මුරුංගා මැල්ලුම

April 11, 2020
2,293
Drumstick Melluma
මුරුංගා කියන්නේ හරිම ගුණදායක එළවළුවක්. විටමින්, ප්‍රෝටීන් වගේම මතක ශක්තිය වැඩි කරන සංඝටක බොහොමයක් අඩංගු ඉතාම වටින මුරුංගා, පෝරියාල් එකක් විදිහට හදන ආකාරය බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය :
මුරුංගා කරල් 4
කහ තේ හැඳි 1/2
රස අනුව ලුණු

ග්‍රයින්ඩ් කිරීමට :-
ගා ගත් පොල් මේස හැඳි 4
අමු මිරිස් කරල් 2
රතු ලූණු ගෙඩි 4
සූදුරු ඇට තේ හැඳි 1/2

තෙම්පරාදුවට :-
තෙල් තේ හැඳි 2 (තල තෙල් නම් වඩාත් සුදුසුයි )
අබ ඇට තේ හැඳි 1/4
සිහින්ව කපාගත් ලොකු ලූණු ගෙඩි 1/2
කරපිංචා ඉති 2ක් පමණ

සාදන ආකාරය :

01. වතුර කෝප්ප දෙකක් පමණ පිසින භාජනයේ රත් වෙන්න තියන්න.

02. මුරුංගා අඟලේ පමණ දිග කෑලි කපාගෙන වතුර රත් වුනාම එයට එකතු කර පියනකින් වසා සාමන්‍ය ගින්දරේ තැම්බෙන්න හරින්න.

03. ඒ අතරතුර ග්‍රයින්ඩ් කරන්න තියෙන කලමණා ටික ග්‍රයින්ඩ් කරගන්න.

04. මුරුංගා ටික ඉදීගෙන එන විට එයට ලුණු සහ කහ එකතු කරන්න.

05. එයට ග්‍රටින්ඩ් කරගත් පොල් මිශ්‍රණය එකතු කරන්න. හොඳින් කරලවම් කර ලිපෙන් ඉවත් කරන්න.

06. දැන් තෙම්පාදු කිරීමට භාජනයක් රත් වෙන්න තබා තෙල් එකතු කර අබ ටික එකතු කරන්න. අබ පුපුරන්න පටන් ගන්නකොට එයට කරපිංචා, ලූණු එකතු කරන්න. ලූණු ටික යන්තම් ඉදෙනවිට එයට මුරුංගා ටික එකතු කර කලවම් කර ලිපෙන් ඉවතට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1548 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:54:12 AM
Script:/article/1548/drumstick-melluma.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:54:12 AM
Script:/article/1548/drumstick-melluma.html