වෙරළු වල ගුණ

May 2, 2020
25,366
Weralu benefits
වෙරළු වගේ පළතුරු ගස් යටම කුණු වෙලා ගියත් ඒවා ආහාරයට ගන්න අපේ හැඩකාරියන් අතර වැඩි කැමැත්තක් නැහැ. ඒත් ඉස්සර කාලයේ නම් ගැහැණු දරුවන් අතර වෙරලු බොහොම ජනප්‍රිය ආහාරයක් වුණා. පාසල් ඇරී නිවසට එන ගමනේ වෙරළු අච්චාරු ගොට්ටක් අරගෙන මග දිගටම ඒවා කෑමට ඔවුන් අතර තිබුනේ පුදුම උනන්දුවක්. ඒත් දැන් සුපිරි වෙළදසැලේ පලතුරු ඇසුරුම මිස මේ වගේ පළතුරු ගැන කිසිම උනන්දුවක් නැහැ. වෙරළු ශාකය Elaeocarpus serratus විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන Eleocarpaceae කුලයට අයත් පළතුරක්. ඉංග්‍රීසියෙන් Ceylon olive ලෙස හඳුන්වනවා වගේම හැඩයෙනුත් ඔලිව් ගෙඩියක ඇති ඉලිප්සාකාර හැඩයට සමානයි.

වෙරළු මද ග්රෑම් 100 ක ගුණ

ප්‍රෝටීන් 1.2 mg
කාබොහයිඩ්රේට 1.8 mg
පොස්පරස් 29.2 mg
කැරටින් 33 mg
නියසින් 0.4 g
ශක්තිය කැලරි 72
මේදය 1.2 g
කැල්සියම් 18 mg
යකඩ 2.1 mg
රයිබොප්ලේවින් 11 mg
විටමින් සී 20 mg

වෙරළු කෙස්වලට ඉතාම ගුණයි. ඉස්හොරි ඇති විට වෙරළු පත්‍ර තම්බා ගත් ජලයෙන් හිස සෝදනවා. ඒ වගේම කෙස්වල වියලි බව දුරු කිරීමට සහ සිනිදු සහ දීප්තිමත් බව ආරක්ෂා කර ගැනීඹට ඉතාම හිතකර විදිහට මේ සේදුම් දියරය යොදා ගැනීමට පුලුවනි. ඔබටත් වෙරළු කොළයක හැඩය මතක ඇති. මේ පත්‍ර දීර්ඝ දැති සහිතයි. පත්‍ර මෝරන විට කොළ පැහැය රතු පැහැහට හැරෙනවා. වෙරලු ගෙඩියක තිබෙන්නේ එක් ඇටයයි. අමු වෙරළු ඇඹුල් රසයකින් යුක්ත වුනත් ඉදුන වෙරලු ඇඹුල් රස සමග පැණි රස ගතියකින්ද යුක්තයි.

ඒ වගේම වෙරළු කොලස්ටරෝල් සඳහා ඉතාම ගුණදායකයි. දිනකට වෙරළු ගෙඩි පහක් අවම වශයෙන් ආහාරයට ගන්නවා නම් හිතකර කොලස්ටරෝල් මටට්ම යහපත් පරිදි පවත්වා ගැනීමට පුලුවනි. ඒ වගේම ගැබ්ගත් මුල් කාලයේදී ඇති අප්‍රසන්න ගතියට වෙරළු ගෙඩියක් කටේ තියාගෙන සිටීමෙන් යම් සහනයක් ලැබෙන බව අත්දැකීමෙන්ම කියන්න පුලවනි.

වෙරලුළුවලින් රසවත් ආහාර

දැන් පවතින අධික උණුහුම් තත්වයට වෙරලු පානයක් හදා ගන්නේ මෙහෙමයි.

ඉදුනු වෙරලු ගෙඩි කීපයක් අර ගෙන එහි මද සූරා ගන්න.
ඊටම ප්‍රමාණවත් තරම් වතුර, සීනි සහ ලුණු ඉතාම ස්වල්පයක් එක් කර ගෙන බ්ලෙන්ඩ් කර ගන්නත් පුලුවනි. එහෙම නැත්නම් හොඳින් මිශ්‍ර කරන්න. මේ පානයෙන් සිරුරට නව පණක් ලැබෙනවා.
ඒ වගේම අපේ හැඩකාර ගැටිස්සියන්ට ගැලපෙන වෙරලු අච්චාරුවක් මේ… හොඳින් පැහුන වෙරළගෙඩි ටිකටම ගම්මිරිස්, ලුනු එකතු කරල තම්බා ගන්න. මෙය අසුරා ගෙන දින කීපයක් ආහාරයට ගන්න පුලුවනි.

වෙරළුවලට චෝදනාත් නැහැ..
අද බොහොමයක් පළතුරු වලට ඉදවීමට විවිධ රසායනයන් එකතු කිරීම, කල්තැබීමට එකතු කරන දේවල් ගැන චෝදනා තිබුනත් වෙරලු ගැන නම් තවමත් චෝදනා ගොනු වෙලා නැහැ. ඒ නිසා මේ වටිනා පළතුර අහක නම් දාන්න එපා…

එන්. ඒ. පි. සි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1581 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:17:34 AM
Script:/article/1581/weralu-benefits.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:17:35 AM
Script:/article/1581/weralu-benefits.html