සවු කැරමල් පුඩිම

February 20, 2020
3,984
Sago Caramel Pudding
සවු කියන්නේ ගොඩ දෙනෙක් ප්‍රිය කරන ආහාරයක්. අධික රුධිර පීඩනය අඩු කරන ශක්තිජනක ආහාරයක් වන සවු පෝෂණ ගුණාංග බොහොමයකින් අනූණයි.

8 දෙනෙකුට අවශ්‍ය ද්‍රව්‍ය :

සවු සඳහා -
සවු 200g
කිරි ලීටර 1
වැනිලා එසන්ස් තේ හැඳි 1
කුරුඳු පොත්තක්
බටර් 100g

ක්‍රීම් කැරමල් සඳහා-
සීනි 150g
වතුර 80ml
කිරි 120ml
විප් ක්‍රීම් 125ml
බිත්තර කහ මද 4
බිත්තර 2
වැනිලා එසන්ස් තේ හැඳි
සීනි 75g

සාදන ආකාරය :

01. පළමුවෙන්ම සවු ටික පෑන් එකක කිරි වල පැය 2ක් පෙඟෙන්නට හරින්න.

02. පෙඟවුනු සවු එකට කුරුඳු, වැනිලා සහ බටර් එකතු කර අඩු ගින්දරේ පිස ගන්න. සවු ටික සම්පූර්ණයෙන්ම විනිවිද පෙනෙන තෙක් විටින් විට හැඳි ගාමින් අඩු ගින්දරේ පිස ගන්න.

03. ලිපෙන් ඉවතට ගෙන නිවෙන්න හරින්න. කුරුඳු පොත්ත ඉවතට ගන්න.

04. ක්‍රීම් කැරමල් එක හදමු. අවන් එකේ හදනවා නම් මුලින්ම අවන් එක සෙල්සියක් අංශක 160ට රත්වෙන්න හරින්න. බටර් ගා ගත් බේකින් පෑන් එකක් ද ලෑස්ති කර පසෙකින් තබා ගන්න. ස්ටීම් කරනවා නම් ස්ටීමර් එකේ දාන්න පුලුවන් භාජනයක බටර් ගා පසෙකින් තබා ගන්න.

05. පෑන් එකක සීනි 150g සහ වතුර 80ml විනාඩි 8-10ක් පමණ රත් කරන්න. සීනි ටික රන් වන් පැහැ වන විට ලිප්නෙ ඉවතට ගන්න. කැරමල් ටික බටර් ගා ගත් භාජනයට වත් කර පසෙකින් තබන්න.

06. පිරිසිදු පෑන් එකක කිරි සහ ක්‍රීම් ටික රත් කරන්න.

07. ඒ අතර වාරයේ බිත්තර කහ මද 4, බිත්තර 2, සීනි 75g සහ වැනිලා ටික ක්‍රීම් එකක් වන තෙක් එකට බීට් කරගන්න. රත් වුනු කිරි ටික වත් කරමින් මික්ස් කරන්න.

08. කිරි මිශ්‍රණය පෙනේරයකින් පෙරා සවු මිශ්‍රණයට එකතු කරන්න. මිශ්‍ර කරන්න.

09. සවු මිශ්‍රණය බේකින් පෑන් එකේ අතුරන්න. ෆොයිල් කොලයකින් වසා විනාඩි 50-60ක් ස්ටීම් කරගන්න. අවන් එකේ හදනවා නම් වතුර දැමූ තැටියක සවු මුශ්‍රණය දැමූ බේකින් තැටිය තබා විනාඩි 50-60ක් බේක් කර ගන්න.

10. පිසුනු පුඩිම සෙමින් හරවා පිලිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1518 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:05:06 AM
Script:/article/1518/sago-caramel-pudding.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:05:07 AM
Script:/article/1518/sago-caramel-pudding.html