කොරෝනා වෛරසය නිසා ගෙදර ඉන්න සැමට කළ හැකි දේ

April 6, 2020
7,112
What you can do while you stay home these days
COVID-19 වසංගතය නිසා හැමෝටම පාහේ නිදහසේ ගෙදර ඉන්න අවස්ථාව ලැබෙනවා. කොහොමින් කොහොම වුණත් ටික දවසක් යනකොට ගෙදර ඉන්නත් එපා වෙනවා. ගෙදරින් එළියට අඩිය තියන්නත් බයයි. මොකද තමන්ගේ ජීවිතය අනතුරේ දාගන්න කවුරුත් කැමති නැහැ. ඉතිං අද හැඩකාරී අපි ඔයාට කම්මැලිකම මැඩපවත්වා ගැනීම සඳහා, නිවසේදී කළ හැකි දේවල් ගැන දැනුවත් කරන්න සුදානම්. අපි ඔබ වෙනුවෙන් ඒවා පහත ලැයිස්තු ගත කරලයි තියෙන්නේ. මේ ගෙවන දින විවේකීව හා විනෝදවත්ව ගත කිරීමට ටිප්ස් කිහිපයක් මෙන්න. 

එදිනෙදා කළ ක්‍රියාකාරකම් ලොග් පොතක සටහන් කර ගන්න. ඔබ එදිනෙදා කල දේ ඔබේ දින පොතේ සටහන් කරන්න. ඒ වගේම ඔබට මේ තත්වය නිසා කරගත නොහැකි දේවල්, උදාහරණයක් ලෙස රාත්‍රී ආහාරය එලියට යන්න නොහැකි වීම, අවුරුදු පොලකට යන්න නොලැබීම වගේ දේවලුත් සටහන් කරන්න. මෙයට මුළු පවුලටම සහභාගී කර ගන්න. මේ ආකාරයට දරුවන්ට ඔවුන්ගේ දෙමව්පියන් සමඟ සතුට බෙදාගත හැක. කුඩා, වැඩිහිටි කියලා භේදයක් නෑ.

අන්තර්ජාලය උපයෝගී කර ගනිමින් ව්‍යායාම පුහුණු වෙන්න. එමගින් ඔයාගේ හෘදය නිරෝගීමත් කිරීම, ශක්තිය හා දරා ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීම සහ ආකර්ෂණීය සිරුරක් ලබා ගැනීමටත් පුළුවන් වෙනවා.  

ළමයින් සමඟ චිත්‍ර ඇඳීම සහ කතන්දර සාදන්න. තම අත්දැකීම් එකිනෙකා සමග බෙදා ගන්න. ඔයාගේ දෙමාපියන් සමග, ඔයාගේ දරුවන් සමග කුඩා කල අත්දැකීම් බෙදා ගැනීම හරිම සුන්දර අත්දැකීමක් වේවි. මෙමගින් එකිනෙකා අතර ඇති දුරස්ථභාවය නැති කර සහයෝගය වර්ධනය වෙනවා. 

ඒකාකාරී බවෙන් මිදීමට නිවසේ අය සමග විනෝද ක්‍රියාකාරකම් සිදු කරන්න. ලොකු පොඩි කිසිදු භේදයක් නොමැතිව සහයෝගයෙන් සෙල්ලම් කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස නිවස තුළ හැංගි මුත්තන් කිරීම, මල් පැල සිටවීම වැනි දේ කරන්න. 

විහිළු කතන්දර කියමින් හැමෝම සිනාසෙන විට ඔයාට පුදුමාකාර සතුටක් දැනෙනවා. පවුලේ අය විසිත්ත කාමරයකට රැස් වෙලා විහිළු කතන්දර කීමෙන් කම්මැලිකම නැති වෙලා යනවා.

නිවසේ මිදුලේ කුඩා කූඩාරම් සකස් කර ගෙන රාත්‍රී ආකාසයේ තරු බලන්න පුළුවන්. තාරකා නිරීක්ෂණය කිරීමෙන් දැනුම අනිත් අය සමග බෙදා ගන්න පුළුවන්.

මේ ආකාරයට ඔයාට පවුලේ අය සමග සතුටින් සිටීමට පුළුවන් වෙනවා. අපි හැම දෙයක්ම කරන්නේ පවුලේ අයට ඇති ආදරේ නිසා. අපි මේ විදිහට පවුලේ අය සමග සතුටින් හිටියොත් අපිට මේ අසීරු කාලය ආයාසයකින් තොරව ගෙවීමට හැකියාව ලැබේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1535 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:48:33 PM
Script:/article/1535/what-you-can-do-while-you-stay-home-these-days.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:48:34 PM
Script:/article/1535/what-you-can-do-while-you-stay-home-these-days.html