වෙනත් බීම වර්ග වෙනුවට වතුර විතරක් දවස් 9ක් එකදිගට පානය කරොත් වෙන්නේ මේකයි

March 21, 2017
9,269
Health Benefits of Drinking Water
බොහෝ දෙනෙක්ට තියන ලොකුම ප්‍රශ්නේ තමයි කට පාලනය කරගන්න බැරි එක. කන්න බොන්න ගියත් කතාබහ කරන්න ගියත් වැඩි දෙනෙක් අමාරුවේ වැටෙන්නේ කට නිසා. අපි දන්නවා කෘතීම පාන වර්ග කොහොමටවත්ම අපේ ශරීරයට හොද නැති බව. නමුත් අපිට තිබහක් හැදුනම ඒ වගේම මේ බීම වර්ග දැක්කමත් අපිට අපිවම පාලනය කරගන්න බැරි වෙනවා.

නමුත් විද්‍යාඥයන් පිරිසක් විසින් කරන ලද පරීක්ෂණයකට අනුව සොයාගෙන තිබෙනවා වෙනත් කිසිදු බීම වර්ගයක් පානය නොකර දින 9 ක් එක දිගට වතුර විතරක් පානය කිරීමෙන් මිනිස් සිරුරට ලැබෙන විස්මිත ප්‍රතිපල කිහිපයක් ගැන.

1. ඔබේ ශරීරයේ බර ඉක්මනින්ම අඩුවෙනවා

ඔබ දිනකට 8km ක් දිවීමෙන් දහනය කරන කැලරි ප්‍රමානයට සමාන ප්‍රමාණයක් කැලරි ඔබේ සිරුරෙන් ඉවත් වෙනවා දිනපතා.

2. ඔබේ සිරුරේ පරිවෘර්තිය ක්‍රියාවලිය කාර්යක්ෂම වෙනවා

මේ නිසා ඔබේ සිරුරට වැඩිපුර ශක්තිය ලැබෙනවා. ඔබ උදෑසන පානය කරන වතුර වීදුරුවකින් ඔබේ පරිවෘර්තිය ක්‍රියාවලිය 24% වැඩි වෙනවා.

3. ඔබේ මොළය හොදින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා.

අපේ මොළයේ ක්‍රියාකාරිත්වයට 75% - 85% අතර වතුර ප්‍රමාණයක් දිනකට අවශ්‍ය වෙනවා. ඔබ ජලය පානය කරනවා කියන්නේ එම අවශ්‍යතාවය ඔබ සපුරනවා කියන එකයි. මේ නිසා ඔබේ මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා.

4. ඔබේ ආහාර ලබාගැනීමේ අවශ්‍යතාවය අඩු කරනවා

ඔබේ අනවශ්‍ය බඩගින්න පාලනය කරමින් ඔබේ ශරීරයේ බර අඩු කර ගන්න උදවු වෙනවා.

5. ශරීරයට අහිතකර විෂ ද්‍රව්‍ය ඉක්මනින් ශරීරයෙන් ඉවත් කරනවා

සිරුරට හානිකර ද්‍රව්‍ය ඉක්මනින් සිරුරෙන් ඉවත් වෙනවා ඔබ වතුර පානය කරන නිසා. හරියට ඇදුමක තියන කුණු සේදිලා යනවා වගේ.

6. විවිධ රෝගයන් ඇතිවීමේ අවධානම අඩු කරනවා.

මුත්‍රාශය ආශ්‍රිත ලෙඩරෝග වළක්වනවා, බඩවැල් වල ඇතිවෙන පිළිකා තත්වයන් වළක්වනවා. ඒ වගේම හොද මානසික තත්වයක් පවත්වාගෙන යන්නත් වතුර හොදින් පානය කිරීම හේතුවෙනවා.

7. ඔබේ හදවත හොදින් ක්‍රියා කරන්න පටන් ගන්නවා

දවසකට ඔබ පානය කරන වතුර විදුරු 5 කින් හදවත් රෝගයක් වැළදීමට ඇති අවධානම 41% කින් අඩු කරනවා.

8. ඔබේ සම මෘදු සහ පිරිසිදු වෙනවා

ඔබේ ශරීරයට ජලය හොදින් ලැබෙනවා කියන්නේ එය සම පිරිසිදු වෙන්න වගේම සමේ තෙතමනය ආරක්ෂා වෙන්නත් හේතුවක්.

9. ඔබට විශාල මුදල් ප්‍රමාණයකුත් ඉතිරි වෙනවා

ටිකක් හිතල බැලුවොත් ඔබට වැටහේවි වෙනත් බීම වර්ග වලට වඩා වතුර මිලෙන් අඩු බව. ඒ වගේම ඔබට ජලය පානය කිරීමෙන් හොද නිරෝගී ජිවිතයක් උරුම වෙන නිසා අනවශ්‍ය ලෙස බෙහෙත් ලබාගැනීමට මුදල් වැය කිරීමට සිදු වෙන්නෙත් නැහැ .

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 138 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:51 AM
Script:/article/138/health-benefits-of-drinking-water.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:52 AM
Script:/article/138/health-benefits-of-drinking-water.html