ලස්සනට ඉන්න වගේම නිරෝගීව ඉන්නත් උදව් වෙන ඖෂධීය පානයක්

August 16, 2018
19,383
Saffron for beauty and health
හැඩට වැඩට වගේම කාගේත් නෙත් සිත් ආකාර්ශනය වෙන විදිහේ ලස්සනක් එහෙමත් නැත්තම් සුන්දරත්වයක් ලබා ගන්න කාන්තාවන් ඉතාමත් කැමතියි. විශේෂයෙන්ම ලස්සන කිව්ව ගමන් ඔයාට මුලින්ම මතක් වෙන්නේ වෙන මුකුත්ම නෙමෙයි ඔයාගේ සම. සමේ අවපැහැය නැති කරන්න වගේම ඔයාගේ සම ලප කැළැල්වලින් තොරව තියා ගන්නත් කොයි කවුරුත් එක වගේ කැමතියි.

යුවතියන් බහුතරයක් බාහිර ආලේපනවලින් ඔයා ලබා ගන්නා තාවකාලික පැහැපත් බව නිසා මුහුණේ තියෙන ස්වභාවික ලස්සනත් නැති කර ගන්නවා. ඉතිං මේ තාවකාලීක ලස්සනට වඩා කිසිදු අතුරු අබාධයක් නොමැතිව ස්වභාවික වගේම දිගු කාලින ලස්සනක් ලබා ගන්න පුළුවන් කුංකුම පානය කිරීම මගින්. ඒ විතරක් නෙමෙයි කුංකුම කියන්ගේ ඔයාට නිරෝගී පානයක්. මේ තරම් ගුණ ඇති කුංකුම ගැන ඔයාව දැනුවත් කරන්න Hadakari අපි අද තීරණය කළා. ඉතිං ඔයත් මේ ලිපිය කියවලාම බලන්නකෝ කුංකුම මගින් ඔයාගේ සිරුරට ලබාගන්න පුළුවන් මොන වගේ ලස්සනක්ද කියලා.

ශතාවර්ෂාධික කාලයක් පුරා කුංකුම භාවිතා කරනවා කළු බඩු වර්ගයක් විදිහට. ඒත් ඉතිං අද නම් කුංකුම කිව්ව සැණින් එසැණින් ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ ලස්සන වෙන්න පානය කරන්න පුළුවන් පෝෂණ ගුණයෙන් අනුන ඖෂධයක් කියලා. ඇත්තටම ඔව් අද ගොඩක් දෙනෙක් සම පැහැපත් කර ගන්න තමයි කුංකුම පානය කරන්නේ.

ඔයාගේ සම ලස්සන කර ගන්නවට අතමරව කුංකුමවල තවත් ගුණ රැසක් අන්තර්ගත වෙනවා. කුංකුම කියන්නේ විෂබීජ නාශකයක්. ඒ විතරක් නෙමෙයි ආහාර ජීර්ණය පහසු කරනවා. ආහාර ජීර්ණය නොවන අවස්ථාවක උණුවතුර වීදුරුවකට එහෙමත් නැත්තම් කිරි වීදුරුවකට කුංකුම රේණු 5ක් 06 එකතු කර පානය කිරීමෙන් ඔයාගේ ආහාර ජීර්ණය පහසු කරනවා.

රෝග රැසකට ඖෂධයක්

අතීසාරය, සරම්ප වැනි රෝග තත්ත්වයන් පාලනය කිරීම සදහා ඉතා අනර්ඝ ඖෂධීය පානයක් විදිහට කුංකුම යොදා ගත හැකි බව පර්යේෂණ මගින් තහවුරු කරගෙන තියෙනවා. විශේෂයෙන්ම කුංකුමවලට තියෙනවා පිළිකා නිශේධනය කිරීමේ හැකියාව. ඒ විතරක් නෙමෙයි ආසාත්මිකතා මර්දනය කරන්නත් මානසික අවපීඩනයට එරෙහිව සටන් කරන්නත් මේ කුංකුම පානයේ තියෙන ශක්තියට පුළුවන්. ස්වසන ආබාධ, කැස්ස, සෙම්ප්‍රත්ෂ්‍යාව, කහ උණ, ඇදුම රෝග ආදී රෝග රැසකට වටිනා ප්‍රතිකාරයක් තමයි කුංකුම කියන්නේ. මෙව්වරකල් ඔයා දැනන් හිටියේ කුංකුම වල තියෙන්නේ ඔයාගේ සම පාට කරන ගුණය විතරයි කියලනේ. ඒත් ඉතිං දැන් ඔයාට පුළුවන් විවිධ අවශ්‍යතා වෙනුවෙන් කුංකුම පානය කරන්න. ඒක ඔයාගේ ලස්සනට වගේම නිරෝගී බවටත් ඉතාමත් වටිනා ඖෂධීය පානයක්.

