මෙන්න මේ කදරකාරයෝ පස්දෙනා පුළුවන් තරම් අතේ දුරින් තියාගන්න

June 10, 2018
11,975
Keep these 5 people hand length
අහල ඇතිනේ කතාවකුත් මිනිස්සු විවිධාකාරයි කියලා. ඇත්තටම ඒ කතාව 200% ක් නිවැරදි. මිනිස්සු විවිධාකාරයි තමයි. තේරුම් ගන්න හරිම අමාරුයි, සමහර අය හරිම ගුප්තයි, ඒවගේම සමහර අය හරිම භයානකයි, සමහර අඟේ ඉඳන් කන කනවා, තවත් සමහර අය පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනිනවා, තවත් සමහර අය අපිව බෙල්ලටම හිර කරනවා, අපිව අමාරුවේ දානවා. මෙන්න මේ වගේ අය තමයි අද අපිට වැඩිපුර ආශ්‍රය කරන්න වෙලා තියෙන්නේ.

එහෙමයි කියලා හොඳ මිනිස්සු නෑ කියනවා නෙවෙයි. උතුම් ගති ගුණ තියෙන මිනිස්සුත් අපි අතර ඉන්නවා. ඒත් ඒ අය ටික ටික වඳ වීමේ තර්ජනයට ලක් වෙලානේ. ඒ නිසා දැන් වැඩිපුර ඉන්නේ අර කලින් කිව්වා වගේ අය තමයි. ඉතිං ඒ වගේ අයගෙන් අනිවාර්යෙන් අපි පරිස්සම් වෙන්න ඕනෙ. නැත්තම් අනිවාර්යෙන් ලෙඩ ගොඩක පැටලෙනවා. කියවල බලන්නකො අතේ දුරින් තියා ගන්න තරමට ඔයාගේ ඇඟට ගුණ මොන වගේ අයද කියලා.

1. gossip කාරයෝ/කාරියෝ

ඇත්තම කියන්න එපැයි. ගෑණු කොහොමත් ඔපදූප මළු. හැබැයි ඉතින් දැන් පිරිමි කියලත් වෙනසක් නැහැ. සාමාන්‍යයෙන් මිනිස්සු හරි කැමතියිනේ අනුන්ගේ ඕපාදූප අහන්න. ඒක ඉතින් හැටි. ඉල්ලුමට සැපයුමකුත් තියෙන්න එපැයි. ඉතින් ඔන්න ඔය ඕපදූප බෙදාහරින අය හරිම භයානකයි. මෙතනදී අනවශ්‍ය විදියට අනුන්ගේ ඕපාදූප හොයන, අනුන් ගැන නරක විදියේ දේවල් කතා කරන කෙනෙක් ඔබ සමග ඉන්නවා කියන්නේ ඒ තරම් කරදරයක් ඔබට ඔබේ ජීවිතය තුළ හොයා ගන්න නැති වෙයි. ඒ අය අනුන්ගේ ඕපාදූප ටික හොයාගෙන ඇවිල්ලා ඔයා ළඟ කියනවා වගේ තමයි ඔයාගේ දේවලුත් ගිහිල්ලා එක හත කරලා අනිත් අය ළඟ කියන්නේ. ඒ නිසා අනිත් අය ඔපදුප අහන්න ඔයාගේ වටිනා කාලය වැය කරන්න එපා. ඒක ඔයාගේ ප්‍රතිරූපයටත් හානියක්.

2. විවේචනයන් කරන්නම බලාගෙන ඉන්න අය

තවත් පිරිසක් ඉන්නවා අපි කරන කියන දේවල් ගැන හොඳ අවධානයෙන් බලාගෙන ඉන්න අය. එහෙම අය බලන් ඉන්නේ කොතනද පොඩි හරි වැරැද්දක් කරන්නේ කියලා. ඒ වගේ කෙනෙක්ට අපේ පොඩි හරි දුර්වලතාවයක් පෙනුනොත් ඒ ගොල්ලෝ කරන්නේ අපිව විවේචනය කරන එක. හැමදාම අනුන්ගේ විවේචන ඉවසන්න තරම් අපි රහත් වෙලා නෑනේ. ඒ නිසා මේ වගේ අයගෙන් ඈත් වෙලා ඉන්න එක හොඳයි. එහෙම නැත්තම් මේ වගේ අය එක්ක ඕනවට වඩා ගනුදෙනු කරලා හැමතිස්සෙම ලේ කෝප කරගෙන අපි නිකන් ලෙඩ්ඩු වෙනවා.

3. මාර විදියට කැප වෙලා වැඩ කරන අය

හැමදේකටම මාර විදියට කැපවෙලා වැඩ කරනවා වගේ පෙන්නන්න තමයි වැඩිපුරම අය දක්ෂ. හැබැයි කරන දෙයක් නම් නෑ. ඔක්කොම කටින් විතරයි. එහෙම කරන ගමන් අනිත් අයව කපන්න උත්සාහ කරනවා. පාවා දීම් කරන්න මේ වගේ අය හරි දක්ෂයි. එහෙම කරලා අනිත් හැමෝම ඉදිරියේ හොඳ නෝනා, මහත්තයා වෙන්න මේ අයට පුදුම හැකියාවක් තමයි තියෙන්නේ.

4. රණ්ඩු කෙකි

හොස්ස ළඟින් මැස්ස යන්න බැරි එල්ලෙන්නම බලන් ඉන්න අයත් ඉන්නවනේ. යන යන තැන රණඩු ඇති කර ගන්න එක මෙයාලගේ පුරුද්දක්. ඒකට තැනක් නොතැනක් නෑ, office එකේ, මහා පාරේ, බස් එකේ කොහේ වුනත් කමක් නෑ. තැන අදාලම නෑ. මේ වගේ අයට මොන තරම් තේරුම් කරලා දුන්නත් වැඩක් නෑ. මේ වගේ අයගේ තියෙන මේ උපන් ගති අරින එක පැත්තකින් තියලා මේ අයත් එක්ක තියෙන ආශ්‍රය නවත්තන එක තමයි හොඳම දේ. එහෙම නැත්තම් කොයිම වෙලාවක හරි, කොතනකදි හරි මේ වගේ අය නිසා ඔයාට ලැජ්ජාවට පත් වෙන්න වෙනවා.

5. සියල්ල දත් පණ්ඩිතයෝ

තවත් පිරිසක් ඉන්නවා තමන් සියල්ල දත් කියලා හිතන් ඉන්න අය. ඒ අය හිතන් ඉන්නේ තමන් තරම් දන්න වෙන කවුරුත් නෑ කියලා. ඒ අය හැම තිස්සෙම අනිත් අයට උපදෙස් දෙන එක තමයි කරන්නේ. මේක මේ විදියට කරන්න, අරක අර විදියට කරන්න, ඕක ඔහොම කරන්න එපා, මේක මෙහෙම කරන්න එපා. අම්මෝ මේ වගේ අයත් එක්ක වැඩ කරන එක නම් හරිම අමාරුයි. ඒ නිසා මෙන්න මේ වගේ අයට කියන්න වෙන්නේ "ඔයා ඔයාගේ වැඩක් බලාගෙන ඉන්නවද?" කියල තමයි. තරහ වුනත් කරන්න දෙයක් නෑ. නැත්තන් කවදාවත් මේ වගේ අයත් එක්ක ඉහ ගහගෙන ඉන්න අමාරුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 869 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:49:20 AM
Script:/article/869/keep-these-5-people-hand-length.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:49:20 AM
Script:/article/869/keep-these-5-people-hand-length.html