මෙන්න විවාහයට සුදුසුම කාන්තාව

April 17, 2017
32,148
The 3 Best Women To Marry (According To The Zodiac Signs)
ගැහැනුන් තෙරුම් ගන්න හරිම අමාරු කොට්ටාසයක්ය. පිරිමි එහෙම නැතෙයි කියලනේ පිරිමි කියන්නේ. ගැහැණු අපිට ඒ කතාව බලපාන්නේ අනිත් පැත්තට. පිරිමින්ව තේරුම් ගන්න හරිම අමාරුයි කියලනේ අපේ අදහස. ඒ කොහොම වෙතත්, ජිවිතේ මේ නොතේරුම් කම්, නොලගැපිම් එක්ක අපි දෙවර්ගයාට එකට ජිවත් වෙන්න සිද්ද වෙනවා.

අපි විවාහ වෙන්න සහකරුවෙක්, සහකාරියක් තොරගනිද්දී වැඩිහිටියෝ ගොඩාක් සැලකිලිමත් වෙන දෙයක්නේ හඳහන්. දෙන්නගේ හඳහන් ගැලපෙන්නේ නැති නම්, වෙන මොනවා ගැලපුනත්, විවාහයට නුසුදුසුයි කියලනේ කියන්න.

හැබැයි මේ කතා පරණ තාලේ අයගේය. අපි නම් ඒ අදහස් බැහැර කරලා කියලයි ගොඩක් තරුණ පිරිස කියන්නේ. එහෙම වුනත් සමහරක් තරුණ තරුණියෝ තවමත්, ඒ ගැන සැලකිලිමත් වෙනවා.

ඉතින් විවාහයට සුදුසුම සහකාරිය තෝරාගන්න විදිහක් තමයි මේ. තෝරාගන්නේ උපන් ලග්නෙට අනුව. හැඩකාරි පිටුවේ පළවුනත්, මේක ගොඩාක් වැදගත් වෙන්නේ පිරිමි පක්ෂයට. විවාදයට විවෘත මාතෘකාවක් මේ. කසාද බඳින්න සුදුසුම මෙන්න මේ ලග්න වලින් ඉපදුනු අයලු. ලග්න රාශියේ ලග්න දොළහෙන් ලග්න 3ක් විතරයි විවාහට සුදුසුම කාන්තාවන්ට හිමි ලග්න විදිහට තේරිලා තියෙන්නේ.

කටක ලග්නය

කටක ලග්නයෙන් උපන් කාන්තාවෝ හරිම හැඟීම් බරයි. ඔවුන් තමන්ගේ සහකරුවාට ආදරය කරන්නෙත් ඉතාමත්ම හැඟීම් බරව. මුළු හිතින්ම. කිසිම දෙයක් ආපසු බලාපොරොත්තු වෙන්නේ නැතුව කොන්දේසි විරහිත ආදරයක් ලබන්න නම් ඔබ කටක ලග්න හිමිකාරියක් හොයා ගන්න. තමන්ගේ ආදරය වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්නත් මේ අය දෙපාරක් හිතන්නේ නෑ.

ඔබ තෝරාගෙන තියෙන්නේ කටක ලග්න හිමිකාරියක් නම්, බය නැතුව කසාදයකට යන්න. මොකද ඔබ අරගෙන තියෙන්නේ ජිවිතේ ගැන නිවැරදිම තීරණයක්. ඔබව සතුටින් තියන්න ඇය නොකරන දෙයක් නෑ. උවමනා එකටයි එපා එකටයි හැමදේටම හිත කලබල කරගන්න එක තමයි මේ අයගේ නරකට තියෙන ලක්ෂණය. හැබැයි, ඊට වඩා ගොඩාක් හොඳ ලක්ෂණ තියෙනවනේ.

