හැර ගිය ආදරය ඔබ නැවත විශ්වාස කරනවාද?

December 4, 2019
972
Do you believe in left love?
විශ්වාසය බිඳී ගිය පසු සම්බන්ධතාවය පෙර ලෙසම ගොඩ නැගෙයිද? සබඳතා මුල් කාලයේදී එකිනෙකා අතර මුළුමනින්ම විශ්වාසය තබනවා. නමුත් ටික කාලයකට පසු ඔයා නිතරම ඔහු ගැන සැක සහ අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවක් පෙනෙනවා ද? විශ්වාසය නැවත අලුත්වැඩියා කිරීමට ඔයාට කුමක් කළ හැකිද? එවිට දෙදෙනාම නැවත සතුටින් සිටිය හැකිද යන කරණා මේ ලිපියෙන් අපි කියලා දෙනවා. ඔයාගේ පෙම්වතා ඔයාව රැවටා ඔයාගේ විශ්වාසය කඩ කළ කෙනෙකුව නැවත විශ්වාස කිරීම හරිම අමාරුයි. විශ්වාස කළා වගේ පෙන්නුම් කරත් පරණ සිදුවීම සැරින් සැරේ සිහියට නැගෙනවා. නැවත වරක් ඔයා ඇති කර ගත් විශ්වාසය කඩ වේවි කියලා ඔයා බිය වෙනවා.

01. විශ්වාසය ඇති කර ගැනීමට කාලයට ඉඩ දෙන්න

02. ඔහු නිසා එක් වරක් ඔයා වේදනාවට පත් වුණා.. එ නිසා නැවත වරක් වේදනාවට පත් වීමට ඉඩ ඇති බව තේරුම් ගෙන සිත ශක්තිමත් කර ගන්න

03. ආදරය සහ විශ්වාසය කියන්නේ එක ලඟින් යන කරුණු 2ක් බව මතක තබා ගන්න

ඔයා තුළ වූ බලාපොරොත්තු සුන් කර ගන්න එපා. සබඳතාවයක පදනම වෙන්නේ විශ්වාසයි. බැඳීම් එහෙමත් නැත්නම් සම්බන්ධතා කියන දේ පවතින්නෙ විශ්වාසය ඇත්නම් පමණයි. විශ්වාසයක් නොමැතිව කිසිම බැඳීමක් පවත්වාගෙන යන්න අමාරුයි. ඔයා පෙම්වතාගෙන් බලාපොරොත්තු වෙන විශ්වාසය බිඳුණු තැන බැඳීම් ද බිඳී යනවා සේම ජීවිතය ද අවුල් ජාලාවක් බවට පත් වෙනවා. විශ්වාසය යථා තත්වයට පත් කිරීම සඳහා ඉවසීම යන ගුණාංගය වැදගත් වෙනවා.

ඔයාගේ අතින් වරදක් වී ඔහු තුළ තිබු විශ්වාසය බිදුනොත් ඔබ කල යුත්තේ,

01. සහකරුගෙන් සමාව ඉල්ලන්න. සමාව ඉල්ලීම කියන්නේ ලැජ්ජාවට කරුණක් නෙමෙයි. කරපු වරදක් පිළිගැනීම හොඳ මහත්මා ගතිගුණයක්. ඔයාට ඔහු සමග මිත්‍ර වීමට ඇති උනන්දුව පෙන්විය හැකි හොඳ ක්‍රමයකි

02. බිඳුණු විශ්වාසය නැවත ගොඩා නගා ගැනීම පහසු කාර්යයක් නෙමෙයි. එ නිසා ඔයාගේ සහකරුට හිත හදා ගැනීමට කාලය ලබා දෙන්න

03. ඔයා කියන කරන දේ ගැන ඔහුව දැනුවත් කරන්න

04. ඔයා ඔහු හට දුන් පොරොන්දු එලෙසම රකින්න

05. ඔහුට දැනෙන්න ආදරය කරන්න

06. ඔහුගේ අවශ්‍යතාවයන් ගැන සැලකිලිමත් වන්න

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Singapore Noodles
   205
   59

සිංගපූරු නූඩ්ල්ස්

ඉක්මනින් වගේම ලේසියෙන් හදාගන්න පුලුවන් කෑමක් තමයි නූඩ්ල්ස් කියන්නේ. මේ රයිස් නූඩ්ල්ස් එක රසවත්. ඒ වගේම ඔයාට කැමති එළවලු මස් මාළු ඉස්සො එහෙම දාලා කැමති අකාරයට හදාගන්න පුලුවන්.
Indoor plants that cleans air inside your house
   33,814
   53

ගෙදර ලිපෙන් පවා පිට වන විෂ වායු නසන, නිවෙස තුළ තබන පැල (Indoor Plants)

මෙන්න මේ ශාක මගින් වැඩි ඔක්සිජන් වායුවක් පිට කරනවා වගේම නඩත්තු කරන්නත් ඔබට එච්චර වද වෙන්න ඕනේ නෑ
Symptoms to say you are pregnant
   22,034
   46

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Say bye to scaled skin
   6,633
   46

කොරල සහිත සමට සදහටම සමු දෙන්න

විශේෂයෙන් කකුල්වල සහ අත්වල මේ තත්ත්වය දකින්න පුළුවන්. උනන්දුවක් තියෙන කෙනෙක්ට ඉක්මනින්ම සුව කර ගන්නත් පුළුවන්. බලන්නකෝ මොනවද කරන්න පුලුවන් කියලා
Must have frocks for woman (part 02)
   9,141
   36

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග - (02 කොටස)

ඔයාට තවත් ලස්සනට අඳින්න පුළුවන් ගවුම් වර්ග මොනවාද කියලා

Latest Articles

Most Viwed

 |

x