විවාහ වෙන්න ඉස්සර දැන ගත යුතු කරුණු

October 5, 2019
10,479
Facts to consider before getting married
ඉපදුණු දවසේ ඉඳලා ජිවිතේ ගෙවෙන්නේ බැඳීම් එක්ක. බැඳීම් කියන දේවල් අපේ ජිවිත වලට එතරම්ම වටිනවා. හැමෝටම තමන්ගේ සැබෑ ආදරය සොයාගන්න අවශ්‍යයි. තරුණ විය එළඹෙන විටම හැමෝම සැබෑ ආදරය ගැන හිත යොමු කරන්න පටන්ගන්නවා. අප බොහෝ දෙනක් ඒ ආදරය සොයාගෙන විවාහ වී ටික කලකින් අවබෝධ කර ගන්නවා අපි ඒ ආදරය ගැන සිතා සිටි ආකාරය වැරදියි කියලා. ඔබ සැබෑ ආදරය කුමක්දැයි දන්නවා කියා සිතුවත් විවාහයෙන් පසුව අපට ආදරය ගැන වැටහෙන කරුණු ගැන කතා කරන්න අද හැඩකාරි හිතුවා..

ආදරය සැම විටම පහසු නෑ. සෑබෑ ආදරය තදින් අල්ලා තබා ගැනීමට ඔබට සමහර අවස්ථාවලදී මුරණ්ඩුවෙන්න වෙනවා. ඔයා මුරණ්ඩු ලෙසින් හෝ ස්ථීරවම ඔබේ සහකරු හෝ සහකාරියට ආදරය කරන්නේ නැතිනම්, එම ආදරය පහසුවෙන්ම ගිලිහී යන්න ඉඩ කඩ තියෙනවා.

ආදරයට කොන්දේසි හා සීමා නෑ

සැබෑ ආදරයට කොන්දේසි හා සීමා නෑ. මම ඔයාට ආදරෙයි කියලා ලේසියෙන් ඔබට කියන්න පුළුවන්. නමුත් ඇත්තටම එය සැබෑ ආදරයද? සෑබෑ ආදරයට කිසිම සීමාවක් හෝ කොන්දේසියක් තියෙන්න බෑ. ඔබේ සහකරු හොඳක් කළොත් විතරද ඔබ ඔහුට ආදරෙයි කියන්නේ. එතකොට සහකරු වැරැද්දක් කළොත් ඔබේ ආදරය නැති වෙනවාද? හැමදාම, හැම මොහොතකදීම ඔබේ සහකරුට ආදරය කරන්න.

ආදරය සැප පහසුයි

විවාහයෙන් පසුවත් ආදරය තරමක් හෝ දුරට උද්වේගකාරී වෙන්න පුළුවන්. නමුත්, ඒ උද්වේගකාරී උමතුවට වඩා ගැඹුරු ප්‍රීතියක් විවාහයෙන් පසුව ඔබට අත්විඳින්න් පුළුවන්. ඔබේ එහාපැත්තේ ඔබ සමග සැමදා නිදාගන්නා ඒ පුද්ගලයා අසලදී ඔබට දැනෙන සැපපහසුව නැතිනම් එම විවාහය අසාර්ථකයි. විවහා වීමට පෙර දෙදෙනාගේ උණුසුම් හැගීම් ගැන විමසිලිමත් වෙන්න.

ආදරය හැමවිටම ප්‍රීතිමත් නැහැ

නොමේරූ ආදරය ඉතා සුන්ඳරයි. නමුත්, එම ආදරය වසර ගණනාවක් ගොස් මෝරණ විට හා විවාහ දිවියට ඇතුළුවෙන විට තත්වය වෙනස්වෙනවා. නොයෙකුත් හැලහැප්පීම් ඇතිවෙනවා, සිත් වේදනා ඇතිවෙනවා, අඩදබර ඇතිවෙනවා. නමුත්, මේ කුමන දේවල් සිදුවුනත් සැබෑ ආදරය තව තවත් ගැඹුරුවෙනවා. සැබෑ ආදරයේදී ඔය දෙපල වෙත එන සියළුම බාධක මැඩ පවත්වා ගත යුතුයි.

ආදරය හැම විටම ඇත්ත කියන්නේ නෑ

ඔබට වැඩියෙන්ම ආදරය කරන කෙනා ඔබට කවමදාවකවත් බොරු කියන්නේ නෑ කියා ඔබ සිතනවාද? ඔබට වැඩියෙන්ම ආදරය කරන කෙනා එම ආදරය වෙනුවෙන් ඔබට බොරු කියන්නත් පුළුවන්. ඔයා ඔහු වෙනුවෙන් සෑදූ රාත්‍රී ආහාර වේල රස නැතිවුනත් ඔහු රහයි කියනවා නේද? ඒ සැබෑ ආදරය නිසායි.

සැබෑ ආදරය කියන්නේ උමතුවක්. විවාහ ජීවිතයේදී දෙදෙනාට සමීප වෙලා ඉන්න පුළුවන් නිදහස් වෙලාවක් අනිවාර්යෙන් වෙන් කර ගන්න. එවිට බැඳීම් තව තවත් ශක්තිමත් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1407 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:10:24 AM
Script:/article/1407/facts-to-consider-before-getting-married.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:10:25 AM
Script:/article/1407/facts-to-consider-before-getting-married.html