COVID-19 හෙවත් Corona වෛරසයෙන් ඔබේ පවුල ආරක්ෂා කරගන්න ආකාරය මෙන්න

March 18, 2020
7,867
This is how you can protect your family from coronavirus
මේ දවස වලදී ඇති වන කැස්ස ඔබව අපහසුතාවයට පත් කරනවද? Corona වෛරසය නිසා මේ කාල සීමාවේදී කැස්සක් හැදුණත් ගොඩක් අය බියට සහ අපහසුතාවයට පත් වෙනවා. ඔබ අනිවාර්‍යෙන්ම මේ කාලයේදී ඔයාගේ ශක්තිය ඉතුරු කර ගනිමින් ඔබව දුර්වල වෙන්න තියෙන ඉඩ ප්‍රමාණය අවම කර ගන්න ඕනේ. ඒ සඳහා ස්වාභාවික ක්‍රම මඟින් උපකාර ලබා ගන්නත් පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට Corona වෛරසයට එරෙහිව ඔබේ පවුල ආරක්ෂා කර ගන්න විදිහ ගැන මේ ලිපියෙන් කියලා දෙනවා.

මාරාන්තික COVID-19 කොරෝනා වෛරසය ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙනවා. ඒ වගේම මෙම වෛරසයේ ප්‍රතිඵල, ප්‍රවෘත්ති සහ වෙබ් අඩවි මගින් ඉදිරිපත් කරද්දී නිරායාසයෙන්ම අපි භීතියට පත් වෙනවා. විශේෂයෙන් ඔබට දරුවන් ඉන්නවා නම් පවුලේ ආරක්ෂාව ගැන කරදර වෙන එක ස්වාභාවිකයි. ඉතින් මෙම වෛරසයට එරෙහිව ඔබගේ පවුලේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔබට කළ හැකි දේ මෙන්න.

මෙම වෛරසය ආසාදනය වීමේ පොදු ලක්ෂණ අතරට ශ්වසන රෝග ලක්ෂණ, උණ, කැස්ස, හුස්ම හිරවීම, හිසරදය සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇතුළත් වෙනවා. වඩාත් දරුණු අවස්ථාවල දී මෙම ආසාදනය නිසා නියුමෝනියාව, වකුගඩු අකර්මණ්‍ය වීම වගේම මරණයට පවා හේතු වෙන්න පුළුවන්. එම රෝග ලක්ෂණ දින 7-10 කට වඩා වැඩි කාලයක් පවතින බව ඔබට දැනුණොත් වහාම වෛද්‍යවරයෙක් හමු වෙන්න.

මේ දින වලදී ඔබ නිතිපතා අත් සේදීම, කැස්ස සහ කිවිසුම් යාමේදී මුඛය සහ නාසය ආවරණය කිරීම, මස් සහ බිත්තර ඇතුළු ආහාර හොඳින් පිස ආහාරයට ගැනීම සහ වැඩිපුර වතුර පානය කිරීම අත්‍යාවශ්‍යයි කියන එක මතක තබා ගන්න. තව ද කැස්ස සහ කිවිසුම් යාම වගේ ශ්වසන රෝග ලක්ෂණ පෙන්නුම් කරන ඕනෑම අයෙක් සමඟ වැඩි සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් වළකින්න.

කොරෝනා වෛරස් රෝගය ආසාදිත පුද්ගලයෙකුට කැස්ස හෝ කිවිසුම් යන විට පිට වන ජල බිඳිති හරහා වෛරසය පැතිර යනවා. ඔහු ආසන්නයේ සිටින නිරෝගී පුද්ගලයෙකුට, සෘජුවම ආශ්වාස කිරීමෙන් හෝ ස්පර්ශ කිරීමෙන් එය පැතිරෙනවා. ඒ නිසා තමයි කියන්නේ හැම තැනම ස්පර්ෂ කිරීම් කරලා  මුහුණත් ස්පර්ෂ කරන්න එපා කියලා. 

ඔබට කොරෝනා වෛරස රෝගයේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් කුමක් කළ යුතුද?

