හෑන්ඩ් සැනිටයිසර් භාවිතා කරන්නේ මේ දේවල් හරියට දැනගෙන ද?

July 17, 2020
7,555
Do you use hand sanitiser knowing these?
දෑත් පිරිසිදු කාරකය නැත්නම් හෑන්ඩ් සැනිටයිසර් (Hand Sanitizer) අද වෙද්දී අපේ රටේ වගේම ලෝකයේම ප්‍රබල අවධානයක් දිනාගත්ත නිෂ්පාදනයක් බවට පත් වෙලා ඉවරයි. ඒ, COVID 19 වෛරසය හේතුවෙන් අපේ සමාජයේ නිර්මාණය කරලා තියන අනාරක්‍ෂික තත්ත්වය නිසා කියලා අපි දන්නවා. අද වෙද්දී වෙළඳපොළේ විවිධ වර්ග වල Hand Sanitizer නිෂ්පාදන වර්ග දකින්න ලැබුණත්, අපි ඒවා භාවිතා කරන අතරතුර මේවා ගැන නිවැරදි අවබෝධයක් ඇතිකර ගැනීම බුද්ධිමත් වැඩක්. මොකද ඒ හරහා අපිට වැඩිපුර ආරක්‍ෂාකාරී පරිසරයක් නිර්මාණය කරගන්න පුලුවන් වෙනවා. ඒ ගැන තොරතුරු කීපයක් අපි ඔබට කියන්නම්...


Hand Sanitizer කියන්නේ මොකක්ද ?
සාමාන්‍යයෙන් අපි එදිනෙදා ජීවීතයේදී අපේ පිරිසිදු කිරීම් සඳහා භාවිත කරන්නේ සබන් හෝ සබන් දියර වර්ගනේ. නමුත් Hand Sanitizer නිෂ්පාදන ඒවාට වඩා වෙනස්. ඒ මොකද කිව්වොත්, මේවායේ ක්‍රියාකාරීත්වය සබන් වලට වඩා කිහිප ගුණයකින් වැඩි නිසයි. මීට අමතරව සබන් භාවිතයේදී වගේ සේදීමක් ද මේ සඳහා අවශ්‍ය වෙන්නේ නෑ. ඉතාම පහසුවෙන්  ඕනෑම අවස්ථාවක භාවිත කිරීමේ හැකියාව පවතින එක තමයි මෙම නිෂ්පාදන වල තියන ලොකුම විශේෂත්වය.

Hand Sanitizer භාවිත කිරීමේ ඇති වාසි මොනවාද?
විශේෂයෙන් වර්තමානයේදී අපි ජීවත් වෙන්නේ අපේ අත් පිරිසිදුව තබාගැනීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවී ඇති පරිසරයකයි. අපේ සම මතුපිට ඇති අහිතකර බැක්ටීරියා, වෛරස් වගේ ඇසට නොපෙනෙන ජීව කොටස් ක්‍ෂණිකව විනාශ කිරීමේ හැකියාව මෙම Hand Sanitizer නිෂ්පාදනය වලට තියනවා. විශේෂයෙන් මේ නිෂ්පාදන වල තියන Alcohol සංඝටක නිසායි එම ආරක්ෂාව නිර්මාණය කරලා තියෙන්නේ . 

Hand Sanitizer නිෂ්පාදනයක අඩංගු ඇල්කොහොල් හඳුනාගමු :
සාමාන්‍යයෙන් අපිට එදිනෙදා ජීවිතයේදී විවිධ එතනෝල් වර්ග, "IPA නැත්නම් ISO Prophyl Alcohol" වගේ ඇල්කොහොල් වර්ග දැක ගන්න පුලුවන්. නමුත් බොහොමයක් ඇල්කොහොල් වලින් සමට දෙන්නේ අහිතකර තත්ත්වයක්. ඒ වගේම Hand Sanitizer නිෂ්පාදන සෘජුවම මිනිසාගේ සම එක්ක ක්‍රියා කරන නිසා ඒ සඳහා යොදා ගන්නේ සමට හිතකර එතනෝල් හෝ IPA විතරයි. සාම්ප්‍රදායික Hand Sanitizer නිෂ්පාදනයක ඇල්කොහොල් අඩංගු වීම අවශ්‍ය වෙන්නේ ඒකෙන් සුවිශේෂී පිරිසිදු කිරීමේ කාර්යයක් කරන නිසායි. නමුත් වර්තමානය වෙනකොට ඇල්කොහොල් අඩංගු නැති Hand Sanitizer නිෂ්පාදන ද තිබෙන්න පුලුවන්. ඒක එහෙම වුණත් ඒ වගේ නිෂ්පාදන වලින් අපි කලින් සඳහන් කරපු ඵලදායීත්වය සහ කාර්යක්‍ෂමතාවය ඇතිකර ගැනීම සම්බන්ධයෙන් තියෙන්නේ ගැටලූකාරී තත්ත්වයක්. 

