කාර්යබහුල ඔබට ආහාරයට ගත හැකි ශක්ති ජනක ආහාර

July 1, 2021
7,124
Food that you can get good energy easily
අප ගතකරන ඉතාමත් කාර්යබහුල ජීවණ රටාව සමග බොහෝ විට අප සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වේලක් ලබා ලබා ගන්නවා වෙනුවට ලැබෙන කුමක් හෝ දෙයක් හෝ පහසුවෙන් සකස් කර ගත හැකි ආහාර වේලක් ගැනීමට පුරුදු වී සිටිනවා.. බොහෝ විට එය අධික පිෂ්ඨය, මේදය අධික ශරීරයට අහිතකර ආහාරයක් වෙන්න පුළුවන්.. දිගින් දිගටම මෙවැනි ආහාර රටාවකට ඔබ හුරුවීම ඔබගේ ශරීරයට ඉතාමත් අහිතකර ලෙස බලපානු ලබනවා.. බොහෝ විට ඔබට ශරීරයේ අප්‍රාණික බවක් නැතිනම් දුර්වල බවක් දැනෙන අවස්ථා ඇති.. එයට ප්‍රධානම වශයෙන් හේතු වන්නේ ඔබ ලබා ගන්නා ආහාරයේ ඇති ශක්තිජනක බව ඔබගේ කාර්යබහුල ජීවන රටාවට ප්‍රමාණවත් නොවීමයි.. කාර්යබහුලත්වයත් සමඟ ඔබගේ ශරීරයෙන් පිටවන ශක්තිය නැවත ඔබ ලබා ගැනීමට නම් පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර නිතර ලබාගත යුතු වනවා..එබැවින් හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට පහසුවෙන් ලබා ගැනීමට හැකි පෝෂණ ගුණයෙන් සහ ශක්තියෙන් ඉහල ආහාර කිහිපයක් ඉදිරිපත් කරනවා.. ඔබට පහසුවෙන් ලබාගැනීමට පුළුවන් වගේම පෝෂණ ගුණයෙන් ඉහළ, ඔබගේ දෛනික ශක්ති අවශ්‍යතාවය සපුරා සපුරාලීමටත් මෙම ආහාර ඔබට උපකාරී වේවි..

1. කෙසෙල්
ඔබගේ දෛනික ජීවිතයට අවශ්‍ය පොටෑසියම්, මැග්නීසියම්, විටමින් B, C වැනි අත්‍යාවශ්‍ය පෝෂක පදාර්ථ රාශියක් අඩංගු පහසුවෙන් ඔබට ලබා ගැනීමට හැකි ආහාරයක් වගේම මෙමගින් ශරීරයේ ශක්තිය ඉහළ දමනවා වගේ ම ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයටත් උපකාරී වනවා.

2. මේද සහිත මාළු
සැමන්, කෙළවල්ලන් (ටූනා), මෝර මාළු වැනි මාළු වර්ග ඔබගේ දිනපතා ආහාර වේලට එක් කර ගැනීම මගින් ශරීරයට ඔමෙගා 3,ව් විට්මින් බි 12 වැනි අත්‍යවශ්‍යය පෝෂ්‍ය පදාර්ථ ලබාගැනිමට හැකි වනවා..විශේෂයෙන් ඔමෙගා 3 ශරීරයට ප්‍රාණවත් බවක් සහ විටමින් බ්12 ෆොලේට් සමග ක්‍රියාකර සිරැරේ රතු රුධිරාණු වර්ධනය කරන අතර ශරීරයට අවශ්‍ය යකඩ ප්‍රමාණය ලබාදීමට උපකාරි වනවා. සිරැරේ රතු රුධිරාණු මට්ටම සහ යකඩ ප්‍රතිශතය ශක්තිමත් බවක් ලබාදීම කෙරෙහි බලපානු ලබනවා.. යම් හෙයකින් ඔබගේ සිරුරේ ප්‍රමාණවත් පරිදි යකඩ සංයුතිය නොමැතිවීම නිතර නිතර ඇතිවන අප්‍රාණික බව සඳහා හේතු වන්න පුළුවන්.

3. රතු සහල්
සුදු සහල් සමඟ සසඳන විට රතු සහල් වල තන්තු, විටමින්, ඛනිජ ලවණ අන්තර්ගත, අඩු ග්ලයිසමික් සංයෝගය නිසා රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම කෙරෙහිද බලපානු ලබනවා. විශේෂයෙන් දුඹුරු සහල් කෝප්ප එකහමාරක් ආහාරයට ගැනීමෙන් ඔබගේ දෛනික මැංගනීස් (manganese) ප්‍රමාණය ලැබෙන අතර එහි අඩංගු ඛනිජ ලවණ මගින් සිරැරට අවශ්‍ය කරන ශක්තිය ජනනය කිරීමට උපකාරී වෙනවා.

