වතුර ගොඩක් බොන්න කියල හැමෝම කිව්වට ඇත්තටම වතුර හොඳද?

March 3, 2020
3,946
Is it good to drink too much of water?
පොදුවේ ගත්තම වතුර විශාල ප්‍රමාණයක් බොනව කියන්නේ නරක දෙයක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම, වතුර ප්‍රමාණවත් තරම් පානය කිරීම ඔබේ ශරීරයේ ඇතුළත හා පිටත යන දෙකටම වැදගත් වෙනවා. ඒකට හේතුව ඔබේ ශරීරයේ සියලුම ක්‍රියාවලීන් (උදාහරණයක් ලෙස ජීර්ණය වැනි) සුමටව ක්‍රියාත්මක වෙන්න ඔබේ ශරීරයට ප්‍රමාණවත් තෙතමනයක් අවශ්‍ය වෙන නිසයි. 

හැබැයි මෙන්න මේ සුවිශේෂී අවස්ථා වලදී ඔයාගෙ වතුර වීදුරුව පැත්තකින් තියන එක වඩා හොඳයි කියලා මේ ලිපිය කියෙව්වම ඔයාටම තේරුම් යාවි.

1. ඔබේ ශරීරයේ දැනටමත් වතුර වැඩි නම්
ඔව්, ඕනෑවට වඩා වතුර පානය කිරීම වගේ පුරුදු තියන අය ඉන්නවා. ඔබ දියර වර්ග අධික ලෙස පානය කරනකොට, ඔබේ ශරීරයේ ඇති ස්වාභාවික ලුණු වල සමතුලිතතාවයට බාධා වෙන්න පුළුවන්. මෙය සෝඩියම් ඌනතාවයක් ඇති කරන්න පුළුවන් නිසා එයින් හිසරදය, ඔක්කාරය, මානසික ව්‍යාකූලතා හා අපස්මාර තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්.

2. ඔබේ මුත්‍රා විනිවිද පෙනෙන විට
ඉතින්, ඔබ ප්‍රමාණවත් තරම් වතුර පානය කර ඇති කියලා කියන්නේ කොහොමද දන්නවාද? වැසිකිළියට යාමෙන්. ඔබේ මුත්‍රා වල වර්ණය ඒ ගැන දැනගන්න විශිෂ්ට දර්ශකයක් වන අතර එය ඔබ වැඩි වශයෙන් ද , අඩු වශයෙන් ද වතුර පානය කළ යුත්තේ කියලාත් එමගින් කියන්න පුළුවන්. ඔබේ මුත්‍රා සුදුමැලි කහ වර්ණයක්ද? එයින් අදහස් වන්නේ ඔබ ප්‍රශස්ත මට්ටමින් වතුර පානය කරලා කියලයි. ඒ හොඳ වැඩේ දිගටම කරගෙන යන්න. ඔබේ මුත්‍රා තද කහ පැහැයක් අරගෙන තියනවා නම් දවසකට බොන වතුර වීදුරු ගාන අනිවාර්‍යෙන්ම වැඩි කරන්න වෙයි. ඔබේ මුත්‍රා වල පැහැය විනිවිද පෙනෙනවාද? එහෙනම් ඒක වතුර පානය කරන එක අඩු කිරීමට පැහැදිලි ලකුණක්.

3. ඔබ විශාල ආහාර වේලක් ගත් විට
ඔබ විශාල ආහාර වේලක් අරන් තිබෙනවාද? ඒ වෙලාවට ටික වේලාවක් පානීය වතුරෙන් ඉවත් වෙලා ඉන්න එක වඩාත් සුදුසුයි. මොකද වතුර අපේ ආමාශය පුරවන අතර, ඔබ ආහාර විශාල ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් පසුව විශාල වතුර ප්‍රමාණයක් බිව්වොත් ඔබේ බඩ ඉදිමෙන්න පටන් ගනියි. වතුර වීදුරුව පානය කරන්න කලින් ඔබේ උදරයේ ආහාර ටිකක් ජීර්ණය වෙලා සමනය වෙනකල් ඉන්න.

4. ඔබ දැඩි ලෙස ව්‍යායාම කරන විට
ඔබට අධිකව දහඩිය දැම්මම ඔබේ ශරීරයට සෝඩියම් සහ පොටෑසියම් නැති වෙනවා. නමුත් මේ දෙකම ඔබට ඉතා වැදගත්. එයින් අදහස් කරන්නේ ඔබ ඒවා නැවත පිරවිය යුතුයි කියලයි. මේ වගේ වෙලාවල් වලට සාමාන්‍ය නළ වතුර හෝ දිය උල්පත්වල ඒවා සොයා ගන්න අමාරුයි. වාසනාවකට වගේ පොල් වතුරේ සෝඩියම් සහ පොටෑසියම් පුදුම සහගත විදිහට පවතිනවා. දැඩි ව්‍යායාම වලින් පසුව ඔබට අවශ්‍ය පෝෂණයන් සියල්ල එහි අඩංගු වෙනවා. නැත්නම් මිනරල් වතුර පානය කරන්න. මොකද ඒකෙත් ලුණු අඩංගු වෙනවා.

5. වතුර පැණි රස වූ විට
ඔබ බොන වතුරට සියලු වර්ගවල රසකාරක එකතු කරනවා නම් ඔබට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි සීනි ප්‍රමාණයක් පරිභෝජනය කිරීමේ අවදානම පවතිනවා. මොකද සුපිරි වෙළඳසැලේ ඔබ මිලදී ගන්න රසකළ වතුරේ අධික සීනි ප්‍රමාණයක් එකතු කරල තියෙන්න පුළුවන්.. ඒ නිසා ඔබ එවැනි රස කළ වතුර මිලදී ගැනීමට කලින් සැමවිටම නිෂ්පාදනයේ ලේබලය කියවන්න. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1523 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:05:03 AM
Script:/article/1523/is-it-good-to-drink-too-much-of-water.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:05:03 AM
Script:/article/1523/is-it-good-to-drink-too-much-of-water.html