COVID-19 වෛරසයට ගොදුරු වී ඇති බවට සැක කරනවා නම්, කලබල වෙන්න එපා. ඔබේ සෞඛ්‍යය මෙන්ම අවට සිටින අයගේ සෞඛ්‍යයද ආරක්ෂා කර ගැනීමට ඔබට ගත හැකි පියවර කිහිපයක් මෙන්න.

දින 7 කට වඩා වැඩි කාලයක් කොරෝනා වෛරස රෝගයේ රෝග ලක්ෂණ තිබේ නම් කොහේවත් සංචාරය කිරීමට යන්න එපා.
නිරෝගී පුද්ගලයන් සමඟ සම්බන්ධතා පැවැත්වීම සීමා කරන්න.
වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගෙන නිවැරදි ක්‍රමයට මාස්ක් එකක් පළඳින්න.
ළමුන් හා වැඩිහිටියන් ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් ගැන විමසිල්ලෙන් සිටින්න.
කාමරයක්, වාහනයක් වැනි සංවෘත ඉඩක් අන් අය සමඟ බෙදා ගැනීමෙන් වළකින්න.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වන්නේ කෙසේද?

ආසාදිත පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙකු සමඟ ගමන් බිමන් යාමෙන් වළකින්න.
කෙනෙක්ට කැස්ස හෝ නොකඩවා කිවිසුම් යනකොට 2m ක් පමණ දුරකින් ඉන්න. 
ඔයා ළගදි යමෙකු කැස්ස හෝ කිවිසුම් යවන්නේ නම්, ආරක්ෂාවට මාස්ක් එකක් පළදින්න.
නිතිපතා ඔබේ දෑත් සෝදා පිරිසිදු කරන්න.
ළදරුවන්ව හෝ වැඩිහිටියන්ව විශාල ජනකායක් සිටින පොදු ස්ථානවලට රැගෙන යාමෙන් වළකින්න.
ඔබේ මුහුණ, ඇස් සහ කන් ස්පර්ශ කිරීමෙන් වළකින්න.
පවුලේ සාමාජිකයන් ඇතුළු වෙනත් කිසිවෙකු සමඟ ආහාර, ඇඳුම් හෝ උපකරණ බෙදා නොගන්න.

ඔබේ දෑත් සේදීම සඳහා උපදෙස්

ඔබේ අත් සේදීම සඳහා නිතරම සබන් හා ජලය භාවිතා කරන්න. වෛද්‍යවරයා විසින් අනුමත කරන ලද සබන් භාවිතා කිරීම වඩාත් සුදුසුයි.
ඔබේ අත් පිටුපස සහ ඇඟිලි අතර හොඳින් සෝදන ගමන්ම ඔබේ වැලමිට දක්වා සෝදන්න.
නියපොතු යට පිරිසිදු කිරීමට අමතක නොකරන්න, විෂබීජ සඳහා සැඟවීමට හොඳම ස්ථානය මෙයයි.
අවම වශයෙන් තත්පර 20 ක් වත් අත් සෝදන්න.

නිවැරදි උපදෙස් සහ උපක්‍රම භාවිතා කරනවා නම් කොරෝනා වෛරස් රෝගය ගැන කලබල වීමට හේතුවක් නැහැ. ඔබේ ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක තබා ගන්න. වේගයෙන් ව්‍යාප්ත වන මෙම වෛරසයෙන් ඔබ සහ ඔබේ පවුලේ අය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න.

කොරෝනා නිරෝධායනය පිළිබඳ තොරතුරු දැනගැනීමට 011-3090502 / 113 අංකය අමතන්න ඔබට පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,058
   71

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
5 benefits of mahaduru
   11,784
   30

මහදුරු වල ගුණ 5ක්

මහදුරු කුළුබඩුවක් විදිහට එදිනෙදා ආහාරයට ගත්තත් අපි මෙයින් ලැබෙන ප්‍රයෝජන ගැන එතරම් හිතලා නෑ
10 remedies for dry skin
   28,277
   28

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..
Changes in your body if you consume cod-liver oil daily
   98,421
   26

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Food to regulate your menstrual circle
   48,130
   25

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න

Latest Articles

Most Viwed