අවුරුදු 35 න් පසුව නම් ඔබ අනිවාර්යෙන් මේ පුරුදු අනුගමනය කල යුතුමයි

February 23, 2018
18,000
You should follow these when you pass 35
දවසින් දවස අපි වයස්ගත වෙද්දී අපේ සුන්දරත්වය ටිකෙන් ටික අඩු වෙනවා වගේම අපේ නිරෝගීභාවය, අපේ සෞඛ්‍ය සම්පන්න බවත් ටිකෙන් ටික අපෙන් පිරිහෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒත් ඒ දේවල් තරමක් දුරට හෝ පාලන කරන්න, අපේ සෞඛ්‍ය රැක ගන්න කරන්න පුළුවන් දේවල් නම් ඕන තරම් තියෙනවා.

විශේෂයෙන් අවුරුදු 35-40 වෙද්දී අපේ සිරුරේ ක්‍රියාකාරිත්වය ටිකෙන් ටික අඩපණ වෙනවා. බර වැඩි වෙනවා, ටිකක් මහත් වෙනවා, එක එක විදියේ ලෙඩ ඇති වෙන්න ගන්නවා. පරිවෘත්තිය ක්‍රියාවලිය අඩපණ වෙනවා. ඉතින් මේ තත්ත්වයන් අවම කර ගන්න ඔයාට මේ දේවල් අනිවාර්යෙන් අනුගමනය කරන්න වෙනවා. එහෙම නොවුනොත් ඔයාටත් නොදැනීම ඔයාගේ සෞඛ්‍ය පිරිහෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඔයා අමාරුවෙන් රැක ගත්ත ඔයාගේ සුන්දරත්වයත් ඔයාගේ ඈතට යන්නේ ඔයාටමත් නොදැනිම.

1. ක්‍රියාකාරී වෙන්න

ලෙඩ රෝග නැති සුන්දර සිරුරක පවත්වා ගැනීමේ ප්‍රධානම රහස තමයි ක්‍රියාශීලි බව. මේ සඳහා ශරීරයෙන් වැඩි කැලරි ප්‍රමාණයක් දහනය වන ලෙස දවස පුරාම ඔබේ සිරුර ක්‍රියාශීලීවව තබා ගන්න. එකම තැනකට වෙලා ඇඟ පොඩ්ඩක් වත් හොල්ලන්නෙ වත් නැතිව ඉන්න පුරුදු උනොත් ඔයා අනිවාර්යෙන්ම ලෙඩ ගොඩක් වෙනවා. එය ඔයාගේ පරිවෘත්තිය ක්‍රියාවලිය මනා ලෙස පවත්වා ගෙන යන්න අතිශය වැදගත් වෙනවා.

2. තේ, කෝපි අවම කරන්න

තේ, කෝපි ඇතුළු කැෆේන් අඩංගු පාන හා ආහාර වර්ග හැකි තරම් අවම කරන්න, කැෆේන් වලින් අපේ මොළය ප්‍රබෝධමත්ව තබන්න හේතු වෙනවා. ඒ නිසා රාත්‍රී නින්දට පෙර කැෆේන් අඩංගු දේවල් පරිභෝජනයෙන් ඔබට අත්‍යාවශ්‍ය නින්ද ඔබට අහිමි වෙන පුළුවන්. ඒ වගේම එය වැඩිපුර පානය කිරීමෙන් ඔබ විජලනයට පත් වීමත් ඉතා ඉක්මනින් වෙහෙසට පත් කිරීමටත් හේතු වෙනවා

3. පෝෂ්‍යදායි ආහාර අමතක කරන්නම එපා

පරිවෘත්තිය ක්‍රියාවලිය මනාව පවත්වා ගන යාමට වගේම වයස්ගත වීමත් එක්ක පිරිහෙන ශරීර සෞඛ්‍ය රැක ගන්න පෝෂ්‍යදායි ආහාර අනිවාර්යෙන් මඟ හැරෙන්න දෙන්න එපා. වයස්ගත වීමත් එක්ක සිරුරට වැඩි පුර ලබා දෙන්න ඕන පෝෂ්‍ය පදාර්ථ මොනවද කියලා ඔයාව මීට දැනුවත් කල නිසා අයෙත් ඒ ගැන කියන්න යන්නේ නැහැ. ඒ දේවල් ගැන හොඳින් දැනුවත් වෙන්න. අනුගමනය කරන්න. සිරුරට අවශ්‍ය ඒ පෝෂණය අමතක නොකර ලබා දෙන්න.

4. වතුර තමයි ඔබේ නිරෝගී බවේ රහස වෙන්නේ

වතුර නැති වුණොත් ඔබ විජලනයට පත් වෙන එක නවත්තන්න බැහැ. ඒ නිසානේ අපි නිතරම ඔයාට කියන්නේ වැඩිපුර වතුර බොන්න කියලා. විජලනය නිසා ඔයාගේ ශක්තිය නැතුව ගිහින් ඉක්මනින්ම වෙහෙසට පත් වෙනවා. ඒ වගේම අපිට වැළඳෙන ගොඩක් රෝගී තත්ත්වයන්ට තියෙන හොඳම ඖෂධය තමයින්වතුර කියන්නේ. ඒ නිසා දෛනික ජල අවශ්‍යතාව සම්පුර්ණ කරන්න කිසිම විටක අමතක කරන්න එපා.

5. හැම දේම සමබර කර ගන්න

පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා සිරුරට අවශ්‍ය ව්‍යායාම ලබා දීම අනිවාර්යෙන් සිදුවිය යුත්තක්. ඒ නිසා ඔයාගේ වැඩ රාජකාරි අතරේ ඒ ව්‍යායාම සඳහාත් කාලය වෙන් කරන්න. ඒ සඳහාත් සුදුසු වෙලාවක් වෙන් කරගන්න. ඒ වගේම නිවැරදි ඉරියව් අනුගමනය කරන්න, හැම දෙයකින්ම සමබර වූ දින චර්යාවක් පවත්වා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 670 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:25:16 PM
Script:/article/670/you-should-follow-these-when-you-pass-35.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:25:17 PM
Script:/article/670/you-should-follow-these-when-you-pass-35.html