Toggle navigation
Beauty Tips
Child & Me
Fashion & Style
Love & Marriage
Health
Food & Cooking
Lifestyle
Belt එකක් විලාසිතාවට ගැලපෙන ලෙස තෝරා ගන්නේ කෙසේද?
April 25, 2021
6,628
Share this article
Tweet this article
කාන්තා විලාසිතා හිදී විශේෂ ස්ථානයක් කාන්තාවන්ගේ බඳ පටි සඳහා හිමි වෙනවා.. බොහෝවිට කාන්තාවන් බඳ පටියක් මගින් ලිහිල් ඇඳුමක් තද කරගන්නවා. එහෙම නැත්තං විලාසිතාවක් ලෙස, ආභරණයක් ලෙස බඳ පටියක් භාවිතා කරනවා.. ඔබත් සමහර විට බඳ පටි විලාසිතාව දැඩිව ප්‍රිය කරනවා වෙන්න ඇති.. හැඩකාරි පහත ලිපිය මගින් ඔබටත් විලාසිතාවක් ලෙස බඳ පටි පළඳින විට සැලකිලිමත් විය යුතු කරුණු ඉදිරිපත් කරනවා..
බඳ පටි පැළඳීමට සාමාන්‍යයෙන් ක්‍රම තුනක් තිබේ ..
1. ඔබගේ ඉණ මත
2. ඉන මතින් ඉහළට කර හෝ ඉන මතින් පහළින්..
3. ඔබේ කලිසම ඉහළට තබා ගැනීමට
මෙම ක්‍රම තුන මගින් එකිනෙකට වෙනස් හැඩයන් ඔබ බෙල්ට් එකක් භාවිතා කරනවා..
ඉණ පටියක් ඔබගේ ඇඳුමට ගැළපෙන පරිදි ඉන මතින් ඉහළට කර හෝ ඉන මතින් පහළට කර පැළඳීමට පුළුවන්. මෙය ගවුම් විලාසිතාවකට එහෙමත් නැතිනම් කලිසමක් සමග තෝරා ගන්න පුලුවන්.. එමෙන්ම ඒ සඳහා දිගු කබායක්, ස්වෙටරයක් පැළදීම මගින් වඩාත් ආකර්ෂණිය පෙනුමක් ලබාගන්න ඔබට පුලුවන් වනවා.
ඔබ දිග කලිසම්ක් සමඟ ඉන පටියක් පළදින විට බෙල්ට් එකේ පළල පිළිබදව සැලකිලිමත් විය යුතුයි. කලිසමේ ලූප් වල උස අනුව බෙල්ට් එක තෝරා ගත යුතුයි. උසින් වැඩි ලූප් තිබෙන කලිසමකට හෝ සායකට පළලින් අඩු බෙල්ට් එකක් භාවිතා කරොත් එය උඩට පහලට යාමට බලනවා. එය ඔබේ විලාසිතාවට හානියක්. ඉතින් ලූප් එකට ගැලපෙන් ප්‍රමානයේ බෙල්ට් එකක් භාවිතා කිරීම වැදගත්. කලිසමේ ලූප් නොමැති විටදී ඉන පටියක් පැළැදීම අවශ්‍ය වන්නේ නැහැ.. නමුත් කලිසම ඉනේ ප්‍රමණයට ගැලපෙන ලෙස තිබිය යුතු වනවා..
ඔබ තෝරාගන්නා ඉන පටිය,
1. ඉන පටිය සෙන්ටිමීටර 1-2 ක් අතර පළල් නම් ගවුම් විලාසිතා සමඟ ගැලපෙනවා..
2. සෙන්ටිමීටර 2-5 අතර අතර පළල් නම් ජැකට් (jackets), ස්වෙටර (sweaters) , ලෝම කබා (cardigans) සහ දිගු කබා සමඟ වඩාත් ගැලපෙනවා..
3. සෙන්ටිමීටර 3-4 අතර පළල පටි, කලිසම්, සාය සහ ජීන්ස් සමඟ වඩාත් ගැලපෙනවා..
4. සෙන්ටිමීටර 5-12 අතර පළල පටි වඩාත් ගැලපෙන්නෙ ඔබ කලිසම / හෝ සාය ඉහළට කර අඳින විට ඉණ වටා පැළඳීමට වඩා ගැලපෙනවා.
5. සිහින් සහ ලෝහ පටි සහිත ආභරණ ලෙස සැකසූ බඳ පටි ගවුම් සහ කබා සඳහා ගැලපෙනවා.
බඳ පටි ඔබගේ සිරුරේ හැඩයට ගැලපෙන ලෙස තෝරාගන්නේ කෙසේද..
1. උසින් වැඩි කාන්තාවන්ට මහත ඝනකම් බඳ පටි වඩාත් සුදුසුයි. එමගින් ඔවුන්ගේ ශරීරය කෙටි කර, සාමාන්‍ය කර පෙන්වනවා.
2. ශරීර ප්‍රමාණයෙන් කෙටි කාන්තාවන්ට සිහින් බඳ පටි පැළඳීමෙන් වඩාත් උස පරිපූර්ණ පෙනුමක් ලබා දෙනවා.
3. ඇතැම් බද පටිවල අලංකාර පළලින් වැඩි ආභරණ ලෙස සැකසූ ගාංචු තිබෙනවා.. නමුත් ඔබ විශාල පෙනුමැති ආභරණ පැළඳීමෙන් වැළකී සිටිනවා නම් ඔබට බද පටිය ද සියුම් ලෙස සැකසූ ප්‍රමාණයෙන් කුඩා ගාංචු තිබෙන බඳ පටියක් තෝරාගන්න පුළුවන්.