කටක ලග්න හිමිකාරිනියෝ ගොඩාක් වෙලාවට හොඳ කෝකියෝ. ඉතින් කටට රහට කන්න පුළුවන් කම ලැබෙනවා. කොහොමත් ගෙදර පිලිවෙලට තියාගන්න හැම වෙලේම මහන්සි වෙන මේ අය දරුවෝ බලාගන්නත් හරිම දක්ෂයි. ජිවිතයේ පළමු තැන දෙන්නේ තමන්ගේ දරුවන්ටයි, ස්වාමිපුරුශයටයි. පිරිමි කසාදෙට හොයන්නේ හොඳ අම්මා කෙනෙක් වෙන්න පුළුවන් ගැහැණු කෙනෙක්නේ. කටක ලග්නයෙන් උපන් කාන්තාවක් තමයි එකට සුදුසුම. මේ අය තමන්ගේ සැමියාගෙන් අවංකකම සහ පිවිතුරු ආදරය හැම වෙලේම බලාපොරොත්තු වෙනවා.

අනිත් ලග්න දෙක මොකක්ද?

විවාහයට සුදුසුම කාන්තාව 02 (මේෂ ලගනයෙන් උපන් කාන්තාව)

විවාහයට සුදුසුම කාන්තාව 03 (සිංහ ලගනයෙන් උපන් කාන්තාව)

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Shirt dress inspirations to stand out like a diamond
   13,054
   2,738

දියමන්තියක් වගේ කැපිලා පෙනෙන්න සැහැල්ලු ෂර්ට් ඩ්‍රෙස් විලාසිතාවන්

ෂර්ට් ඩ්‍රෙස් කියන ඇඳුම අනිත් මොන ඇඳුමක් එක්ක ගත්තත් පුංචි වැදගත් කමක් ඔයාට එකතු කරනවා. අද හැඩකාරී අපි ඔයාට මහගන්න, මස්සවගන්න සැහැල්ලු ෂර්ට් ඩ්‍රෙස් පැට්න් වලට අදහස් ටිකක් දෙන්න යන්නේ
Difference between love and truth - Story
   4,094
   416

ප්‍රේමයේ බැඳීම සහ සත්‍යය අතර වෙනස - Story

ඔවුන් අතර තියන දැඩි ප්‍රේමය නිසා ඔවුන්ට ඒ තීරණය අරන් වෙන් වෙන්න කිසිම අවශ්‍යතාවයක් තිබ්බේ නෑ..
Home remedies to get rid of Calluses
   1,217
   172

පාදයේ කැලසස් නොහොත් ඝන ගැටිති නිවසේදීම ඉවත් කරන්නේ කොහොමද?

කැලසස් කියන්නේ ඇතිල්ලීම හෝ ඝර්ෂණය නිසා පාදයේ ඇතිවන ගැටිති වලටයි. මෙය වේදනාකාරී මෙන්ම කකුලට අපහසුවක් සහ අවලස්සනක් ගෙනදෙනවා. ඉතින් කැලසස් ඔබේ පාදයේ හෝ අතේ ඇති නම් නිවසේදීම මේ පිලියම් කර දුරදිග නොයා එය ඉවත් කරගන්න පුලුවන්
How to remove hair dye on your skin
   629
   162

ඔළුවට දාන හෙයාර් ඩයි එක සමේ ගැවුනොත් ඉවත් කරන්නේ මෙහෙමයි

ඔයා නිවසේදී කෙස් කලඹ වර්ණ ගැන්වූවත්, සැලෝන් එකට ගියත් ඒ හෙයාර් ඩයි එක අනිවාර්යයෙන්ම ඔයාගේ නළල, කන්, බෙල්ල හෝ වෙනත් තැනක ගෑවෙනවා. නලලේ, අතේ, කන්වල පැල්ලම් සිටින මේ ගැටලුවට විසඳුම් අද අපි ගෙනාවා
Don’t do these mistakes that slow hair growth
   12,543
   137

ඔයාගේ හිසකෙස් වර්ධන වේගය අඩු කරන මේ වැරදි කරන්න එපා

කොණ්ඩය ඉබේටම වැඩීමට ලොකු කාලයක් ගත වෙනවා. නමුත් දිගු සහ නිරෝගිමත් කෙස් කලඹක සිහිනය සැබෑ කර ගැනීමට මෙම බලපෑම්කාරී දේ පිළිබඳව ඔයා දැනුවත් විය යුතුයි

Latest Articles

Most Viwed