ඔයාට පැහැපත් වගේම දිදුලන සමක් ලබා ගත හැකියි

මුලින් කිව්වා වගේ ගොඩක් දෙනෙක් කුංකුම පානය කරන්නේ ලස්සන වෙන්න. ඇත්තටම කුංකුම මගින් ඔයාගේ සම පැහැපත් කරනවා විතරක් නෙමෙයි සමේ තියෙන කුරුළෑ හා ලප කැළැල් ඉවත් වෙලා ඔයාට දිදුලන සමක් ලබා දෙනවා. විශේෂයෙන්ම කුංකුම මගින් ඔයාට ලැබෙන්නේ තාවකාලීක පැහැපත් බවක් නෙමෙයි.

මාස දෙකක වැනි කෙටි කාලයක් තුළදී ඔයාගේ සමේ අවපැහැ ගතිය නැත්තටම නැති කරලා ලස්සන සමක් ලබා දෙනවා. ඔයා භාවිත කරන ක්‍රීම් එකකට හෝ එහෙමත් නැත්තම් ෆේස්වොෂ් එකට වුණත් කුංකුම රේණු කිහිපයක් එකතු කර ගෙන භාවිත කල හැකියි. යුවතියන් වගේම ගර්භණී අවධියේ ඉන්න කාන්තාවන්ද අද දරුවන් ලස්සන වෙන්න හිතාගෙන කුංකුම පානය කරනවා. ඇත්තටම කුංකුමවල ගුණ දැන හෝ නොදැන භාවිත කිරීම ඉතාමත් වැදගත්. මොකද එයින් ඔයාට අවැඩක් නම් කවදාවත් සිදු වෙන්නේ නෑ. මොකද ඒ තරම් ගුණයෙන් අනුන පානයක් තමයි කුංකුම කියන්නේ. ඔයා දන්නවාද කුංකුම සම පැහැපත් කරන රූපලාවණ්‍ය ඖෂධ අතර ප්‍රධාන තැනක් ගන්නේ ඇයි කියලා. කුංකුම වලට පුළුවන් ඔයාගේ සම මතුපිට තියෙන අක්‍රීය සෛල ඉවත් කරලා ඔයාගේ සමට සුසිනිදු බවක් එකතු කරන්න. කුංකුමවවල ප්‍රතිඔක්සිකාරක ගුණය අන්තර්ගත වන නිසා ඔයාගේ සම රැලී වැටීම අවම කර ඔයාට නව පෙනුමක් එකතු කරනවා. කිසිදු අතුර ආබාධයකින් තොරව ඔයාට නිවසේ ඉඳලම රුව වඩවා ගත හැකයි. ඒ විතරක් නෙමෙයි නිරෝගීව ඉන්නත් පුළුවන්.

කුංකුම පානය කරන්නේ කොහොමද?

කුංකුම රේණු 7 ක් 08 ක් පමණ ඔයාට පුළුවන් උණුවතුර ස්වල්පයකට හෝ කිරි මේස තේ හැදි දෙකකට විතර එකතු කර ගන්න. ඒ වගේම ආලේපනයක් විදිහටත් ඔයාට සකස් කර ගත හැකියි. කුංකුම රේණු අවශ්‍ය ප්‍රමාණයට රැගෙන හොඳින් අඹරා ගන්න. පසුව ඒ ආලේපනය මුහුණේ, දෑත් හා දෙපාවල ආලේප කර මිනිත්තු 20 කට පමණ පසුව සෝදා ඉවත් කරන්න. සතියකට දෙවරක් පමණ ඔයා මේ ප්‍රතකාරය කලොත් ඔයාගේ සම පිරිසිදු වී අවපැහැ ගතිය ඉවත් වෙලා යනවා. සම දීප්තිමත් වෙනවා. මේ ප්‍රතිඵල නිවැරදිව ඔයාට ලබා ගන්න නම් ඔයාට අනර්ඝ තත්ත්වයෙන් යුතු ස්වභාවික කුංකුම පමණක් මිලදී ගත යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1025 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:17:35 AM
Script:/article/1025/saffron-for-beauty-and-health.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:17:36 AM
Script:/article/1025/saffron-for-beauty-and-health.html