ඔබේ පෙනුම වඩාත් ආකර්ෂණීය වන ආකාරයට මස්කාරා යොදන්න උපක්‍රම 7ක්

February 12, 2020
11,921
How to use mascara for an attractive look
සිත් ඇදගන්නාසුළු බැල්මක් හෙලලා අනිත් අයව ආකර්ෂණය කර ගන්න සෑම කාන්තාවකටම ස්වභාව ධර්මයෙන් දායාද වෙලා තියන වටිනාම ඉන්ද්‍රිය ඇසයි. ඉතින් ඇස් දෙක ආරක්ෂා කරගන්නවා වගේම ඇස් දෙක ලස්සනට තියාගන්නත් ඕනෑම ගෑණු ළමයෙක් කැමතියිනේ. මස්කාරා ඒ නිසා අපිට ගොඩක් වැදගත් වෙනවා. අපි අද බලමු පිළිවෙලට මස්කාරා ආලේපනයක් තනියම, හරි විදිහට කරගන්නේ කොහොමද කියලා. 

1. පළමුව
පළමුවෙන්ම ඔබේ ඇහි පිහාටු වල මැද සිට අග දක්වා ආලේප කර ඇහි පිහාටුවේ ඉතිරි කොටසට මස්කාරා ආලේප කිරීමට පෙර එය වියළීමට ඉඩ දෙන්න. මොකද ඔබ ඇහි පිහාටුව​ල මුලට වැඩිපුර මස්කාරා යොදන විට, ඇහිපි​ය බර වන නිසා ඔයාට ඇස් ඇරීමට අපහසු වෙනවා.

2. බුරුසුව නමන්න
ඔබේ ඇහි පියන් වල කුඩා කොන් වල මස්කාරා යෙදීම සඳහා කළ හැකි උපක්‍රමයක් වන්නේ අංශක 45ක කෝණයකින් බුරුසුව නැමීමයි. බුරුසුව කම්බි වලින් සාදා තිබීමට එයත් හේතුවක්. සමහර බුරුසු නම් එසේ නැම්මක් ඇතිවම නිෂ්පාදනය කරලා තියෙනවා.

3. ඉහළට යන බුරුසුව කරකවන්න
ඔබේ ඇහි පියන් වල ඇති සියලුම ඇහිපිහාටු මස්කාරා වලින් ආවරණය කර ගැනීම සඳහා උපක්‍රමයක් තමයි මස්කාරා බුරුසුව කරකවමින් සිරස් අතට ඇහිපිහාටු වල උඩින් සහ යටින් ආලේප කරන එක. ඔබ මෙය කරන විට ඔබේ ඇහිබැමිවල පරිමාව වැඩි කර පෙන්වනවා. 

4. සිග්සැග්
සියලුම පියන් පත් මත මස්කාරා ගල්වා ඒවා එකවර ඒකාකාරව පැතිරවීමට තවත් උපක්‍රමයක් වන්නේ සිග්සැග් චලනයක් සිදු කිරීමයි. ඔබ ඔබේ ඇහිබැමිවල කෙළවරට බුරුසුව ගෙන යන විට, සිග්සැග් චලනයකින් එය කරන්න. පළමු ස්ථරය වියළී ගිය විට, ටිකක් වැඩිපුර පරිමාවක් සඳහා ඔබේ ඇහිපිහාටු පාමුල දෙවන තට්ටුවක් යොදන්න. 

5. ඔබේ නාසයට යටින් කැඩපතක් තබන්න
ඔබේ මස්කාරා ආලේප කිරීමෙන් පසු ඔබ සාමාන්‍යයෙන් ඇහිපිය උඩත් මස්කාරා ගෑවිලාද කියලා ඔබේ නාසයට යටින් කැඩපතක් තබා පහළට බලන්න. මේ ආකාරයෙන් ඔබ මස්කාරා ආලේප කරන විට ඉතා සවිස්තරාත්මකව වැඩ කළ හැකි අතර ඔබේ ඉහළ ඇසිපිය වල කිසිම ගැටලුකාරී පෙනුමක් ඇති වෙන එකක් නෑ.

6. ඔබේ ඇස් වසා ගන්න
ඔබේ ඇහිපියන් පත් වල අගට මස්කාරා ආලේප කරද්දී සිරස් අතට නොයවන්න. ඇහි පියන් අග උඩු අතට කරකවන්න. මේ ආකාරයෙන් ඔබට ඔබේ ඇහි පියන් වැඩිපුර කර්ල් කරන්න පුළුවන්. 

7. ඇස් පිහාටු පිටත කොන් දෙසට තල්ලු කරන්න
ඔබේ ඇස් පිහාටු උඩ අතට නැතිව ඇසේ කොන පැත්තට වෙන්න සකස් කිරීමෙන් ඇස් දෙකට ලස්සන පෙනුමක් ගන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නේ මස්කාරා බ්‍රෂ් එකේ අග හරියෙන් ඇසි පිහාටු ඇසේ කොන පැත්තට ඇදෙන ලෙස ආලේප කරන එකයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1516 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:11:27 AM
Script:/article/1516/how-to-use-mascara-for-an-attractive-look.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:11:28 AM
Script:/article/1516/how-to-use-mascara-for-an-attractive-look.html