මුතුවන් දත් දෙපළක් සඳහා ඔබ දැනගත යුතු කරුණු

December 25, 2019
8,301
What you should know to have beautiful teeth
ඔබේ දත් ගැන සැලකිලිමත්ද? නිරෝගී දත් දෙපෙළක් මුළු ජීවිත කාලය පුරාවටම අවශ්‍ය වෙනවා. ඔබට හොඳ නිරෝගිමත් දත් ඇති බව ඔබ පැවසුවද, ඒවා රැකබලා ගැනීමට සහ ගැටළු වළක්වා ගැනීමට සෑම දිනකම නිවැරදි පියවර ගැනීම ඉතා වැදගත් වෙනවා. නිවැරදි මුඛ සෞඛ්‍ය නිෂ්පාදන ලබා ගැනීම මෙන්ම ඔබේ දෛනික පුරුදු ගැන සැලකිලිමත් වීම මෙයට ඇතුළත් වේ. අද හැඩකාරී අපි ඔයාට නිරෝගිමත් මෙන්ම මුතුවන් දත් දෙපළක් සදහා ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් ගැන මේ ලිපියෙන් කියලා දෙනවා.

1. දත් මදින්නේ නැතිව නින්දට යන්න එපා
සාමාන්‍ය නිර්දේශයට අනුව අවම වශයෙන් දිනකට දෙවරක්වත් දත් මදින බව හැම කෙනෙක්ම දන්නා කාරණයක්. කෙසේ වෙතත්, අපගෙන් බොහෝ දෙනෙක් රාත්‍රියේදී දත් මදිනවා. ඇඳට යාමට පෙර දත් මැදීමෙන් දවස පුරා එකතු වන විෂබීජ සහ ආහාර කැබලි පහසුවෙන්ම ඉවත් කර ගන්න පුළුවන් වෙනවා.

2. නිසි ලෙස දත් මදින්න
ඔබ දත් මදින ආකාරය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙනවා. ඇත්ත වශයෙන්ම, ඔබ දත් මැදීමට මැලි බවක් දක්වන්නේ නම් එම නරක පුරුද්ද අත් හැර ගන්න. මුඛයේ ඇති බැක්ටීරියා වල ඇලෙන සුළු පටලය වන plaque එක ඉවත් කිරීම සඳහා දත් බුරුසුව මෘදු, රවුම් චලිතයකින් චලනය කරන්න. ඉවත් නොකළහොත් පටලය දිනෙන් දින වර්ධනය වී මුල් විදුරුමස් රෝග ඇති කරයි.

3. දිව නොසලකා හරින්න එපා
බැක්ටීරියා සහිත සුදු පැහැති පටලය ඔබේ දිව මතද වර්ධනය වෙනවා. මෙය මුඛයේ දුර්ගන්ධයට හේතු විය හැකිය. එපමණක්  නොව, වෙනත් මුඛ සෞඛ්‍ය ගැටළු වලටද හේතු විය හැක. ඔබ දත් මදින සෑම අවස්ථාවකම ඔබේ දිව මෘදු ලෙස මදින්න.

4. ෆ්ලෝරයිඩ් දන්තාලේපයක් භාවිතා කරන්න
දන්තාලේප සම්බන්ධයෙන් ගත් කල, සුදු කිරීමේ බලය සහ රසකාරක වලට වඩා වැදගත් අංග තිබේ. ඔබ තෝරාගන්නා දන්තාලේපය කුමක් වුවත්, එහි ෆ්ලෝරයිඩ් අඩංගු බවට වග බලා ගන්න. ෆ්ලෝරයිඩ් සෞඛ්‍යයේ අනෙකුත් අංශ කෙරෙහි බලපාන්නේ කෙසේද?  ෆ්ලෝරයිඩ් මුඛ සෞඛ්‍යයේදී ප්‍රධාන තැනක් ගන්නවා. මෙයට හේතුව ෆ්ලෝරයිඩ් දත් දිරායාමට එරෙහිව කටයුතු කිරීමයි. එය ක්‍රියාත්මක වන්නේ දත් ක්ෂය වීමට හේතු විය හැකි විෂබීජ සමඟ සටන් කිරීම මෙන්ම ඔබේ දත් සඳහා ආරක්ෂිත බාධකයක් සැපයීමෙනි.

5. දත් මැදීම වැදගත් කොට සලකන්න
නිතිපතා දත් මදින විට ආහාර කුඩා කැබලි කිරීමට, විදුරුමස් වල ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට, බැක්ටීරියා සහිත සුදු පැහැති පටලය අඩු කිරීමට සහ දත් වල ඇති වන වේදනාව අඩු කිරීමට උපකාරී වන ක්‍රමයකි. මෙම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් දිනකට දෙවරක්වත් දත් මැදීම ප්‍රමාණවත් වේ.

6. වැඩිපුර ජලය පානය කරන්න
මුඛ සෞඛ්‍යය ඇතුළුව ඔබේ සමස්ත සෞඛ්‍යය සඳහා හොඳම පානය ලෙස ජලය හදුන්වා දිය හැක. එසේම රීතියක් ලෙස සෑම ආහාර වේලකටම පසු ජලයෙන් මුඛය සෝදන්න. මෙමගින් දත් අස්සේ සිරවී ඇති ආහාර කැබලි සහ බීම වල ඍණාත්මක බලපෑම් අවම කිරීමට උපකාරී වේ.

7. පළතුරු සහ එළවළු අනුභව කරන්න
සමහර ආහාර ඔබේ දත් වලට එතරම් ගුණදායක නොවේ. නැවුම් පළතුරු සහ එළවළු වල වඩා සෞඛ්‍ය සම්පන්න තන්තු අඩංගු වෙනවා පමණක් නොව, එය ඔබේ දත් සඳහා හොඳම තේරීම ද වේ. 

8. මුඛ සේදීම ගැන සලකා බලන්න
නිරෝගිමත් මුඛ සෞඛ්‍ය සඳහා මුඛ සේදීම අවශ්‍ය බව පෙනේ, නමුත් බොහෝ අය ඒවා මඟහරින්නේ එය ක්‍රියා කරන ආකාරය නොදන්නා බැවිනි. මුඛ සේදීම නිසා මුඛයේ ඇති අම්ල ප්‍රමාණය අඩු කරයි, විදුරුමස් හා දත් දෙකක් මැද ප්‍රදේශ පිරිසිදු කරයි . මුඛ සේදීම විශේෂයෙන් සිදු කරන්න. විශේෂිත මුඛ සේදුම් නිර්දේශ සඳහා ඔබේ දන්ත වෛද්‍යවරයාගෙන් විමසන්න. සමහර වර්ග ළමයින් සඳහා මෙන්ම සංවේදී දත් ඇති අය සඳහා වඩාත් සුදුසු වේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1496 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:35:42 AM
Script:/article/1496/what-you-should-know-to-have-beautiful-teeth.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:35:42 AM
Script:/article/1496/what-you-should-know-to-have-beautiful-teeth.html