ඔබ උදේට අවදි වුණු ගමන් කිසිම විටෙක මේ දේවල් කරන්න එපා

September 17, 2020
7,012
Do not do these when you wake up
අවදි වීම: සමහර අයට ඒක ලෝකයේ පහසුම දෙය වෙනවා වගේම තවත් සමහර අය ඒකත් එක්ක සෑම උදෑසනකම පොරබදිනවා. ගොඩක් වෙලාවට අපි බහුතරයක් දෙනා එම අවසාන කණ්ඩායමේ කොටසක් නේද? ඒ නිසාම එලාම් එක එක්කත් අපිට උදේට ඇති වෙන්නේ පොඩි තරහක්. ඒත් අපේ එදිනෙදා ජීවිතය සාර්ථක කරගන්න නම් අනිවාර්‍යෙන්ම උදේට කලින් ඇහැ‍රෙන එක යහපත් පුරුද්දක් විදිහට ප්‍රගුණ කරන්න ඕනේ. ඒ වගේම කාන්තාවන්, තරුණියන් ඒ පුරුද්ද තමන්ගේ ජීවිතයට පුහුණු කරගත්තාම ඒකෙන් ලබා ගන්න පුලුවන් ප්‍රයෝජන විශාලයි. 

ඒත් එහෙම ඇහැරුණත් සාමාන්‍ය පුරුද්ද විදිහට ඔබ මුලින්ම කරන්නේ මොකක්ද? ගොඩක් අය කරන්නේ ෆෝන් එක අතට ගන්න එකයි. එහෙනම් අපේ ඒ උදෑසන පුරුදු පිළිබඳව හොඳ විවේචනාත්මක බැල්මක් හෙළන්න සුදුසුම වෙලාව තමයි මේ. මොකද ඔබේ ජීව්තය යහපත් වෙන්න හෝ අයපත් වෙන්න මේ කියන පුරුදු බලපානවා. ඉතින් ඔබ උදේට අවදි වුණ ගමන් ඔබ විසින් කිසිම විටෙක නොකළ යුතු දේවල් මෙන්න මේවායි...

තව ටිකක් නිදා ගන්න හිතන්න එපා
මේක නරක පුරුද්දක් කියලා අපි දන්නවා. ඒත් අපි දැන දැනම හැම උදේකම කිහිප වතාවක්ම ඒක කරනවා. තවත් මිනිත්තු පහක්… එහෙම නිදි කිරන එක ඇත්තෙන්ම ඔබට නරකයි. ඔබ ඇහැරුණ ගමන් ගිහින් නාන්න ඕනේ නෑ. නමුත් ඇඳ උඩ ඉඳගෙන නැවතත් ඔබේ ඇස් වසා ගන්න උත්සහ කරන්නත් එපා. ඔබේ එලාම් එකෙන් පවා Snooze බොත්තම එබුවට පස්සේ නැවත නින්දට ගියොත් ඔබට අලුත් නිදි චක්‍රයක් ආරම්භ කරන්න වෙනවා. එම චක්‍රයට නැවත එලාම් එකෙන් බාධා කෙරෙනවා. එතකොට ඔබේ ශරීරය උදෙන්ම ව්‍යාකූල වෙන්න පටන් ගන්නවා.

fetal position එකෙන් නිදන් ඉන්න එපා (දරුවෙකු මවු කුසේ ඉන්න ආකාරයට)
අපි කලින් කිව්වා වගේ ඔබ උදේට ඇහැරුණ ගමන් වහාම නාන කාමරයට දුවන්න ඕනේ නෑ. ඔබට අවදි වෙන්නට යම් කාලයක් ගන්න එක හොඳයි. නමුත් අවම වශයෙන් ඔබ ඇඳ උඩ කෙළින් වාඩි වෙලා කරන දෙයක් කරන්නට වග බලා ගන්න. මනෝවිද්‍යාඥයන් කියන විදිහට ඔබ අවදි වුණාට පස්සේ ඔබේ ශරීරය දිගාරිනවා නම් ඔබට වඩාත් විශ්වාසයෙන් ඔබේ දවස ආරම්භ කරන්න පුලුවන් වෙනවා. fetal position එකෙන් නිදා ගැනීම නරක අදහසක් වෙන්නේ, ඔබ ඔබේ පපුවට දණහිස් දෙක තියාගෙන දිගටම ඉද්දී බොහෝ විට ඔබට අවදි වෙන්න වෙන්නේ ආතතියෙන්. ඒකට හේතුව මෙම පිහිටීම හරහා ඔබේ මොළයෙන් ශරීරයට යම්කිසි දෙයකින් පහර දෙනවා සේ සියුම් සංඥාවක් යන නිසායි.