දෑත් පිරිසිදු කිරීම සඳහා විධිමත් Hand Sanitizer නිෂ්පාදන භාවිත කරන්න ඕනේ ඇයි?
ඇත්තටම ක්‍ෂුද්‍ර ජීවීන් අපට හානිකරද? නෑ.. සෑම ක්‍ෂුද්‍ර ජීවියෙක්ම අපිට හානිකර නෑ. අපේ නිරෝගී පැවැත්ම සඳහා ක්‍ෂුද්‍ර ජීවීන්ගෙන් ලොකු පිටුවහලක් ලැබෙනවා. මේ නිසාම ක්‍ෂද්‍ර ජීවීන් "හිතකර" සහ "අහිතර" කියලා කොටස් දෙකකට වර්ග කෙරෙනවා. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුගේ සම මතුපිට ක්‍ෂුද්‍ර ජීවීන් වර්ග දහසකට වඩා ජීවත් වෙනවා කියලා සඳහන් වෙනවා. එහෙම ජීවත් වන ක්‍ෂුද්‍ර ජීවීන් කියන්නේ අපේ සමට හිතකර ජීවීන්. ඔවුන් සමට විෂබීජ ඇතුලූ වීම, සම මතුපිට නොයෙක් ප්‍රදාහයන් ඇතිවීම, ආසාත්මිකතා ඇතිවීමෙන් ද වලක්වලා අපේ සම ආරක්‍ෂා කරනවා. සමේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සමතුලිතව පවත්වාගෙන යාමට ද උපකාර කරනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ දේ තමයි අපි දෑත් පිරිසිදු කළ යුත්තේ අපිට හිතකර බැක්ටීරියාවන් ආරක්‍ෂා කර ගනිමින්, බාහිර පරිසරයෙන් අපේ සමට එකතුවන අහිතකර බැක්ටීරියාවන් ඉවත් කරන්නයි. 

මෙහිදී විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් කරන දෑත් පිරිසිදු කිරීමකදී අපිට හිතකර බැක්ටීරියා ද විනාශ වීමේ අවධානමක් පවතිනවා. මේක අපි දෑත් සේදුම් කාරක සඳහා භාවිතා කරන සබන් වර්ග (Surfactants) වලින් ද සිද්ධ වෙනවා. ලෝකය පුරා සිදුකරපු විද්‍යාත්මක පර්යේෂණ වලින් සනාථ වෙලා තියන කරුණක් වෙන්නේ විශේෂයෙන් සමට හිතකර එතනෝල් සහ IPA වගේ ඇල්කොහොල් වර්ග වලින් විනාශයට පත් වෙන්නේ අහිතකර බැක්ටීරියා සහ වෛරස් වර්ග විතරයි කියලායි. ඒ නිසා ඉතා දියුණු ආර්ථික සහ සමාජ මට්ටමක් තියන යුරෝපීය රටවල් වල (විශේෂයෙන් යුරෝපය, ඇමරිකාව වගේ රටවල් වල) Hand Sanitizer කියන්නේ අද වෙනකොට ඉතා ප්‍රසිද්ධ දෑත් පිරිසිදුකිරීම් කාරකයක්.

Hand Sanitizer ප්‍රමිතිය :
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් එක්ක අපේ රටේ Hand Sanitizer සඳහා වන ඉල්ලුම ඉතා ඉහළ ගිහින් තියනවා කියන එක අපි හැමෝම දන්නා කරුණක්. ඒත් Hand Sanitizer නිෂ්පාදනයක ඵලදායිතාවය හා ක්‍රියාකාරිත්වය තීරණය වෙන්නේ ඒකේ අන්තර්ගත Alcohol ප්‍රතිශතයෙනුයි. මේ නිසා ඒවායේ අන්තර්ගත Alcohol ප්‍රතිශතයේ අඩු වීම හෝ වැඩිවීම නිෂ්පාදනයේ ගුණාත්මක තත්ත්වයට සෘජු බලපෑමක් සිදුකරනවා. ගුණාත්මක බව සහිත Hand Sanitizer නිෂ්පාදනයක් කියන්නේ ඉතා ඉහළ මට්ටමේ ප්‍රවීණතාවයකින් සහ ඉතා ඉහළ තත්ත්ව පාලනයක් යටතේ නිපදවපු දෙයක්. ඒ වගේ නියමිත සාධකයන් සම්පූර්ණ නොකල නිෂ්පාදනයන්ගෙන් අපි අපේක්‍ෂා කරන ප්‍රථිඵල ලබා ගන්න බැරි වෙනවා. ඒ වගේම සම විවිධ ආසාදනයන්ට ද ලක්වීමේ අවදානමක් තියනවා. මේ හේතුව නිසාම අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් Hand Sanitizer නිෂ්පාදනය සෘජුවම නියාමනයට ලක් කරන අතර, එම කාර්යය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මගින් ක්‍රියාත්මක කරනවා. 

ඒ නිසා ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන භාවිත කිරීමට යොමුවීම තුලින් පාරිභෝගිකයන් විදිහට ඔබට ඔබ අපේක්‍ෂා කරනා ප්‍රතිඵල ලබාගන්න පුලුවන් වෙනවා. ඒ වගේම භාවිතයෙන් පස්සේ ඇතිවන අහිතකර තත්ත්වයන් වළක්වා ගනිමින් සෞඛ්‍යමත් මෙන්ම ආරක්‍ෂාකාරී ජීවිතයක් නිර්මාණය කරගැනීමේ හැකියාව ද ඔබට ලැබෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1707 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:40:04 AM
Script:/article/1707/do-you-use-hand-sanitiser-knowing-these.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:40:05 AM
Script:/article/1707/do-you-use-hand-sanitiser-knowing-these.html