දවසම ඉදගෙන ඉන්න රස්සාවක් කරන ඔබ ඇත්තටම බිය විය යුතු මෙන්න මේ නිසා

January 25, 2017
8,779
Sitting too much may raise heart disease risk
යමක් කමක් තේරෙන්න පටන් ගත්ත කාලෙක ඉදලා කොයි කව්රුත් සිහින දකින්නේ හොද වැදගත් විදිහට ඇද පැළදගෙන ලස්සන office room එකකට වෙලා වැඩ කරන දවසක් ගැන. මේක හොද හීනයක් නම් තමයි, හැබැයි ඔබ දන්නේ නැතුව ඇති දවස පුරාම ඉදගෙන කරන රස්සාවක් ඔබේ ජිවිතයට කොච්චර හානිදායකද කියන එක. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඔබ ඉදගෙන සිටින සෑම පැයක්ම හදවත් රෝග වලට මග පාදනවා.

බොහෝ දෙනෙක් සිතනවා ඔවුන් උදේ සවස ව්‍යායාම කරහම ඔවුන්ට නිරෝගීව කාලය ගත කරන්න පුළුවන් කියලා. හැබැයි ඒක ඒ විදිහට සිද්ධ වෙන්නේ නම් නෑ මොකද අපි උදේ හවස ව්‍යායාම කරලා ඊට පස්සේ කරන්නේ දවසම ඉදගෙන ඉන්න රස්සාවක් නම් අපි හිතන්නෙවත් නැති විදිහට අපේ ශරීරයේ නිරෝගිකම පිරිහෙනවා. අපි ඉදගෙන ඉන්න සෑම පැයක්ම හදවත් රෝග වැළදීමේ අවදානම 14% කින් වැඩි කරනවා. අවසානයේ ඔබට සිදු වෙන්නේ හදවත් රෝගියෙකු ලෙස කාලය ගත කිරීමටයි.
හැබැයි ඉතින් මෙහෙම කියල අපිට රස්සාව අතහැරලා දාන්නත් බෑනේ. ඉතින් වාසනාවකට වගේ මේකට හොද විසදුමක් මේ පිලිබදව අධ්‍යනය කල පර්යේෂකයන් විසින් පෙන්වාදිලා තියනවා. ඔවුන් කියන ආකාරයට ඔබ දවසේ වැඩ කරන අතරතුර විනාඩි 45 කට පැයකට වරක් ඉදගෙන ඉන්න තැනින් නැගිටලා පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදිනවා නම් හදවත් රෝග නිසා ඇතිවන මරණිය අවදානම 33% අඩුකර ගන්න පුළුවන්. හැබැයි ඉතින් වැඩ අස්සේ ඔබට නිතරම මතක් වෙන්නේ නම් නැති වෙයි නැගිටලා ඇවිදින්න ඕනේ කියන එක. ඒක මතක් කර ගන්න ඔබට මේ ක්‍රම ටිකත් ඔබට උපකාරී වේවි.

1 මද වෙලාවකට කාර්යාලයේ අනෙක් මිතුරන් අසලට ගොස් කතාබහ කිරීම

2 වතුර බෝතලයක්ම ලග තබා ගන්නේ නැතුව පැයකට ප්‍රමාණවත් වතුර ප්‍රමාණයක් ලග තබාගෙන එය ඉවර වුනු පසු නැගිට ගොස් වතුර පුරවාගෙන ඒම

3 දුරකතන ඇමතුමක් පැමිණි විට අසුනින් මදක් නැගිට ඇවිදින ගමන් කතාබහ කිරීම

4 දුරකතනයේ හෝ සටහනක් තබාගෙන පැයකට වරක් මදක් කාර්යාලය තුල ඇවිදීම

5 කෑම පැයේදී සුළු වෙලාවක් ඇවිදීම සදහා වෙන් කර ගැනීම

6.වැඩ නිම වී යන වෙලාවට විදුලි සෝපානය භාවිතා නොකර පඩිපෙල් බැස යාමට හුරු විම

7 නිවසට ගිය පසුත් tv එක ඉදිරියට වී සිටීම වෙනුවට යම් ක්‍රියාකාරකමක නිරත වීම

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 15 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:56:38 AM
Script:/article/15/sitting-too-much-may-raise-heart-disease-risk.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:56:39 AM
Script:/article/15/sitting-too-much-may-raise-heart-disease-risk.html