ඔබගේ දුරකථනය පරීක්ෂා කරන්න එපා
ඔබ දිවා කාලයේදී දුරකථනය, පරිගණකය සහ රූපවාහිනිය වගේ ඉලෙක්ට්‍රොනික තිර දිහා බලන් ඉන්න ප්‍රමාණවත් කාලයක් වැය කරනවා. උදේටත් ඒ පෙලඹවීම ශක්තිමත් එකක් වුණත්, උදේ අවදි වුණ ගමන් ඔබ කරන පළමු දෙය ඔබගේ දුරකථනය පරීක්ෂා කිරීම වෙන්න ඉඩ දෙන්න එපා. මොකද මනෝ විද්‍යාඥයින්ට අනුව ඒක ඔබගේ මානසික සෞඛ්‍යයට අහිතකරයි. ඒකට හේතුව ඔබ උදෙන්ම දුරකථනයේ තියන සියලු ආකාරයේ පෙළඹවීම් වලට නිරාවරණය වන නිසා. ඒ වෙනුවට දවසේ පළමු මිනිත්තු දහය ඔබ ඔබ වෙනුවෙන්ම ගත කරන එක වඩා හොඳයි. ඔබ කැමතිම යම් යම් දේවල් කිරීමට ඔබේ කාලය ගන්න; විශේෂඥයින් කියන විදිහට උදේ ඇඳෙන් බහින්න කලින් ඔයා කැමති පොතක් කියවීම, භාවනා කිරීම වගේ දෙයක් කරන එක දවසේ ආරභයට හොඳ රුකුලක්. ඒක දවස ආරම්භ කිරීමට වඩා හොඳ සෞඛ්‍ය සම්පන්න ක්‍රමයක්.

අඳුරේ සූදානම් වෙන්න එපා
ගොඩක් අයගේ අතින් උදේට අනිවාර්යයෙන්ම මේක වෙනවා; ඔබ උදේ පාන්දර ඇහැරුණ ගමන් දීප්තිමත් ආලෝකය සඳහා සුදානම් බවක් දැනෙන්නේ නැති නිසා කාමරයේ තිර රෙදි වහලා, ලයිට් නිවලා ඉන්න උත්සහ කරනවා ඇති. මේ ආකාරයට දිගටම කලොත් ඔබේ ඇස් අඳුරට හුරු පුරුදු වෙන්න පුලුවන්. ඒත් ඔබ ඒක නොකළ යුත්තේ ඒකෙන් ඔබගේ ශරීරයට වැරදි පණිවිඩයක් යවන නිසායි. ඔබේ ශරීරයේ තියන ජීව විද්‍යාත්මක ඔරලෝසුව ආලෝකය සහ අඳුරට ඉතා සංවේදීයි. උදේට අන්ධකාරයේම ඉන්න උත්සහ කළාම ඒකෙන් ඔබේ සිරුරට තවමත් රාත්‍රිය පවතින්නේ යැයි කියලා සංඥාවක් යවනවා. ඒකෙන් ඔබට දවස ආරම්භ කිරීම වෙහෙසක් වෙනවා. ඒ නිසා උදේට ඇහැරුණාම කාමරයේ තිර රෙදි විවෘත කරන්න. නැත්නම් කෙළින්ම ලයිට්ස් ඔන් කරන්න. මේ ක්‍රම වලට පුරුදු වුණාම ඔබට උදේට ඉක්මණින් ප්‍රාණවත්ව අවදි වෙන්න පුලුවන් වෙනවා!

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1830 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:40:05 AM
Script:/article/1830/do-not-do-these-when-you-wake-up.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:40:06 AM
Script:/article/1830/do-not-do-these-when-you-wake-up.html