4. සිහින්/දිගු බද පටි සැහැල්ලු විලාසිතා සඳහා වඩාත් උචිත වනවා..
5. ඔබේ බඳ පටිය ඔබට කැමති නම් ඔබගේ පාවහන් සමඟ ගලපන්න පුළුවන්.. නමුත් විලාසිතා කිරීමේ දී එය අනිවාර්ය දෙයක් නොවෙයි.. ඔබේ කැමැත්ත මත සිදු කරන්න පුළුවන්. වඩාත් සැහැල්ලු අවස්ථා සඳහා ඔබට ඔබගේ පාවහන් වල පැහැයට ගැලපෙන ලෙස බඳ පටිය තෝරගන්න පුළුවන්.. නමුත් මෙය ඉතාමත් සාම්ප්‍රදායික විලාසිතාවක්..
6. සෑමවිටම බඳ පටිය නිවැරදි දිගකින් යුතු ව තෝරා ගන්න.. එය අනවශ්‍ය ලෙස ශරීරය වටා එතීමෙන් වළකින්න.
7. ඔබගේ බද පටිය සෑම විටම ඔබගේ පෙනුම වැඩි කරනවාදැයි සලකිලිමත් වන්න.. පළමුවෙන් ඔබ ඔබගේ විලාසිතා ශෛලිය අවබෝධ කරගෙන විලාසිතාවට ගැලපෙන ආකාරයට බඳ පටි තෝරා ගත යුතුයි.. උදාහරණයක් ලෙස ඔබ තෝරා ගන්නා අලංකාර රන්වන් හෝ රිදී බඳ පටි ගැලපෙන්නේ ඔබ ස්මාට් ඇඳුමක් සමඟ අඳින විටයි, ඒ වගේම ගෙත්තම් කල බෙල්ට් එකක් ගැලපෙන්නේ කැෂුවල් ඇඳුමක් අඳින විටයි..
කාන්තා අපි ස්වභාවයෙන්ම විවිධ විලාසිතා අනුගමනය කරන්න කැමතියි. බොහෝවිට අපි ඒකාකාරී විලාසිතාවලට කොටු වී සිටිනවා.. දැන් ඔබට පුළුවන් වෙනසක් ලෙස ඔබ තෝරා ගන්නා විලාසිතාවට සුදුසු ආකාරයට බඳ පටි එක් කර ගන්න.. එමගින් ඔබගේ පෙනුම ඉතාමත් වැඩි දියුණු කර පෙන්වාවි..
Related Articles
19,003
මිනිත්තු දෙකෙන් කාන්තාවන්ට සිහින් පෙනුමක් ගෙන දෙන ක්‍රම
6,994
ඔයාගේ makeup box එකේ තිබිය යුතු දේවල් 08 ක්
19,687
මේ ඇඳුම් වර්ග 07 තිබුණොත් ඔයාට හැමදාම ලස්සනට අඳින්න පුළුවන්
Featured Articles
6,160
අන්නාසි වලින් ශරිර සෞඛ්‍යයට ඔබව මවිත කරන ප්රතිලාභ රැසක්
12,513
හැමදාම කන පරිප්පු ගැන නිකමටවත් හිතුනේ නැති දෙයක් මේ
14,420
ඔබව වේගයෙන් වයස්ගත කරන මේ ආහාර දැන ගෙන ඉන්න
Trending Articles
16,183
වැදගත් නෝනා කෙනෙක් විදියට හැසිරෙන්නෙ කොහොමද කියල ඔබ දන්නවද?
18,772
ඔබගේ සිරුරට විටමින් අවශ්‍ය බව හඟවන සංඥා රැසක්
14,198
සම සඳහා ස්කින් කෙයාර් රූටීන් එකක් සකස් කරගන්නේ මේ විදිහටයි
Hadakari.com
අපේ ජනප්‍රියම ලිපි
153,385
67
කිරි ටොෆී - Recipe
කිරි ටොෆී ගෙදරදීම හදමු
Read More
54,294
40
කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්
ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Read More
53,751
26
උපන් ලපයෙන් හෙලිවන ජීවන තොරතුරු
අපි හැමෝගෙම ශරීරයේ උපන් ලප තියෙනවා. මේ සමහර උපන් ලප විශාලවත්, සමහර උපන් ලප කුඩාවටත් පිහිටනවා
Read More
49,825
26
සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු
අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
Read More
23,357
23
වෙරළු වල ගුණ
වෙරළු කොලස්ටරෝල් සඳහා ඉතාම ගුණදායකයි. දිනකට වෙරළු ගෙඩි පහක් අවම වශයෙන් ආහාරයට ගන්නවා නම් හිතකර…
Read More
Latest Articles
ඔබට විටමින් ඌණතාවයක් ඇති බව අඟවන ලකුණු
එක ගවුමකින් එක එක දවසට එක එක ලුක්ස් වලින් අඳින්නෙ මෙහෙමයි
අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!
ඔබත් ඉක්මණින් වෙහෙසට පත්වෙනවද.. මේ ක්‍රම ටික අත්හදා බලන්න
බර අඩු කරගත්තත් පවත්වගෙන යන්න අමාරුද? මේකයි පිළිතුර..
ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න
Most Viwed
ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්
ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්
කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්
බොහෝ අය පිඬා විඳින අර්ශස් රෝගය ඇති වීමට හේතු සහ එහි රෝග ලක්ෂණ අදම හඳුනා ගන්න
මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්