ඔම්ලට් පාන් පීසා

December 6, 2019
3,608
Omelet Bread Pizza
ලේසි ක්‍රමේකට වෙනස්ම ක්‍රමයකට පීසා එකක් පහසුවෙන් සකස් කර ගන්න හැටි කියලා දෙනවා

අවශ්‍ය ද්‍රව්‍ය :

සැන්ඩ්විච් පාන් පෙති 04
බිත්තර 03
සොසේජස්
කපා ගත් බෙල්පෙපර්
ලොකු ළුණු ගෙඩි 1/2
තක්කාලි ගෙඩි 01
⁣ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් ටිකක්
රස අනුව ලුණු
ගම්මිරිස් කුඩු

සාදන ක්‍රමය :

01. පාන් පෙති වල වාටි කපා ගෙන පෑන් එකේ ඇතිරිය හැකි ලෙස කෑලි කපා ගන්න.

02. බෙල්පෙපර්, සොසේජස්, තක්කාලි සහ ළුණු ද පොඩි කොටු කපා ගන්න.

03. දැන් බිත්තර තුන කඩා බෝල් එකකට දමා කපා ගත් සියල්ල සහ රස අනුව ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් බීට් කරන්න.

04. දැන් පෑන් එක ලිපේ තබා රත්වෙද්දි බටර් ටිකක් දමා ලිපේ ගින්දර අඩු කරලා කපා ගත් පාන් පෙති ටික පෑන් එකේ අතුරන්න.

05. මෙයට මික්ස් කර ගත් බිත්තර මිශ්‍රණය දාලා උඩින් ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් ටිකක් ඉහලා පියන වසා අඩු ගින්දරේ විනාඩි පහක් තියන්න.

06. චීස් ටික මෙල්ට් වී ගෙන එද්දි ලිපෙන් බාගෙන කෑලි කපා පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1474 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:34:12 AM
Script:/article/1474/omelet-bread-pizza.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:34:12 AM
Script:/article/1474/omelet-bread-pizza.html