අවර ව්‍යංජන සහ මැල්ලුම

September 19, 2019
4,756
Flat Bean curry and malluma
අවර කියන්නේ බෝංචි කුලයේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. ඒත් සාමාන්‍යය පොදු පොළකින් වුනත් හැඩකාරියෝ මේ එලවලුව මිලට ගන්නේ නැත්තේ එය සකස් කරන ක්‍රම සහ විධි ගැන නොදන්නා නිසයි. එහෙමනම් මේ අවර හදන විවිධ ක්‍රම කීපයක් ගැන බලමු.

අවර ව්‍යංජන

අවශ්‍ය දේ :

අවර කරල් දහයක් පමණ
සුදුළූණු බික් හතරක් පහක්
රතුළූණු ගෙඩි කීපයක්
රම්පෙ, කරපිංචා
කුරුදු පොත්තක්
තෙල් ස්වල්පයක්
ලුනු, මිරිස්, තුනපහ, කහ

සාදන ක්‍රමය :

01. මුලින්ම බෝංචි වගේ අවර කරල් දෙපස තිබෙන රේණු ඉවත් කරන්න. මේ කරල් වර්ගය ස්වභාවයෙන්ම ගොරෝසු ස්වභාවයෙන් යුක්ත නිසා සිහින්ව කපා ගන්න.

02. දැන් මේ කපා ගත් අවර කරල් වලට ලුනු, මිරිස්, තුනපහ, ළූණු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා එකතු කරන්න. තෙල් ටික ලිපේ තියෙගෙන රත් වෙනකොට තෙල් වලට මේ අවර මිශ්‍රණය වතුර ටිකකුත් සමග දමන්න. හැබැයි වහන්න එපා. එතකොට ලස්සන කොළ පැහැය නැති වෙනවා.

03. දැන් තැම්බිලා වගෙයි නම් ලිපෙන් ඉවතට ගන්න.

———————

අවර මැල්ලුම

අවශ්‍ය දේ :

අවර කරල් දහයක් පමණ
සුදුළූණු බික් හතරක් පහක්
රතුළූණු ගෙඩි කීපයක්
රම්පෙ, කරපිංචා
ගම්මිරිස් තේ හැන්දක්
සුදුරු තේ හැදි බාගයක්
කුරුදු පොත්තක්
තෙල් ස්වල්පයක්
ලුනු
කහ
අබ ස්වල්පයක්
ගා ගත් පොල් මේස හැඳි දෙකක් පමණ

සාදන ක්‍රමය :

01. අවර කරල් දෙපස තිබෙන රේණු ඉවත් කරන්න. මේ කරල් වර්ගය ස්වභාවයෙන්ම ගොරෝසු ස්වභාවයෙන් යුක්ත නිසා සිහින්ව කපා ගන්න.

02. දැන් මේ කපා ගත් අවර කරල් වලට ලුනු, කහ ළූණු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, කුරුදු පොත්තක් එකතු කරන්න.

03. වතුර සමග ලිප තියන්න

04. පොල් සමග ගම්මිරිස්, සුදුළූණු, සුදුරු ටික අඹරන්න.

05. තැම්බී ඇති අවරවලට මේ පොල් එකතු කරන්න. පොල් ටික කලවම් කර පසෙකින් තබන්න.

06. භාජනයක් ලිප තබා තෙල් ටිකක් එකතු කර අබ පුපුරුවා ගෙන තැම්බී ඇති අවර සහ පොල් මිශ්‍රනය එක් කර තෙම්පරාදු කරගන්න.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1399 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:55:11 AM
Script:/article/1399/flat-bean-curry-and-malluma.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:55:11 AM
Script:/article/1399/flat-bean-curry-and-malluma.html