ෂැම්පූ කන්ඩිෂනර් නිවැරදිව පාවිච්චි කරොත් කොන්ඩය පරිස්සම් කරගන්න පුලුවන්

August 15, 2019
20,254
Use shampoo and conditioner right to own a beautiful hair
තරුණියන්ගේ පංච කල්‍යාණිය අතරින් ඉහළින්ම තියෙන්නේ කේශ කල්‍යාණියයි. සාරවත් කොණඩයකට පුළුවන් ඔබේ සම්පූර්ණ පෙනුමම විශ්මිත ආකාරයට වෙනස් කරවන්න. පරිසර උෂ්ණත්වයේ සිට බොහෝ දේ නිසා හිසකෙස් වලට හානි සිදු වෙනවා. හානියට පත් හිසකෙස් වල රළු බවක් දැනෙන අතර බොහෝ විට විලාසිතා කරන්නත් අපහසුයි. ඔබේ හිසකෙස් වලටත් දිලිසෙන සහ සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා ගැනීමට ඔබට අවශ්‍ය නම්, මේ උපදෙස් ටික කියවලා බලන්න.

(01) සෑම දිනකම ඔබේ හිසකෙස් සේදීමෙන් වළකින්න

හැමදාම හිසකෙස් සෝදනවාට වඩා දින 2-3 කට වරක් ඔබේ හිසකෙස් සෝදා ගන්න පුරුදු වෙන්න. මොකද ඔබ නිතරම හිසකෙස් සෝදනකොට, ඔබ භාවිතා කරන නිෂ්පාදන මගින් ඔබේ හිස්කබලෙන් නිපදවන හිසකෙස් නිරෝගීව තබා ගැනීමට උපකාරී වන ස්වභාවික තෙල් නිපදවීමේ ක්‍රියාවලිය අඩාළ වෙනවා. එතකොට, ඔබේ හිසකෙස් අස්ථාවර විය හැකි අතර ඔබේ හිස්කබල තුළින් තෙල් අධික ලෙස නිපදවීමට පටන් ගන්නවා, එමඟින් ඔබේ හිසකෙස් අතර තෙල් සහිත ස්වභාවය අධික වෙනවා.

(02) සල්ෆේට් සහ සිලිකන් රහිත හිසකෙස් නිෂ්පාදන භාවිතා කරන්න

බොහෝ ඖෂධ වෙළඳසැල්වල තිබෙන ශැම්පූ වල සල්ෆේට් වැනි රසායනික ද්‍රව්‍ය අඩංගු වන අතර එමඟින් ඔබේ හිසකෙස් වලට වැඩි හානියක් සිදු වෙනවා. සිලිකන් වැනි රසායනික අමුද්‍රව්‍ය වලට හිස් කබලේ ස්වාභාවික තෙල් නිපදවන සිදුරු අවහිර වෙලා ඔබේ හිසකෙස් වේලෙන්න පුළුවන්. පුළුවන් තරම් හානිකර ද්‍රව්‍ය අවම ස්වාභාවික
නිෂ්පාදන වලට යොමු වෙන්න. ඔබ මෙච්චර කල් භාවිතා කරපු නිෂ්පාදනය ඔබේ කොණ්ඩයට පැතලි හෝ අඳුරු පෙනුමක් ඇති කරයි කියා ඔබට හිතෙනවා නම්, වෙනත් නිෂ්පාදනයක් උත්සාහ කරන්න. ඔබේ හිසකෙස් වර්ගය මත පදනම්ව නිෂ්පාදන තෝරන්න බුද්ධිමත් වෙන්න.

(03) ඔබේ කොණ්ඩය මෘදු ලෙස ෂැම්පූ කරන්න

ෂැම්පූ වලින් ඔබේ කොණ්ඩය පිරිසිදුව තබා ගැනීමට උපකාර වනවා වගේම අපිරිසිදු බවින් මුදවා හා අධික තෙල් සෑදීමත් වළක්වනවා. භාවිතා කිරීමේදී නිෂ්පාදනයේ සුළු ප්‍රමාණයක් පමණක් අත්ලට අරන් ඔබේ හිස සහ හිස්කබලේ ඉහළට යොදන්න. ඔබේ හිසකෙස් දැඩි ලෙස අතුල්ලන්න උත්සහ කරනවාට වඩා ඇඟිලි තුඩු වලින් සුමුදු
ආකාරයට හිසකෙස් පිරි මැද ශැම්පූ සෝදා හරින්න පුරුදු වෙන්න.

(04) ඔබේ කොණ්ඩයේ අග කොටසට කන්ඩිෂනර් අතුල්ලන්න

කන්ඩිෂනර් යොදන කොට, එය කෙලින්ම ඔබේ හිස්කබලට නොදා ඔබේ කොණ්ඩයේ දිගම කොටස් වලට පමණක් යෙදීමට උත්සාහ කරන්න. හිස්කබලට කන්ඩිෂනර් දැමුවහොත්, එමඟින් ඔබේ කොණ්ඩය අධිකව සිනිඳු වෙලා කෙස් වල බඩර අඩු වෙන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1387 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:12 AM
Script:/article/1387/use-shampoo-and-conditioner-right-to-own-a-beautiful-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:12 AM
Script:/article/1387/use-shampoo-and-conditioner-right-to-own-a-beautiful-hair.html