ලූණු ආහාරයට ගැනීමෙන් ඔබට අත්වන සෞඛ්‍ය ප්‍රතිලාභ

January 14, 2022
7,849
Health benefits of onions
Allium කුලයට අයත් ලූණු සුද්ධ කිරීමට කදුලු සැළිය යුතු වුවත් ඒවා ඔබගේ ආහාර රසවත් කිරීමට ඉතාමත් අත්‍යවශ්‍ය වනවා.. රස පමණක් නොවේ ළුණුවල ඔබගේ ශරීරයට වැදගත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වනවා. ව්‍යංජන රස ගැන්වීමට පමණක් නොවේ සලාද , සුප් ආදි විවිධ ආහාර වලට එක්කර ගැනීමට ද ඔබට හැකියි.

ලූණුවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ

ලූණු යනු අඩු කැලරි සහිත ආහාරයක්. කාබෝහයිඩ්‍රේට් සහ ස්වාභාවික සීනි ස්වල්ප වශයෙන් අඩංගු වනවා. මධ්‍යම ප්‍රමාණයේ ළුණු ගෙඩියක පහත පරිදි පෝෂ්‍ය පදාර්ථ අඩංගු වනවා.

කැලරි: 44
සෝඩියම්: 4 mg
සම්පූර්ණ කාබෝහයිඩ්රේට්: 10 g
ආහාර තන්තු: 2 g
සීනි: 5 g
ප්‍රෝටීන්: 1 g
කැල්සියම්: 25 mg
පොටෑසියම්: 160 mg


ලූණු වර්ග

විවිධ ආහාර වට්ටෝරු සඳහා භාවිතා කල හැකි ලූණු වර්ග කිහිපයක් තිබෙන අතර බල්බ හැඩැති ලූණු (bulb onions) කහ, රතු සහ සුදු වර්ණයන්ගෙන් තිබෙනවා. ලංකාවේ අපි වැඩියෙන්ම භාවිතා කරන්නේ රතු පැහැතු ලූණු යි. ලොකු ලූණු සහ රතු ලූණු..

ළූණු ආහාරයට ගැනීමෙන් ඔබට අත්වන සෞඛ්‍ය ප්‍රතිලාභ



හෘද සෞඛ්‍යය ආරක්ෂා කරනු ලබනවා

ළූණු වල අඩංගු anti-inflammatory සාධක මගින් ඔබට අධි රුධිර පීඩන තත්ත්වයන් ඇතිවීම පාලනය කරනු ලබන අතර ඒ සඳහා උපකාරි වන්නේ ලූනුවල අඩංගු ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන quercetin ය. එමෙන්ම ලූනු ස්වහාවිකව ඔබගේ රුධිරය තුනී කරන අතර එමගින් රුධිර පට්ටිකා කැටි ගැසීම වළක්වාලනවා. විශේෂයෙන් එය හෘඳයාබාධ සහ ආඝාත තත්ත්වයන් ඇතිවීම පාලනයට උපකාරි වනවා.


ප්‍රතිබැක්ටීරීයා ගුණාංග අන්තර්ගත වීම

ඈත අතීතයේ සිටම ලූණු Escherichia coli (E. coli) සහ Staphylococcus aureus (S. aureus) වැනි භයානක බැක්ටීරියා වර්ග පාලනය සඳහා භාවිතා කරනවා. ළූණු වල ඇති Quercetin නම් ෆ්ලේවනොයිඩ් ප්‍රතිඔක්සිකාරකය ඒ සඳහා ප්‍රබල ක්‍රියාකාරිත්වයක් දක්වනු ලබනවා.


රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කරන්න

ඔබට ඉක්මනින් ඔබගේ රුධිරයේ සීනි පාලනය කරන්න කිරීමට අවශ්‍ය නම් කළ යුත්තේ ඉක්මණින් ලූණු ගෙඩියක් ආහාරයට ගැනීමයි. අධ්‍යනවලින් හෙළිව ඇත්තෙ ලූණු වල අඩංගු S-methylcysteine සහ quercetin යන සල්ෆර් සංයෝග මගින් දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට හැකි බවයි. ඊට අමතරව රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කිරීම, serum lipids, ඔක්සිකාරක ආතතිය පාලනය, ප්‍රතිඔක්සිකාරක එන්සයිම ක්‍රියාකාරිත්වය සහ ඉන්සියුලින් ස්‍රාවය වැඩි කිරීම ආදිය සඳහා ද මෙම සල්ෆර් සංයෝග සහය වනවා.


ලූනු සුද්ද කරන විට කඳුලු ගැලීම පාලනය කරගැනීමට කළ හැක්කේ කුමක්ද..?

ලූණුවල අඩංගු සල්ෆර් සයෝගයන්ගේ අඩංගු වායූ සංඝටක ඔබගේ ඇස්වල ඇති තෙතමනකාරක සමග ක්‍රියා කිරීම හේතුවෙන් ලූණු සුද්ධ කිරීමේදි කදුළු ගැලීම සිදුවනවා. එමනිසා ලූණු සූද්ධ කරන විට ඇස් ආසන්නයට නොගැනීම, සූද්ධ කිරීමට පෙර ලූණු විනාඩි 30ක් පමණ සීත කිරීමෙන්ද කදුළු ගැලීම පාලනය කරගත හැකියි.

දැන් ඔබ ලූණු වලින් ආහාර රසවත් කරනවාට අමතරව ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් නේද..? එසේනම් ආහාර වේල් සඳහා ලූණු වැඩිපුර එක්කර ගැනීමෙන් ඔබගේත් පවුලේ සාමාජිකයන්ගේත් සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කරගැනීමට ඔබටත් හැකියාව ලැබෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,782
   35

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Are you sleepy always? It can be a sign if a problem in your body!
   16,115
   18

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Changes in your body if you consume cod-liver oil daily
   98,707
   17

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
How to reduce under arm sweating
   27,959
   15

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Are you aware of dry cracked feet?
   18,873
   14

දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි

Latest Articles

Most Viwed