුණු යොදා ගත්තා. ගර්කින්, අච්චාරු, ජාඩි මේ විදිහට ලුණු යොදා ගෙන කල් තබා ගත් ආහාර අතරට ගැනෙනවා. ශ්‍රි ලාංකීය සංස්කෘතියේත් ලුණු සුවිශේෂී රසකාරකයක් විදිහට භාවිතා කළා. සත්ව පරිණාමය දිහා බලන විටත් බොහෝ ක්ෂිරපායී සතුන්ද නිර්මානය වී සිටින්නේ ලුණු ස්වල්පයක් පරිභෝජනය කිරීමටයි.
එහෙම නම් ලුණු මාත්‍රාවක් තිබෙනවාද…?
වැඩිහිටියෙක් දෛනිකව ලබා ගත යුතු ලුණු මාත්‍රාව ගැන ලෝකයේ විවිධ රටවල් මගින් නිර්දේශ කර තිබෙනවා. අතීතයේදී අපේ මුතුන් මිත්තන් මේ තරම් අධිකව ලුනු පරිභෝජනය කලේ නැහැ.
දෛනික සෝඩියම් ප්‍රමාණය ඉතා පහසුවෙන් අපි ආහාරයට ගන්නා එලවලුල පළතුරු සහ ධාන්‍ය මගිනුත් ලැබෙනවා. එලවළු සහ පළතුරුවල සෝඩියම් අඩුයි. පොටෑසියම් වැඩියි. ඒත් මේවා සකස් කළ ආහාර විදිහට වෙනස් වුනාම සෝඩියම් ඉහළ ගොස් පොටෑසියම් පහළ බසිනවා. කිරි වලින් චීස් හදන විට සෝඩියම් එකතු වෙනවා. හාල් වලින් බිස්කට් හැදුවාම සෝඩියම් ප්‍රමාණය හාල්වලට සාපේක්ෂව ඉහල යනවා. අඹ වලින් ජෑම් හැදුවාම අඹවලට සාපේක්ෂව ජෑම්වල සෝඩ්යම් වැඩියි.
අධික දහඩිය පිටවෙන අයට තාවකාලිකව සෝඩියම් ඌනතාවයක් ඇති වෙන්න පුලුවනි. ඒ වගේ වේලාවට ලුණු ස්වල්පයක් එක් කරන ලද බීම පානයෙන් මෙම ඌනතාවය වලක්වා ගන්න පුලුවනි. ශරීරයට වැඩිපුර ලුණු ලබා ගත්තාම පිපාසය දැනෙනවා. එවිට වැඩිපුර ජලය පානය කළාම සෝඩියම් ජලය සමග බැහැර වෙනවා.
ආහාර රස ගැන්වීමට යම් ලුණු ප්‍රමාණයක් එකතු කළත් පමණ ඉක්මවා ලුණු ආහාරයට ගැනීම අහිතකරයි. ඒ මගින් අධි රුධිර පීඩනය, හෘදයාබාධ සහ ආඝාත වැනි රෝග සඳහා සෘජු බලපෑමක් ඇති කරනවා. දැනට හඳුනා ගෙන තිබෙන විදිහට අධිකව ලුණු පරිභෝජනය කරන පිරිස් අධිරුධිර පීඩන තත්වයන්ට ගොදුරු වෙන අවදානම වැඩියි. වයසත් සමග අපේ රුධිර පීඩනය ඉහල යෑම සාමාන්‍ය තත්වයක්. ඒ නිසා ලුණු වෙනුවෙන් සීමා පනවා ගැනීම නිසා අතීතයේදී වැඩිහිටියන් අතර අධි රුධිර පීඩන තත්වයට ගොදුරු වීමේ අවදානම අඩු තත්වයක පැවැතුනා. ලුණුවලට සංවේදී පිරිස් සිටිනවා. තරබාරුව, වකුගඩු රෝග වැනි තත්වයන්ට පත්ව සිටින අයටත් ලුණු අගුණයි.
අපේ ආහාරයට ලුණු එකතු වෙන ක්‍රම
- බත පිසින විට එකතු කරන ලුණු
- ව්‍යංජන වලට එක් කරන ලුණු
- සුප්, මීට්බෝල්, පපඩම්, බයිට්, අර්තාපල් පෙති වැනි සකස් කළ ආහාර
- සලාද, සුප්, කෝසස් වෙනුවෙන් කෑම මේසයේදී අභිමත විදිහට එකතු කරන ලුණු
ගෙදරදී ලුණු භාවිතය අඩු කර ගන්නේ කොහොමද…?
දිවට නොදැනෙන සේ 50% ක් දක්වා ලුණු අඩු කර ගන්න පුලුවනි.
- ක්‍රමානුකූලව වරකට සුලු ප්‍රමාණයක් විදිහට අඩු කර ගැනීම පහසුයි.
- අල තීරු (potato chips), බයිට්, ටින්මාලු, රටකජු වැනි සකස් කළ ආහර වලින් දුරස් වීම
- කෑම මේසයේදී යොදන ලුණු අඩු කිරීම
එන්. ඒ. පි. සි.