දරුවා ජිවිතයේ අමාරු අවස්ථා වලට මුහුණ දීමට පෙර ගරු කිරීමට හුරු කරමු

July 18, 2019
8,909
Guide children to respect before they face life
ගරුත්වය කියන්නේ අපි හැමෝටම වැදගත් වන සහ තව කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන මිනිසා පොඩි කල සිටම උපයා ගන්නා දෙයකි. ගරුත්වය අපිට බලෙන් ගන්නත් බැහැ. කිසිවෙක් අපිට ගරුත්වය බලෙන් දෙන්නෙත් නෑ. එ වගේම පොඩ්ඩෝ ගරුත්වය ඉගෙන ගන්නේ වැඩිහිටියන්ගෙන්. මේ කාරණයේදී ඔයා ඔයාගේ දරුවන්ට ආදර්ශයක් විය යුතුයි. ඒ කියන්නේ, දරුවන්ට එදිනෙදා ජීවිතයේදී අවශ්‍යවෙන ගරුත්වය ඉපයීම සඳහා ඔයා ප්‍රථමයෙන් පොඩ්ඩාට ගරුත්වය දැක්විය යුතුය යන කාරණයයි . ගරුත්වය කියන්නේ කුමක්ද කියන කාරණය පොඩ්ඩට එවිට තමයි වැටහෙන්නේ. ඔයා දරුවන්ට ගරුත්වය හුරු කළොත් තමයි දරුවන් අන් අයට ගරු කරන්නේ. ඒ නිසා වැදගත්ම දේ, දරුවන්ට ගරුත්වය ක්‍රියාවෙන් පෙන්වා දෙන එක. අද හැඩකාරී අපි ඔයාට පොඩ්ඩට ගරුත්වය හුරු කිරීම තුළින් ජිවිතයේ නිවැරදි මග යාමට පාර සකසන්නේ කොහොමද කියලා මේ ලිපිය කියන්නයි යන්නේ.

ආදර්ශයක් වෙන්න

වැඩිහිටියෙක් කතා කරන විට ඊට බාධා කිරීම නුසුදුසුයි බව අප දරුවන්ට නිතර කියනවා. නමුත්, දරුවෙක් කතා කරන විට ඔයා ඊට කීවාරයක් බාදා කරනවාද? ඉතින් කොහොමද දරුවට ගරුත්වය කියන්නේ මොකක්ද කියන කාරණය පැහැදිලි කරලා ඉන්නේ. ඒ නිසා වැඩිහිටියෙක් වශයෙන් පළමු ආදර්ශය විය යුත්තේ ඔයයි.

දරුවන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න

පෞද්ගලිකත්වය යන කාරණාවේදි දරුවන්ට විවිධ අවශ්‍යතාවයන් ඇති වෙනවා. දරුවන් කැමැත්තක් දක්වන්නේ කුමන දේවලටද, අකැමැත්තක් දක්වන්නේ කුමන දේවලටද යන කරුණට ගරු කරන්න පුරුදු වෙන්න. එක් එක් දරුවාගෙන් දරුවාට මෙය වෙනස්වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස ඔයාගේ දියණිය කොණ්ඩා මෝස්තරයකට අකමැති නම්, එය කිරීමට ඇයට බල කරන්න එපා.

ඔයා සමග ගත කරන කාලය දරුවන්ට පීඩාකීරී නොවිය යුතුයි

පාසල් නිමවී නිවසට පැමිණි දරුවාගෙන් ප්‍රශ්න වැලක් අසන්නට යන්න එපා. නිවසට පැමිණි ඔයාගේ දරුවන්ව ආදරයෙන් පිළිගෙන, දරුවන්ට දවස ගැන කතා කරන්න ඉඩ හරින්න. පොඩ්ඩා නිවසට පැමිණෙන තුරු ඔයා මග බලන් සිටි බවට පොඩ්ඩාට ඇඟවිය යුතුයි. නිවෙස, ආරක්ෂාකාරී හා සුවපහසු තැනක් බව දරුවන්ට දැනිය යුතුයි.

දරුවන්ගේ ප්‍රශ්න විසඳීමේදී ඇති තරම් කාලයක් ගන්න

දරුවෙකු යම් ගැටළුවක සිරවී සිටිනවා නම්, ප්‍රථමයෙන් දරුවන්ගේ විසඳුම අසන්න. පසුව ඔයාගේ විසඳුම් පොඩ්ඩාට කියන්න. තමා වෙනුවෙන් තීරණයක් ගැනීමට දරුවාට අවස්ථාවක් ලබා දීම අනිවාර්යයි. ඔයාට දරුවාගේ ගැටළුව පහසුවෙන්ම විසිඳීමට හැකි වෙන්න පුළුවන්, නමුත් දරුවාව හරිගස්සන විට ගරුත්වයෙන් එය කල යුතුයි.

නිතරම අණදීම, හරිගැස්සීම හා මග පෙන්වීම කරන්න එපා

ඔයාට යම් උපකාරයක් අවශ්‍ය නම්, දරුවන්ට ඊට ආරාධනා කරන්න. නමුත් අණ කරන්න එපා. බලහත්කරයෙන් දේවල් කර ගැනීමට යාමෙන් දරුවන් පීඩනයකට ලක්වෙනවා වගේම, ඉන් ඔයා කෙරෙහි ඇති ගරුත්වයත් ටිකෙන් ටික අඩුවෙනවා. දරුවන්ගේ සීමාවන්, කාලය, හා කැමත්තට ගරු කරන්න. හැබැයි ඒ අවකාශය යම් සීමාවක් ඇතුලත ලබා දීම දෙමව්පියන්ගේ වගකීමයි.

දරුවන්ව ගොඩ නගන්න

දරුවන්ගේ ආත්ම අභිමාණයට බලපාන බොහෝ දේ තියෙනවා. ඔයා දරුවාට සලකන ආකාරය ඔහුව පීඩනයට පත්නොකළ යුතුයි. දිරිගැන්වීම මඟින් එදිනෙදා ජීවිතයේ එන ප්‍රශ්න වලට දරුවන්ට සාර්ථකව මුහුණ දීමට හැකිවෙනවා. දරුවන්ට ඔයා විසින් ඔවුනට ලබාදෙන ආරක්ෂාව දැනෙන්න ඕනේ වගේම බාහිර ලෝකයෙන් පොඩ්ඩාට ආරක්ෂිත රැකවරණයක් ඇති බවත් දැනිය යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to reduce under arm sweating
   6,382
   23

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Changes in your body if you consume cod-liver oil daily
   91,991
   18

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Symptoms to say you are pregnant
   43,583
   17

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Dress patterns for flower prints
   61,519
   17

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
Yellow Rice (I)
   8,091
   16

කහ බත් (I)

හැමදාම නිකන්ම නිකන් බත් කනවට වඩා ඉඳලා හිටලා වෙනසක් කරලා රසට කහ බතක් හදමු

Latest Articles

Most Viwed