4. බතල
බතල ආහාරයට ගැනීම මගින් ශරීරයට අත්‍යවශ්‍ය යකඩ, කැල්සියම්, සෙලනියම්, මැංගනීස්, විටමින් ඒ වැනි පෝෂ පදාර්ථ රාශියක් ලබා ගැනීමට හැකියි. මිහිරි රසයකින් යුක්ත වීම නිසා ද කුඩා දරුවන්ටද පහසුවෙන් ලබා ලබාදීමට හැකි ඉතාමත් ශක්තිජනක ආහාරයක් ලෙස බතල පෝෂණවේදීන් විසින් හඳුන්වා දෙනු ලබනවා.

5. කෝපි
කාර්යබහුල ජීවන රටාවක නිරත වන ඔබට ප්‍රාණවත් බවක් ලබා ගැනීමට අවශ්‍ය නම් කෝපි කෝප්පයක් පානය කිරීමට පුළුවන්.. එහි අඩංගු කැෆේන් මගින් රුධිර සංසරණ වේගය වැඩි දියුණු කරන අතර එමගින් මොළයට ප්‍රමාණවත් පරිදි රුධිර ගමන් කිරීම වේගවත් කරනවා.. ක්ෂණිකවම ඔබට ප්‍රාණවත් බවක් ලබා ගැනීමට හැකිවනවා. නමුත් දිනකට කෝපි කෝප්ප 4ක් හෝ කැෆේන් මිලිග්‍රෑම් 400ක් ලබා ගැනීම නුසුදුසු බවයි වෛද්‍ය මතය වන්නේ.

6. බිත්තර
බිත්තරයක් ආහාරයට ගැනීම පහසුයි වගේම ඉන් ඔබගේ දෛනික පෝෂණයට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමටත් ඔබට හැකියාව ලැබෙනවා.. ප්‍රෝටීන් වලින් සපිරි බිත්තර හි අන්තර්ගත විටමින්B සහ leucine නමැති අම්ලය සෛලවලට අවශ්‍ය සීනි අවශෝෂණය කරගනිමින් ශක්තිය නිපදවීමට අවශ්‍ය උත්තේජනය ලබා දෙනු ලබනවා. එමෙන්ම ශරීරයට අත්‍යාවශ්‍ය ඔමේගා 3, යකඩ, සින්ක්, විටමින් සහ ඛනිජලවණ රාශියක් අන්තර්ගත වනවා.

7. ජලය
ඔබ කොතෙක් ආහාර ලබා ගත්තත් ශරීරයට අවශ්‍ය ප්‍රාණවත් බව ලැබෙනුයේ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම මගිනි. ශරීර ක්‍රියාකාරීත්වයට ප්‍රමාණවත් පරිදි ජලය නොලැබීමෙන් ඔබ විජලනයට ලක් වීමට පුළුවන්. එමෙන්ම ශරීරය අප්‍රාණික වීම, නිතර නිතර මහන්සි ගතියක් දැනීම වැනි රෝග ලක්ෂණ ඇති වීමටද හේතු වනවා. අවම වශයෙන් පුද්ගලයෙකු දිනකට වතුර ලීටර් තුනක් පමණ පානය කළ යුතු වනවා.

8. ඩාර්ක් චොකලට්
සාමාන්‍ය චොකලට් වලට වඩා ඩාර්ක් චොකලට් හි වැඩි කොකෝවා ප්‍රමාණයක් අන්තර්ගත වනවා.. එහි අඩංගු ප්‍රති ඔක්සිකාරක මගින් රුධිර සංසරණ ක්‍රියාවලිය පහසු කරන අතර මොළයේ හා ශරීර ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම වේගවත් කරනු ලබනවා. එමෙන්ම ඩාර්ක් චොකලට් ආහාරයට ගැනීමෙන් හෘද රෝග පිළිබඳ අවදානම අඩුවන බවත්, මානසික ශක්තිය වැඩි දියුණු කරන බවත් පෝෂණවේදීන් සඳහන් කරනවා.

9. යෝගට්
යෝගට් ඔබගේ දෛනික පෝෂණයට අවශ්‍ය ශක්තිය ලබාදීමට හැකි සුදුසුම ආහාරයක් ලෙසයි පෝෂණවේදීන් සලකන්නේ.. ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ලබා දෙන අතර එය කාබෝහයිඩ්‍රේට දිරවීමේ වේගය අඩු කරන නිසා රුධිරයට සීනී එක් වීමේ වේගය අඩු කරනවා. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමටත්, ඔස්ටියෝපොරෝසිස්, හෘද රෝග වැනි දෑ සඳහාත් ගුණදායක වෙනවා.

10. පරිප්පු
ශ්‍රී ලාංකික මුළුතැන් වල නොවරදින, ඉතාමත් ඉහළ ප්‍රෝටීන් සංයුතියකින් යුතු රනිල කුලයට අයත් පරිප්පු ඉතාමත් ශක්තිජන ජනක ආහාරයක් ලෙස සැලකෙනවා. පරිප්පු වල ප්‍රෝටීන්, ෆෝලේට් ,මැග්නීසියම් සහ සින්ක් සහ යකඩ අඩංගු වනවා.

