හෙඩ්ෆෝන් භාවිත​ය කුඩා සහ තරුණ දරුවන් සඳහා ආරක්ෂිතද?

July 10, 2020
8,356
Are headphones safe for young kids?
මේ වන විටත් යොවුන් වියේ සහ කුඩා දරුවන්ට හෙඩ්ෆෝන් නිරන්තරයෙන් භාවිත කරන දෙයක් වෙලා. සංගීතයට සවන් දීමේදී, චිත්‍රපටි නැරඹීමේදී හෝ පාරේ යන විටදී බස් එකේදී අවට ඇතිවෙන ශබ්ද වලින් බේරෙන්න හෙඩ්ෆෝන් පළඳින්න ඔවුන් පුරුදු වෙලා තියෙනවා. නමුත් එය සැබවින්ම ආරක්ෂිතද? හෙඩ් ෆෝන්වල ඇති විකිරණශීලීබව නිසා ශ්‍රවණ හැකියාව​ට සහ මොළයට කරන අහිතකර බලපෑම් ගැන නොයෙකුත් කතාත් අපිට අසන්නට ලැබෙනවා. ඒ නිසා දරුවන්ට හෙඩ් ෆෝන් මිලදී ගැනීම හොඳද නරකද කියලා විස්තරයක් ගෙනෙන්න අපි හිතුවා...

කුඩා දරුවන්ට හෙඩ්ෆෝන් භාවිතා කළ හැකිද?

වැඩිහිටියන් භාවිතා කර​න හෙඩ්ෆෝන් ලාබා​ල වියේ දරුවන්ට සුදුසු දෙයක් නෙමෙයි. ළමයෙකුගේ ශ්‍රවණ මාර්ග​ය බොහෝ පටු වන අතර ​ඝෝෂාකාරී සංගීතයට සවන් දීමෙන් ඔවුන්​ට ශ්‍රවණ ගැටළු ඇති වන්​න පුළුවන්.

නමුත් ළමයින් සඳහාම නිර්මාණය කර ඇති හෙඩ්ෆෝන් තිබෙනවා. ශබ්ද​යේ මට්ටම නියමිත පරාසය තුළ රඳවගෙ​න සංගීතයට ඇහුම්කන් දීමට දරුවන්ව දිරිමත් කරන්න. සාමාන්‍යයෙන් උපරිම ශබ්ද මට්ටමෙන් 60%ක මට්ටමක් පවත්වා ගන්න. ඊට අමතරව විමසිල්ලෙන් සිට, පැයකට වඩා වැඩි කාලයක් දරුවන් එක දිග​ට එයට ඇහුම්කන් නොදෙන බවට වග බලා ගන්න. 

යොවුන් වියේ දරුවන් හෙඩ්ෆෝන් භාවිතා කිරීමේ අඩුපාඩු මොනවාද?

- අධික ශබ්දයන් ඇසීම ශ්‍රවණයට අහිතකර ලෙස බලපායි
- හෙඩ්ෆෝන් නිසා දරුවා අවට පරිසරය ගැන අඩු සැලකිල්ලක් දැක්විය හැකි අතර එමඟින් හානියක් සිදු වෙන්න පුළුවන්
- හිසේ කැක්කුම, කැරකැවිල්ල නිතරම ඇති වන්නට පුළුවන්
- හෙඩ්ෆෝන් යහළුවන් සමග බෙදාගැනීමෙන් විෂබීජ ඉක්මණින්ම පැතිරෙන්න ඉඩ තියෙනවා



හෙඩ්ෆෝනයක හොඳ පැති කිහිපයක්ද තිබෙනවා... 

- හෙඩ්ෆෝන් වල අවට ශබ්දය අවහිර කිරීමේ Noice Cancellation හැකියාව ඇති නිසා දරුවන්ගේ ශ්‍රවණය​ට සැබවින්ම පහසුවක් වන්නට පුළුවන්. සමහර විට දරුවා පාරේ සිටින විටදී ඇති වෙන ශබ්ද විකාශන සහ හෝන් ආදී ශබ්ද දරුවාගේ ශ්‍රවණය​ට බලපානවා. හෙඩ්ෆෝන් එක නිසා දරුවා එවැනි ​ඝෝෂාවලින් ආරක්ෂා කළ හැක.

- කණ ඇතුළුට වන්නට ​රඳවන In Ear Audio Piece නැතිනම් ඉයර් ෆෝන්( ear phone) වලට වඩා හෙඩ් ෆෝන්ස් කණට හිතකරය

- ළමුන් සඳහා නිර්මාණය කර ඇති හෙඩ්ෆෝන් වල ශබ්ද පරිමාව පාලනය කිරීමේ තාක්ෂණයක් ඇත. එම නිසා, සුළු වෙනස් කිරීමක් මඟින් ශබ්ද මට්ටම කළමනාකරණය කිරීමට ඔවුන්ට හැකි වේවි.



දරුවා සඳහා ආරක්ෂිත හෙඩ්ෆෝන් තෝරා ගන්නේ කොහොමද?

1. හෙඩ්ෆෝන් ප්‍රමාණය - ඕනෑවට වඩා තද හෝ ලිහිල් නොවිය යුතු අතර දරුවාගේ හිස මත නිසි පරිදි රැඳෙමින් කන් වලට නිසි ලෙස ස්ථානගත විය යුතුය.
2. කල් පවතින ඒවා වීම හොඳය - ළමයින්ගේ අතින් බොහෝ දේවල් බිම වැටී ඉක්මණින්ම කැඩෙනවා. එබැවින් වැඩි කල් පවතින එකක් තෝරන්න. Wireless හෙඩ්ෆෝන් එකක් වඩා සුදුසුයි.
3. දරුවාගේ අවශ්‍යතා සොයා බලන්න - Dyslexic දරුවන් හෝ ototoxic ඖෂධ ලබාගන්නා දරුවන් සඳහා Noice Cancellation සහිත හෙඩ්ෆෝන්ස් වඩා සුදුසු වෙයි.
4. ශබ්ද සීමාව - හෙඩ්ෆෝන් එකේ ශබ්දය සලකා බලා මිලදී ගැනීම සැමවිටම ආරක්ෂිතයි. උපරිම ශබ්ද සීමාව සොයා බලා දරුවා ඉහළ මට්ටමේ ශබ්දයකට නිරාවරණය නොවීමට වග බලා ගන්න.
5. පෙනු​ම - ළමයින් විසිතුරු දේ වලට කැමතියි. එනිසා හෙඩ්ෆෝනය ආකර්ෂණීය පෙනුමෙන් යුක්ත නම් ඔවුන් එය වැඩි කලක් ළඟ තබාගනීවි.



පහත උපදෙසුත් ඔබට වැදගත් වේවි..

- දරුවා හෙඩ්ෆෝන් එකෙන් අසමින් සිටින ශබ්දයන් ඔබට මීටරයක් දුරදී ඇසෙනවානම්, ඒ කියන්නේ දරුවා නුසුදුසු තරම් වැඩි ශබ්දයකින් එය අසන බවයි. එවිට ශබ්දය අඩු කර​වන්නට වග බලාගන්​න.

- දරුවා​ට සෑම පැයකටම වරක් විවේකයක් ගැනීමට බල කරන්න.

- දරුවන්ගේ ක​ණට ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමට උත්සාහ කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1692 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:31:24 AM
Script:/article/1692/are-headphones-safe-for-young-kids.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:31:25 AM
Script:/article/1692/are-headphones-safe-for-young-kids.html