පර්ෆියුම් භාවිතා කිරීමේ වාසි පිළිබද දැනුවත් ද?

October 18, 2019
9,394
Benefits of using a perfume
සමහර යුවතියන් සුවඳ විලවුන් ගල්වන්නේ සුවිශේෂී අරමුණක් නැතිවයි. තවද තමන්ට ගැලපෙන විදියට සුවඳ විලවුන් තෝරනවා කියන එක හරිම අමාරු වැඩක්. එයට හේතුව තමා සුවඳ විලවුන් ගැන එකිනෙකාගේ අදහස් එකිනෙකට වෙනස් වීම. මොකක් හරි පර්ෆියුම් එකක් ගන්න කඩේකට යන තැන සිට එක නියමිත විදියට පාවිච්චි කිරීම දක්වාම එකිනෙකාට වෙනස් වෙනවා. බොහෝ දෙනෙක් සිතන්නේ සුවඳ විලවුන් ගැල්වීමෙන් අප සිරුර සුවඳවත් වන බව පමණයි. නමුත් සුවඳ විලවුන් ගැල්වීමේ ප්‍රයෝජන ඉන් එහා පුළුල් සීමාවකට දිව යනවා. අද හැඩකාරී අපි ඔයාට පර්ෆියුම් භාවිතා කිරීමේ වාසි පිළිබද දැනුවත් කිරීමට තීරණය කරා.

ඔයා ආසම සුවඳ තියෙන පර්ෆියුම් එක මිලදී ගන්න හදන කොට සුවඳ වගේම ඔයාගේ සිරුරේ කොතරම් වෙලා තියෙනවද කියන කාරණය ගැනත් සලකිලිමත් වෙන්න ඕනේ. එනම් ඕනෑම පර්ෆියුම් එකක යම් ඇල්කොහොල් ප්‍රතිශතයක් තියෙනවා කියලා ඔයා දන්නවද. මේ ඇල්කොහොල් ප්‍රතිශතය සහ යෙදෙන සුවඳ තෙල් වල ප්‍රතිශතය ඉහල යාම මත සුවඳ ඇඟේ රැඳීම ඉහල හෝ පහල යනවා.

මනස සංසුන් කරවීමට…
ඇතැම් සුවඳ වර්ග වලට ඔයාගේ මනසට සංසුන් බවක් ලබා දීමේ සුවිශේෂී හැකියාවක් පවතිනවා. එදිනෙදා වැඩ රාජකාරි වලින් හෙම්බත් වෙලා, මනසට අවිවේකි බවක් දැනෙන එක අඩු කර ගන්න හොඳ ක්‍රමයක් තමයි සුවඳ විලවුන් කියන්නේ. ඔයාගේ සිරුරෙන් ඔබ වෙත නිතරම සුවදක් නික්මෙද්දී ඔබේ මනස සැහැල්ලු වෙනවා.

සුවඳ සහ මතකය අතර සම්බන්ධයක් පැවතීම…
සමහර යුවතියන් කුඩා කාලයේදී සිටම එකම සුවඳ විලවුන් වර්ගයක් භාවිතා කරනවා. ඔයා කොපමණ සෙනගක් මැද සිටියදී පවා සුවඳක් මගින් කෙනෙක්ව සිහිපත් වෙනවා මෙන්ම මතකයේ දිගු කාලයක් රැදෙනවා. ඔබට මෙවැනි සිදුවීම් ඕනෑ තරම් මතකයට නැඟෙනවා ඇති. ඉතින් ඔයාටම ආවේනික සුවඳක් ඔබ සතු කර ගැනීමෙන් ඔබව පහසුවෙන්ම මිනිසුන්ගේ මතකයට ඇතුල් කරවන්න පුළුවන්. කොහේදී ඒ සුවඳ දැනුනත් වහා ඔබව ඔවුන්ගේ මතකයට නංවන්න සුවඳ විලවුන් වර්ගයට සුවිශේෂී හැකියාවක් ඇති බව අමතක කරන්න එපා.

විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට….
ආකර්ශනීය චරිතයක් වෙන්න අකමැති කෙනෙක් කොහෙවත් නැහැ. සුවඳ විලවුන් වලට ඔයාව ආකර්ශනීය චරිතයක් බවට පත් කරන්න හැකියාවක් තිබෙන බව ඔයා දැනගෙන හිටියේ නැතුව ඇති. ඇතැම් සුවඳ වර්ග වලට ලිංගික ආශාව ඇති කිරීමේ හැකියාවක් පවතිනවා. පර්ෆියුම් සුවඳ දැනීමෙන් මිනිස් හෝමෝන අවදි වීම මඟින් සිදු වන්නක්.

සෞඛ්‍යය ඉහල යාම…..
ඔබ ප්‍රිය කරන සුවඳ විලවුන් වර්ගයක සුවඳ නිතරම ඔයාගේ ගතෙන් විහිදුවන විට එය ඔබේ මනසට හිතකර ලෙසින් බලපානවා. එවිට මානසික පීඩනය පහල බසිනවා. මානසික ආතතිය අඩු වීම නිසා බොහෝ රෝග වලින් මිදෙන්නට ඔයාට සහාය වෙනවා. රාත්‍රියේදී නින්ද යන්නේ අඩුවෙන් නම් ඔබ අවට පරිසරයට, ඔයාගේ ඇඳුමේ කොනකට ඖෂධීය තෙල් වර්ගයකින් සැකසු සුවඳ විලවුන් ස්වල්පයක් ඉස නින්දට යන්න. එමගින් ඔයාට සුව නින්දක් ගෙන දෙවි. ඒ වගේම ඖෂධීය ද්‍රව්‍ය යොදා සකස් කරන සුවඳ විලවුන් භාවිතා කරන්නාගේ හිසේ රුදාවන් සමනය කරන්නටත් සුවිශේෂී හැකියාවක් තිබෙනවා.  

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1424 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:19:23 PM
Script:/article/1424/benefits-of-using-a-perfume.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:19:24 PM
Script:/article/1424/benefits-of-using-a-perfume.html