11. අලිගැටපේර
අලිගැටපේර ශරීරයට අත්‍යාවශ්‍ය මේදය, විටමින් B, C, E, B5, B6, පොටැසියම් පෝෂණ ගුණයෙන් ඉහළ සුපිරි ආහාරයක් ලෙසයි පෝෂණවේදීන් හඳුන්වා දෙන්නේ.. අලිගැටපේර ආහාරයට ගැනීමෙන් ඔබගේ ශරීරයට අත් අත්‍යාවශ්‍ය විටමින් සහ ඛනිජලවණ සියල්ලක්ම වාගේ ලැබෙන අතර ශරීරය ක්‍රියාශීලීව පවත්වා ගැනීමට උපකාරී වනවා.

12. බෝංචි
පෝෂණයෙන් ඉහල බෝංචි ස්වභාවික ශක්ති ප්‍රභවයක් ලෙස හඳුන්වනු ලබනවා. එහි අඩංගු ප්‍රෝටින්, පොටෑසියම්, විටමින් සහ කැල්සියම් වැනි පෝශ්‍ය පදාර්ථ ශරීරයට අවශ්‍ය ශක්තිය නිපදවීම සඳහා උපකාරි වනවා.. විශේෂයෙන් කළු බෝංචි යකඩ, ෆෝලික් අම්ලය සහ මැග්නීසියම් ලබාගැනීමට ඇති පහසු ආහාරයකි.

13. කොළ පැහැති පලා වර්ග

යකඩ, කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම්, විටමින් A,C,E,K සහ ෆයිබර්, ෆෝලික් අම්ලය සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු කොළ පැහැති පලාවර්ග දිනපතා ආහාර වේලට එක්කර ගැනීම මගින් ඔබගේ ශරීරයට අවශ්‍ය පෝශණය පහසුවෙන් ලබාගත හැකියි.. විශේෂයෙන් ශරීරයේ යකඩ සංයුතිය අඩුවීම නිසා නිතර නිතර ඇතිවන වෙහෙසකාරි, ශරීරයට දැනෙන අප්‍රාණ ගතිය මග හරවා ගැනීමට අවශ්‍ය යකඩ බහුල ආහාර ලෙස නිවිති වැනි කොළ වර්ග හැදින්වීමට පුලුවන්.. එමෙන්ම සලාද කොල, සාරණ, තම්පලා, ගොටුකොල වැනි කොළ වර්ග ලබාගැණීමත් ඉතාමත් සුදුසු වනවා.

14. බීට්‍ රූට්
පෝශණවේදීන් බීට් හඳුන්වා දෙන්නේ ශරීරයේ ශක්තිය හා ජවය උත්තේජනය කිරීමට හැකි පෝශනයෙන් සපිරි ආහාරයක් ලෙසටයි. බීට් වල සහ එහි යුෂයෙහි අන්තර්ගත ඉතා වැඩි නයිට්‍රේට් ප්‍රතිශතය නිර්ටික් ඔක්සයිඩ් වැඩි කිරීමටත්, රුධිර පරිමාව වැඩි කර ශරීරයේ සෛල හා පටක වලට අවශ්‍ය ඔක්සිජන සැපයුම වේගවත් කරනවා.. මීට අමතරව බීට් ශරීරයට අත්‍යවශ්‍ය ෆොලේට්, යකඩ, මැන්ගනීස්, පොටෑසියම් වැනි සහ විටමින් සී ලබාගැනීමට හොඳම ආහාරයක් ලෙස හැඳින්විමට පුලුවන්. යුෂ, සලාද හෝ ව්‍යජන ලෙස ආහාරයට ගැනීමට ඔබට හැකියි.


යහපත් ශාරිරික හා මානසික සෞඛය තත්වයක් තබා ගැනීම ඔබගේ අභිප්‍රාය නම් ඔබ ලබා ගන්නා ආහාර පිළිබද ඉතාමත් සැලකිය යුතු වනවා.. මන්ද නීරෝගි ජීවන රටාවක් සඳහා සැලකිය යුතු කාර්ය්‍යභාරයක් අප ලබා ගන්නා ආහාර පාන මගින් සිදුකරනවා.. ඉහත අප ඉදිරිපත් කල ආහාරයන්හි අන්තර්ගත පෝශ්‍ය පදාර්ථ, විටමින් සහ ඛනිජ ලවණයන් ඔබගේ ක්‍රියාශීලි දිවියට අවශ්‍ය නිසි පෝශණය ලබා දෙමින් අවශ්‍ය ශක්තිය නිපදවනු ලබනවා.. එබැවින් ඔබත් නිරෝගි ජීවණ රටාවක් අපේක්ශා කරනවා නම් ඉහත සදහන් එක් ආහාරයක් හෝ ඔබගේ දිනපතා ආහාර වේලට එක්කර ගැනීමටත් ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමටත් උත්සාහ කිරීම වැදගත් වනවා..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2008 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:47 AM
Script:/article/2008/food-that-you-can-get-good-energy-easily.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:48 AM
Script:/article/2008/food-that-you-can-get-good-energy-easily.html