දරුවන්ට වෙනම නිදා ගන්න පුරුදු කරන්න කියන්නේ ඇයි?

September 23, 2018
25,461
Why children should sleep separately from parents
දෙමාපියන්ගේ මුළු ලෝකයම දරුවන් වගේම, දරුවන්ගේ ලෝකයේත් ඉන්න විශ්වසවන්තනීයම දෙන්නා වෙන්නේ අම්මයි තාත්තායි. මොකද අම්මාගෙන් තාත්තාගෙන් විතරයි අද අපිට විශ්වාසවන්ත රැකවරණයක්, ආදරයක්, සෙනෙහසක් හොයා ගන්න පුළුවන් වෙන්නේ. බටහිර ක්‍රමයට අපේ සංස්කෘතියේ ගොඩක් දේවල් වෙනස් කළාට දෙමාපිය දූදරු සම්බන්ධතාව අඩපණ කරන්න නම් ටිකක් විතර අසීරු වෙලා තියෙනවා. අපි ඔයාගෙන් ඇහුවොත් ඔයාට අම්මා ගාව තාත්තා ගාව නිදා ගන්න අවස්ථාවක් ලැබුණොත් නිදා ගන්නවාද කියලා. හැමෝම ඔව් කියන පිළිතුර විතරක්ම දෙයි. මොකද අපි කොච්චර වයසින් මුහුකුරා ගියත් කැමතියි අම්මයි තාත්තාගෙයි ආදරය, සෙනෙහස ළඟ ටිකක් හරි නතර වෙලා ඉන්න. අද හැඩකාරී අපි ඔයාට කියන්න යන්නේ වෙනස්ම කතාවක්. ඔයාත් පොඩි දරුවන් ඉන්න අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් ඔයාගේ දරුවන්ට වෙනම නිදා ගන්න පුරුදු කරන්න දැන් ඉඳන්ම. හැඩකාරී අපි මෙහෙම කියන්නේ ඇයිද කියලා දැන ගන්න ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ.

දරුවන්ගේ පෞර්ෂත්වයට බාධාවක්

මුලින් කිව්වා වගේ අපේ රටේ පාසල් යන වයස වන තෙක්ම දරුවන් නිදා ගන්නේ දෙමාපියන් ළඟ. මේ කාරණය සතුටට කාරණයක් නම් නෙමෙයි. දරුවන්ට තේරෙන වයස එනකොට තනියම නිදා ගන්න වගේම උදේම අවදිවෙන පුරුද්දත් ඇති කරන්න ඕනේ. ඒත් ගොඩක් වේලාවට අද මේ කියන හැකියාව අපේ රටේ දරුවන් තුළ දක්නට නොමැති තරම්. ඔයාගේ ගෙදරත් පාසල් යන වයසේ පොඩි දරුවන් ඉන්නවා නම් පොඩ්ඩක් මතක් කරලා බලන්නකෝ උදේට ඉස්කොලේ යන්න ඔවුන්ව අවදි කරන්න ඔයා කොච්චර නම් ඔට්ටු වෙනවද කියලා. ඔයා පුංචි කාලේ ඉඳලා දරුවට වෙනම නිදා ගන්න පුරුදු කරලා තිබුණා නම් මේ වගේ ගැටළුක් ඇති වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි අම්මා, තාත්තා ළඟ නිදා ගන්නකොට ඔයාගේ දරුවා කවදාවත් කල්වේලා ඇතුව අවදිවෙන පුරුද්ද ඇති කර ගන්නේ නෑ. ඉතිං ඔයාටත් යමක් තේරුම් ගන්න පුළුවන් වයසේ දරුවෙක් ඉන්නවා නම් පුංචි කාලේ ඉඳලම වෙනම නිදා ගන්න පුරුදු කරන්න. ඒක ඔයාගේ දරුවාගේ පෞර්ෂත්වයට කරන ආයෝජනයක් වේවී.

සුවදායක නින්දක් අහිමි විය හැකියි

ඕනෑම කෙනෙක්ට සුවදායක නින්දක් අත්‍යාවශ්‍යයි කියලා ඔයා දන්නවානේ. ඒකට ලොකු පොඩි
කියලා භේදයක් නෑ. ඒත් ඔන්න ඔයාගේ දරුවා ඔයා එක්ක නිදාගත්තොත් ඇතැම් විට සුවදායක නින්දක් ඔයාට වගේම ඔයාගේ දරුවාටත් ලැබෙන එකක් නම් නෑ. සමාන්‍යයෙන් ගෙදර ප්‍රශ්ණ, රාජකාරී ප්‍රශ්ණ අඹුසැමි ප්‍රශ්ණ ගොඩක් දෙනෙක් කතා කරන්න පටන් ගන්නේ නිදා ගන්න ගියාමනේ. හැඩකාරී අපිට අනුව නම් එය යහපත් දෙයක් නෙමෙයි. මෙවැනි තත්ත්වයන් ඔයාගේ දරුවාගේ නින්දට බාධා පමුණුවනවා. දරුවන් විටෙන් විට ඇහැරෙනවා. අම්මයි තාත්තායි අතර කතාබහ වෙන දේවල් අහන් ඉන්නවා. ඉතිං මේ කරුණු නිසා ඔයාගේ දරුවාට සුවදායක නින්දක් ලැබෙන්නේ හරිම අඩුවෙන්.

