කාන්තාවන් පීඩා විඳින තවත් එක් කාරණයක්

November 9, 2019
4,132
Lets talk about one more thing woman suffer with
සමහර පොත් වල ලියැවෙන්නේ ගෙදර බුදුන් අම්මා කියාය. දවස පුරා අපට ඇහෙන්න ලැබෙන්නේ සුන්දර ගැහැණුන් ගැනය. ඒත් ගැහැණුන්ගේ පීඩාවන් කතා කරන්නට ගිය තැන හිමිවන්නේ අපවාදය, ප්‍රතිපීඩාවන්ය. කාන්තාවන්ගේ ප්‍රශ්න වලට විසඳුම් තිබේද? කිසිසේත්ම නැත. අද හැඩකාරී අපි කතා කරන්න හිතුවේ කාන්තාවන් පීඩා විඳින තවත් එක් කාරණාවක් ගැනයි. ඒ කාන්තාවන්ට සනිපාරක්ෂක තුවා කොතරම් වටිනවාද යන්නයි. කාන්තාවක් වීම තුළ ඇයට ආවේණිකව පිහිටන කායික සහ මානසික ලක්ෂණ මොනවද? ආර්තවය කියන්නේ කාන්තාවටම සුවිශේෂී සංසිද්ධියක්. ඉතින් මේ ගැනත් බොහොමයක් දෙනා වැරදි මත ගොඩක් ඔළුවේ තියාගෙන තමයි ජීවත් වෙන්නේ.

ආර්තවය කියන්නේ සරලවම ගත්තොත් කාන්තාවකගේ ශරීරයේ තිබෙන ඩිම්බයක් සංසේචනය වී නැතිනම් ශරීරයෙන් ඉවත්වීමට අදාල ක්‍රියාවලියයි. මාසිකව හැදෙන පීරියඩ්ස් මුල් දවස් තුනේ දරාගන්න බැරි බඩ රිදිල්ලක්, කොන්ද කැක්කුමක්, කකුල් කක්කුමක් ඇති වෙනවා. මේ විදිහට හැම මාසයකම දරා ගන්න බැරි වේදනාවක් ඇති වීම කාන්තාවන්ට මානසික හිසරදයක්. ඔයා ඉගෙන ගන්නවා නම් ඉගෙනීම අතපසු  වෙන්න පුළුවන් රැකියාවක් කරනවා නම් එය කඩාකප්පල් වෙන්න පුළුවන් අම්මා කෙනෙක් නම් ළමයින්ගේ ගැන ගෙදර වැඩ වලට බාධාවක් වෙනවා. වේදනාව තිබුණා කියලා අපේ දවසේ වැඩ පාඩු කර ගන්න බැහැනේ. එ නිසා තමයි සනිපාරක්ෂක තුවා කාන්තාවන්ට බෙහෙවින්ම වැදගත් වෙන්නේ.

මේ දවස්වලට ස්නානය කරන එක වැරදි පුරුද්දක් කියලා මතයක් තිබෙනවා. මේක වෛද්‍ය විද්‍යාත්මකව කිසිඳු සත්‍යතාවයක් නැහැ. මේ දිනවලට කාන්තාවන් වෙනදටත් වඩා පිරිසිදුව සිටිය යුතුමයි. ඒ වගේම මේ කාලෙට ව්‍යායාම කරන්න හොඳ නෑ කියලාත් මතයක් තිබෙනවා. විශේෂයෙන්ම මේ කාලයට ශරීරයට ව්‍යායාම අත්‍යාවශ්‍යයි. ඒ වගේම ව්‍යායාම කරනවා කියන්නේ කොහොමත් යහපත් සෞඛ්‍ය පුරුද්දක්. සිද්ධවෙන්නේ පරිණත ගර්භාෂ බිත්ති සමග ඩිම්බයක් ඉවත්වීමයි. ගර්භාෂ බිත්ති ගැලවීම නිසා රුධිරය පිටවෙනවා. රුධිරය සහ අනිකුත් ගර්භාෂ බිත්ති කොටස් බොහෝ වෙලාවක් සනිපාරක්ෂක තුවා සමග තබාගෙන සිටීම නිසා අපිරිසිදු තත්වයක් වගේ විෂබීජ ආසාදන පවා සිද්ධ වෙනවා.

තමන්ට පිටවන රුධිර ප්‍රමාණයට සරිලන ආකාරයේ සනීපාරක්ෂක තුවා භාවිතය සහ පැය 3කට වරක්වත් ඒවා මාරු කිරීමට වග බලාගත යුතුමයි. ඒ වගේම ඒ කාලයට විෂබීජ නාෂක ද්‍රව්‍යයකින් යෝනි ප්‍රදේශය පිරිසිදු කරනවානම් වඩාත් හොඳයි. ඒ සඳහා කොහොඹ කොළ තැම්බූ වතුර භාවිතා කළ හැකිනම් ඔයාට තවත් සනීපාරක්ෂාව සැපයෙනවා.

ශරීරයෙන් රුධිරය සැලකිය යුතු ප්‍රමාණයක් පිටවීම නිසා යකඩ සහ ප්‍රෝටීන් බහුලව ශරීරයට අත්‍යාවශ්‍යයි. විශේෂයෙන්ම ඔසප් සමය තුළ සමබල පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම තමයි දියර වර්ග බහුලව ගතයුතුයි. වතුර බොනවා නම් තරමක් උණු ජලය පානය කරනවානම් එය තවත් ශාරීරික පහසුවක් දැනෙයි.

කාන්තාවක් තමන්ගේ සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනමයි මේ කාලයට. ඒ වගේම ඔසප් වීම් සම්බන්ධ අනවශ්‍ය මත වැඩි ප්‍රමාණයක් මනසේ තබාගැනීම සහ පැතිරවීම සිදුකරන්නේත් කාන්තාවන්ම තමයි. සමහරවිට පිරිමි පාර්ශවය මේ ගැන දැනුවත්ව නිවැරදි දේ කරන්න හදනවිට කාන්තාවන්ම මේ නොයෙකුත් මත ඔලුවේ තියාගෙන වැරදි දේම කරනවා. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1439 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:41:03 PM
Script:/article/1439/lets-talk-about-one-more-thing-woman-suffer-with.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:41:03 PM
Script:/article/1439/lets-talk-about-one-more-thing-woman-suffer-with.html