නිරෝගී ගර්භනී සමයක් ගත කරන්න මේ දේවල් ඔබත් අමතක නොකර පානයට එක් කර ගන්න

September 4, 2018
7,572
Must drink these while you are pregnant
ගර්භනී සමය කියන්නේ අනිවාර්යෙන් මවක් අමතර පෝෂණයක් තමන්ගේ සිරුරට ලබා දිය යුතු කාලයක්. ඒ වගේම තමයි මේ කාලයේදී ඔබ මොනවා ආහාරයට ගත්තත් මොනවා පානය කරත් ඒ දේවල් කුස තුල වැඩෙන දරුවාට අනිවාර්යෙන් ලොකු බලපෑමක් කරනවා. ඒ නිසානේ මේ කාලේදී මව්වරු ආහාරයට ගත යුතු වගේම ආහාරයට නොගත දේවල් ගැනත් කියන්නේ.

ගර්භනී සමයේදී ඔබෙන් ඈත් කල යුතු ආහාර ගැන කලින්ම ඔයාට කිව්ව නිසා අද කියන්නේ ගර්භනී මවකට නිරෝගී ගර්භනී සමයක් ගත කරන්නත් කුස තුල වැඩෙන දරුවාගේ නිරෝගිභාවයටත් හේතු වෙන වැදගත්ම පානයන් කිහිපයක් ගැන. ඒ වගේම හරිම පහසුවෙන් සපයා ගන්න පුළුවන් දේවල් කිහිපයක් ගැන. මේ පානයන් අමතක නොකර ලබා ගැනීමෙන් අවශ්‍ය ඔබටත් දරුවාටත් අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් වගේම නිරෝගී ගර්භනී සමයක් ගත කරන්නත් පුළුවන්.

1. වතුර

කුස තුල වැඩෙන කළලයේ වර්ධනය සහ නිරෝගීභාවය රඳා පවතින්නේ ඔබ නිරන්තරයෙන් පරිභෝජනය කරන පෝෂ්‍ය පදාර්ථ හා ඛනිජ ද්‍රව්‍ය මත. ඒ පෝෂ්‍ය පදාර්ථ සියල්ලක්ම කළලය වෙත රැගෙන යන ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වෙන්නේ ජලය. ඒ නිසා තමයි මේ කාලයේදී වැඩි පුර වතුර පානය කිරීම ඉතාමත් වැදගත් වෙන්නේ.

ඒ වගේම තමයි ගර්භනී සමයේදී නිතර නිතර ඇති වන මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය ගැටලුවකින් තොරව ඉටු කරන්න නම් අනිවාර්යෙන් වතුර වැඩිපුර පානය කරන්න වෙනවා. ගර්භනී සමයේදී සිරුරේ උෂ්ණත්වය තරමක් ඉහල යනවා. වතුර වැඩි පුර පානය කිරීමෙන් ශරීර උෂ්ණත්වය ක්‍රමානුකුලව පවත්වා ගෙන යන්න පුළුවන්. විජලන තත්ත්වයෙන් මිදෙන්නත් පුළුවන්.

2. පොල් වතුර

විජලනය වීමෙන් ආරක්ෂා වෙන්න තියෙන තවත් හොඳම හා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයක් තමයි පොල් වතුර පානය. ඒ වගේම ශරීරයට අවශ්‍ය මැග්නීසියම්, යකඩ, කැල්සියම්, සින්ක් හා මැන්ගනීස් ඇතුළු පෝෂණ කොටස් රාශියක් පොල් වතුර වල අඩංගුයි. ඒ වගේම කැලරි සහ විටමින් බී වලිනුත් එය පොහොසත්. පොල් වතුර ආහාර ජීර්ණය සඳහා තියෙන හොඳම පිළියමක් වගේම ඉතා ඉහල ශක්තිජනක පානයක්. සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරන නිසා ගර්භනී සමයේ නිතර නිතර ඇති වන සුළු සුළු රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්

3. කිරි

දිනකට කිරි වීදුරුවක් පානය කිරීමෙන් ඔබට සෞඛ්‍ය සම්පන්නව සිටීමට හා සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසක් නොඅඩුව ලබා ගන්න පුළුවන්. දරුවාගේ වර්ධනයට අත්‍යාවශ්‍ය කැල්සියම්, ප්‍රෝටීන් සහ විටමින් බී 12 සපිරි නැවුම් කිරි වීදුරුවක් දිනපතා පානය කරන්න අමතක කරන්න එපා.

4. පලතුරු හා එළවලු යුෂ

අපේ සෞඛ්‍ය සම්පන්න භාවය අනිවාර්යෙන් එළවලු, පලතුරු වලින් විශාල බලපෑමක් කරනවා. එළවලු සහ පලතුරු ආහාරයට ගන්නවට වඩා යුෂ විදියට පිළියෙළ කර පානය කිරීම වඩාත් ප්‍රතිඵලදායකයි. අලිගැටපේර යුෂ, කැරට් යුෂ පානය ඉතා වැදගත්. ඒ වගේම ගර්භනී සමයේ ආහාරයට නොගත යුතු එළවලු හා පලතුරු ගැනත් වැඩි අවදානයක් දෙන්න. විශේෂයෙන් අන්නාසි, ගස්ලබු වැනි පලතුරු.

මේ දේවල් වලට අමතරව ගර්භනී සමයේ ඇල්කොහොල් හා ශක්තිජනක පානයන්ගෙන් අනිවාර්යෙන් ඔබ ඈත් විය යුතුයි. ඒ දේවල් වර්ධනය වන කලලයේ මානසික විකෘතිතා ඇති කරන්න හේතු වෙනවා. ඒ කාරණාව නම් ඉතින් ගොඩක් මව්වරුන්ට අදාළ නැහැ. ඒත් ඒ ගැන දැනුවත්ව ඉන්න එක වැදගත්නේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1063 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:55:11 AM
Script:/article/1063/must-drink-these-while-you-are-pregnant.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:55:12 AM
Script:/article/1063/must-drink-these-while-you-are-pregnant.html