වෙනත් සම්බන්ධතාවලට හොර පාරක් කැපෙයි

අපේ රටේ පවුල් පසුබිම තුළ සාර්ථක විවාහ ජිවිතයක් පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙන්නේ අඹු සැමියන් හරියාකාරව එකිනෙකාව තේරුම් නොගැනීම නිසා. ගොඩක් කාන්තාවන් කරන වැරැද්දක් තමයි දරු ප්‍රසූතියෙන් පස්සේ, දරුවට තේරෙන වයස එනකම් දරුවන්ව තමන්ගෙන් මොහොතකටවත් ඈත් කරන්නේ නෑ.

බොහෝ කාන්තාවන් හොයලා බලන්නේ දරුවාගේ ඕනෑ එපාකම්, අවශ්‍යතාවන් සම්බධයෙන් විතරයි. දවස ආරම්භ කරන්නේ වගේම අවසන් කරන්නේත් දරුවන්ගෙන්. ඉතිං මෙවැනි තත්ත්වයයකදී බිරිඳකගේ අවධානය සහකරුවාට නිසි පරිදි ලැබෙන්නේ නෑ. එතකොට ඔයාටත් නොදැනීම ඔයාගේ ස්වාමියා ඔයාගෙන් ඈත් වෙලා යන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. මෙය ඔයා හිතාමතා නොකරන දෙයක් වුණත් මෙයින් ඔයාලා දෙන්නා අතරේ දුරස් සම්බන්ධතාවක් ඔයාටත් නොදැනීම නිර්මාණය වේවී. ඔහු විකල්ප සම්බන්ධතාවට ඉක්මනින්ම පැටලේවී.

දරුවන් දෙමාපියන්ගේ ලිංගික සම්බන්ධතා දකිනවා

විවාහක යුවළක් අතර මෙවැනි සම්බන්ධතාවක් පැවැත්වීම සාමාන්‍ය දෙයක්. දෙමාපියන් එක්ක දරුවන් නිදා ගැනීම තුළ දරුවෝ දකිනවා දෙමාපියන්ගේ ලිංගික ක්‍රි‍යාකාරකම්. ඇතැම් විට ඔවුන් ඒවා යහලූවන්, හිතමිතුරන් එක්ක කියන්න වුණත් තියෙන ඉඩකඩ වැඩියි. ඒ විතරක් නෙමෙයි ඔවුන් තමන්ගේ ඇහෙන් දකින දේවල් ප්‍රා‍යෝගිකව අත් හදා බලන්න උත්සාහ කරනවා. ඒක දරුවන්ගේ ළමා කාලය තුළ යහපත් දෙයක් නෙමෙයි. අන්න ඒ නිසා දරුවන්ට වෙනම නිදා ගන්න පුරුදු කරන එක හරිම වැදගත්.

කෙන්තිය, තරහා දරුවන් පිටින් යවන්න තියෙන ඉඩකඩ වැඩියි

සමාන්‍යයෙන් පවුලක ස්වාමීයා හෝ භාර්යාව එහෙමත් නැතිනම් දෙදෙනාම කුමන හෝ රැකියාවක් කරනවානේ. ඉතිං දහවල් කාලයේ වැඩරාජකාරී එක්ක ඔට්ටු වෙලා හෙම්බත් වුණාට පස්සේ රෑට තමයි ටිකක් හරි විවේකයක් ලැබෙන්නේ. ඉතිං දරුවෝ එක්ක නිදා ගන්න ගියාම හිතන තරම් ඉක්මනට නිදා ගන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. ඉතිං ඔයාගේ හිතේ තියෙන කේන්තිය, තරහා සියල්ල එතකොට පිට කරන්නේ දරුවන්ගේ පිටින්. ඒක දරුවන්ට යහපත් දෙයක් නෙමෙයි. පුංචි දරුවන්ට වෙන දේවල් සියල්ල හරියට තේරුම් ගන්න බෑ. ඔවුන් දන්නේ අම්මා තාත්තා බනිනවා, කෑ ගහනවා කියන එක විතරයි. එයින් දරුවන්ගේ මානසික ආතතිය වගේම පිඩනය වැඩි වෙනවා. ඒක දරුවාට යහපතක් නෙමෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1089 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:00 AM
Script:/article/1089/why-children-should-sleep-separately-from-parents.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:00 AM
Script:/article/1089/why-children-should-sleep-separately-from-parents.html