කිරි දෙන මව්වරුන්ට ගුණදායක ආහාර

April 10, 2019
8,999
Healthy food for a feeding moms
මව්වරුන් ගන්නා ආහාරය නිසා මව් කිරි වැඩි දියුණු කරන අතර මේ ආහාර ඔයාගේ දරුවාට මිහිරි රසයක් ලබා දෙනවා. අද වර්තමානයේ ගොඩක් අම්මලා බබාට මව් කිරි මදිද නැද්ද කියලා හුඟක් තැවෙනවා. නමුත් මෙය මහා ලොකු ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. බබාට අවශ්‍ය තරම් මව් කිරි නිපදවෙන විදිහට සුළු සුළු උපායන් අම්මලාට කරන්න පුළුවන්. ඒ එක් උපායක් තමයි මව පෝෂණ ගුණයෙන් යුතු ආහාර ගැනීම. අද හැඩකාරී අපි ඔයාට කිරි දෙන මව්වරුන්ට ගුණදායක ආහාර කිහිපයක් ගැන මේ ලිපියෙන් කතා කරනවා.

කිරි අගුණ කොළ

අලුත උපන් දරුවකුට ලබා දිය යුතු සුදුසුම එකම ආහාරය වන්නේ මව්කිරි. නමුත් අවාසනාවකට මව්වරුන්ට දරු ප්‍රසූතියෙන් පසු මව්කිරි හිඟ තත්ත්වයකට පත්වෙනවා. තවත් අවස්ථාවක ප්‍රමාණවත් තරම් දරුවාට මව්කිරි දුන්නත් දරුවා කිරි බීමෙන් පසු වෙනත් අපහසුතාවලට ලක් වෙන්න පුළුවන්. දරුවා කිරි බීමෙන් පසු බඩ පුරවා දැමීම, කිරි වමනය, මල පිටවීමේ වෙනස්කම් වැනි තත්ත්වයන් දක්නට ලැබෙනවා. මේ වගේ අවස්ථාවලදී අඟුණ කොළ සම්බෝල හෝ කිරි අඟුණ මැල්ලුමක් ලෙස මවට ලබා දිම හොඳ විසදුමක්.
 
කොස්

කිරි දෙන මව පෝෂණය අත්‍යවශ්‍යයි. ඊට හේතුව දරුවාට කිරි දෙන්න මවට ශක්තිය අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය නිසයි. කටට රසට පිස මැල්ලුම්, පොලොස්, කිරි කොස් යනාදී වශයෙන් කිරි මවට දීමෙන් කිරි වඩවා ගන්න පුළුවන්. කොස් වල වාතය ඇති කිරීම නැති කිරීමට ගම්මිරිස් ඇට කිහිපයක් සහ සුදු ළූණු ව්‍යංජනයට එක් කරන්න.

කරවිල

කරවිල වල ඇති තිත්ත රසය නිසා වැඩි දෙනෙක් කෑමට අකමැති එළවළුවක් වුනත් කිරි දෙන මව්වරුන්ට ගුණදායක ආහාරයක් තමයි කරවිල කියන්නේ.  සිරුර සෞඛ්‍යමත් කර ගැනීම සදහා කරවිල ගුණදායක ආහාරයක් වෙනවා.

කෙසෙල් මුව

කෙසෙල්ම මුව ආහාරයට ගැනීමෙන් මවට කිරි එරෙනවා වගේම මල බද්ධය නැති කිරීමට, ප්‍රසවයේ ඇති වූ තුවාල සුවයට, ලේ වැඩීමට අගනා ආහාරයකි.

කුරක්කන් 

කුරක්කන් සතුව ඇත්තේ මව් කිරි වැඩවීමට පුදුම හැකියාවක්. යකඩ බහුල නිසා ප්‍රසවයේ ඇති වූ සියලු ගැටළු වලට ගුණ ඇති, විඩා නිවන සිත කය පිනවන අපූරු ආහාරය තමයි කුරක්කන් කියන්නේ. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1300 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:30:24 PM
Script:/article/1300/healthy-food-for-a-feeding-moms.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:30:25 PM
Script:/article/1300/healthy-food-for-a-feeding-moms.html