උප්මා

April 14, 2020
6,318
Upma
ඉන්දියාවේ ඉතාම ජනප්‍රිය උදය ආහාරයක් තමයි උප්මා කියන්නේ. මේක හදන්නත් ලේසි නිසා උදේ ආහාරයට ගන්න උප්මා හදන හැටි බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

රුලං කෝප්ප 1
තෙල් මේස හැඳි 2
අබ ඇට තේ හැඳි 3/4
කරපිංචා ඉත්තක්
අමු මිරිස් කරල් 2
සිහින්ව තලා ගත් ඉඟුරු තේ හැඳි 1
සිහින්ව කපාගත් ලොකු ලූණු ගෙඩි 1
පොඩියට කපාගත් සාමාන්‍ය තරමේ තක්කලි ගෙඩි 2
උණු වතුර කෝප්ප 2
කහ පොඩ්ඩක් (තේ හැඳි 1/4ක් පමණ )
රස පදමට ලුණු
දෙහි ගෙඩි 1/2ක යුෂ

සාදන ආකාරය :

01. පෑන් එකක් රත් වෙන්න තියලා රුලං ටික එකතු කරගන්න. රුලං ටික හැඳි ගාමින් යන්තම් රන් වන් පැහැ වන තෙක් රත් කරගන්න. ඒ ටික පිඟානකට දමා නිවෙන්න පසෙකින් තියන්න.

02. දැන් පෑන් එකට තෙල් ටික එකතු කරගෙන එයට අබ ඇට ටික, කරපිංචා කොල සහ අමු මිරිස් ටික එකතු කරන්න.

02. අබ ඇට පුපුරන විට එයට ඉඟුරු ටික එකතු කරන්න. විනාඩියක් පමණ පිසගන්න.

03. එයට ලූණු ටික එකතු කර ලූණු ටික මැලවෙන විට එනම් විනිවිද පෙනෙන්නට පටන් ගන්නා විට තක්කාලි ටික එකතු කරන්න.

04. තක්කලි ටික හොඳින් පිස ගන්න. දැන් එයට වතුර, කහ සහ ලුණු ටික එකතු කර වතුර ටික නටන තෙක් පිස ගන්න.

05. බැදගත් රුලං ටික එකතු කරන්න. කැට සෑදීම වලක්වන්න දිගටම හැඳි ගාමින් පිස ගන්න. මිශ්‍රණය ඝන වන විට ලිප නිවා දෙහි ටික එකතු කරන්න. කලවම් කරන්න.

06. කැමති නම් සිහින්ව කපාගත් කොත්තමල්ලි කොල වලින් සරසන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1551 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:15:22 AM
Script:/article/1551/upma.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:15:23 AM
Script:/article/1551/upma.html