රෙදිවලින් නිමැවූ ඔබේ සෝෆාව පිරිසුදු කරගන්නේ කෙසේද?

July 24, 2019
4,293
How to clean you fabric sofa
හැමෝම ආසයි ගෙවල් දොරවල් පිරිසුදුව තියාගන්න. සම්පූර්ණයෙන්ම නැතත් තමුන් වැඩිපුරම පාවිච්චි කරන කොටසවත් ලස්සනට පිරිසුදුව තියාගන්නට බොහෝදෙනෙක් ආසා කරනවා. ඒ අතරින් විශේෂම අවධානයක් යොමු වෙන්නේ සාලයට. සාලය වඩාත් ලස්සනට තියාගන්න එක තරමක් අපහසු වැඩක්. කුඩා දරුවන් සහ සුරතල් සතුන් සිටින නිවසකට නම් එය අතිශය අපහසු වැඩක්. නමුත් අපහසුයි කියා නොසිතා අපිට සාලය පිරිසුදුව තබාගන්නට සිදුවෙනවා. එයට ප්‍රධානම හේතුවක් වෙන්නේ නිවසට අනපේක්ෂිතව පැමිණෙන ආගන්තුකයන්. කොහොමවුනත් මේ සාලය පිරිසුදුව තබාගැනීමට දරන උත්සාහයේදි වැඩිම වෙහෙසක් ගන්නට සිද්ධ වෙන දෙයක් විදියට ඔබේ නිවසේ ඇති රෙදිවලින් නිමැවූ සෝෆාව දක්වන්නට පුළුවන්. 

සෝෆාව ඔබේ නිවසේ සියළුම දෙනා ප්‍රිය කරන තැනක්. වෙහෙසකර දිවිය සුවපහසුවෙන් ගෙවන්නට ඇති තැන් අතලොස්සෙන් ප්‍රධානම තැනක් තමයි ඒ. නමුත් ඔබේ රෙදි සෝෆාව තරමක් අපිරිසුදු වුනාම නම් අපි කලින් කියපු හිතේ සතුට වියැකිලා යන්නෙ නිතැතින්. එනිසාමයි අපි ඔබේ රෙදිවලින් නිමවූ සෝෆාව පිරිසුදු කරගන්නට හැකි ක්‍රමයක් සටහන් තබන්නේ.

රෙදි සෝෆාවක බීම වර්ග වැටීම, ඉඳුල් සහිත අත් ගෑවීම, මඩ සහිත දෙකකුල් තැවරීම මෙන්ම මේ සියල්ල එකට සිදුවී දුඟදක් නිකුත් වීමත් රෙදි සෝෆාවක හිමි කරුවන්ට මුහුණ දෙන්නට වෙන ප්‍රශ්නයක්. කොහොමවුනත් මෙයට විසඳුම් ඇති නිසා ඔබ තවදුරටත් දුක්විය යුතු නැහැ.

මුලින්ම ඔබේ ෆැබ්රික් සෝෆාව පිරිසුදු කරන ක්‍රමය පිළිබඳ ඔබ දැණුවත් විය යුතුයි. ඒ බව සඳහන් කුඩා ටැග් එකක් ඔබේ ෆැබ්රික් සෝෆාවේ සඳහන්ව ඇති. 

ඒ වෙනුවෙන් මුලින්ම සෝෆාව වැකියුම් ක්ලීනරයකින් වැකූම් කරගත යුතුයි. ඉන්පසුව එය තරමක් තද කෙඳි සහිත බ්‍රෂ් එකකින් හොඳින් රෙදි දාර අතරේ රැඳී ඇති අපද්‍රව්‍ය ඉවත් වෙන ලෙසට බ්‍රෂ් කරගත යුතුයි. ඉන්පසුව බේකින් සෝඩා ගෙන සෝෆාව පුරා විසුරුවා හැර මිනිත්තු තිහක් පමණ නිසොල්මන්ව තැබිය යුතුයි. එය මින් පෙර තිබුනු කුණු දූවිලි සහ අනෙකුත් පැල්ලම් මගින් ඇති කළ දුඟද පළවා හරිනු ඇත. ඉන්පසුව නැවතත් සෝෆාව වැකියුම් කිරීම මගින් ඔබට ඔබේ සෝෆාව සාර්ථකව පිරිසුදු වූ පෙණුමකට පැමිණෙමින් තිබෙන වග වැටහේවි.



ඉන්පසු සේදුම්කාරක සබන් ද්‍රවණයක් වතුර ස්වල්පයක දිය කර පෙන එන තෙක් සකසාගෙන මුලින් ක්‍රියාවලියෙන් ඉවත් නොවුනු තෙල් හෝ මඩ පැල්ලම් මත රෙදි කැබැල්ලකින් ආලේප කළ යුතුවෙයි. එය අදාළ පැල්ලම මත රවුමට රවුමට ආලේප කිරීමෙන් ඉක්මනින් ඉවත් වනු ඇත. ඉන්පසුව මෘදු රෙදිකඩක් ගෙන එය හොඳින් සබන් මිශ්‍රිත ජලයේ පොඟවා නැවත එම ජලය විසුරුවා හැර සාමාන්‍ය ලෙස රෙදි කඩ සෝෆාව මත එහා මෙහා ගෙනයන්න. එය ඔබේ සෝෆාව පිරිසුදු කිරීමේ අවසාන පියවරයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1379 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:52 AM
Script:/article/1379/how-to-clean-you-fabric-sofa.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:53 AM
Script:/article/1379/how-to-clean-you-fabric-sofa.html