COVID-19 හෙවත් Corona වෛරසයෙන් ඔබේ පවුල ආරක්ෂා කරගන්න ආකාරය මෙන්න

March 18, 2020
8,749
This is how you can protect your family from coronavirus
මේ දවස වලදී ඇති වන කැස්ස ඔබව අපහසුතාවයට පත් කරනවද? Corona වෛරසය නිසා මේ කාල සීමාවේදී කැස්සක් හැදුණත් ගොඩක් අය බියට සහ අපහසුතාවයට පත් වෙනවා. ඔබ අනිවාර්‍යෙන්ම මේ කාලයේදී ඔයාගේ ශක්තිය ඉතුරු කර ගනිමින් ඔබව දුර්වල වෙන්න තියෙන ඉඩ ප්‍රමාණය අවම කර ගන්න ඕනේ. ඒ සඳහා ස්වාභාවික ක්‍රම මඟින් උපකාර ලබා ගන්නත් පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට Corona වෛරසයට එරෙහිව ඔබේ පවුල ආරක්ෂා කර ගන්න විදිහ ගැන මේ ලිපියෙන් කියලා දෙනවා.

මාරාන්තික COVID-19 කොරෝනා වෛරසය ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙනවා. ඒ වගේම මෙම වෛරසයේ ප්‍රතිඵල, ප්‍රවෘත්ති සහ වෙබ් අඩවි මගින් ඉදිරිපත් කරද්දී නිරායාසයෙන්ම අපි භීතියට පත් වෙනවා. විශේෂයෙන් ඔබට දරුවන් ඉන්නවා නම් පවුලේ ආරක්ෂාව ගැන කරදර වෙන එක ස්වාභාවිකයි. ඉතින් මෙම වෛරසයට එරෙහිව ඔබගේ පවුලේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔබට කළ හැකි දේ මෙන්න.

මෙම වෛරසය ආසාදනය වීමේ පොදු ලක්ෂණ අතරට ශ්වසන රෝග ලක්ෂණ, උණ, කැස්ස, හුස්ම හිරවීම, හිසරදය සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇතුළත් වෙනවා. වඩාත් දරුණු අවස්ථාවල දී මෙම ආසාදනය නිසා නියුමෝනියාව, වකුගඩු අකර්මණ්‍ය වීම වගේම මරණයට පවා හේතු වෙන්න පුළුවන්. එම රෝග ලක්ෂණ දින 7-10 කට වඩා වැඩි කාලයක් පවතින බව ඔබට දැනුණොත් වහාම වෛද්‍යවරයෙක් හමු වෙන්න.

මේ දින වලදී ඔබ නිතිපතා අත් සේදීම, කැස්ස සහ කිවිසුම් යාමේදී මුඛය සහ නාසය ආවරණය කිරීම, මස් සහ බිත්තර ඇතුළු ආහාර හොඳින් පිස ආහාරයට ගැනීම සහ වැඩිපුර වතුර පානය කිරීම අත්‍යාවශ්‍යයි කියන එක මතක තබා ගන්න. තව ද කැස්ස සහ කිවිසුම් යාම වගේ ශ්වසන රෝග ලක්ෂණ පෙන්නුම් කරන ඕනෑම අයෙක් සමඟ වැඩි සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් වළකින්න.

කොරෝනා වෛරස් රෝගය ආසාදිත පුද්ගලයෙකුට කැස්ස හෝ කිවිසුම් යන විට පිට වන ජල බිඳිති හරහා වෛරසය පැතිර යනවා. ඔහු ආසන්නයේ සිටින නිරෝගී පුද්ගලයෙකුට, සෘජුවම ආශ්වාස කිරීමෙන් හෝ ස්පර්ශ කිරීමෙන් එය පැතිරෙනවා. ඒ නිසා තමයි කියන්නේ හැම තැනම ස්පර්ෂ කිරීම් කරලා  මුහුණත් ස්පර්ෂ කරන්න එපා කියලා. 

ඔබට කොරෝනා වෛරස රෝගයේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් කුමක් කළ යුතුද?

COVID-19 වෛරසයට ගොදුරු වී ඇති බවට සැක කරනවා නම්, කලබල වෙන්න එපා. ඔබේ සෞඛ්‍යය මෙන්ම අවට සිටින අයගේ සෞඛ්‍යයද ආරක්ෂා කර ගැනීමට ඔබට ගත හැකි පියවර කිහිපයක් මෙන්න.

දින 7 කට වඩා වැඩි කාලයක් කොරෝනා වෛරස රෝගයේ රෝග ලක්ෂණ තිබේ නම් කොහේවත් සංචාරය කිරීමට යන්න එපා.
නිරෝගී පුද්ගලයන් සමඟ සම්බන්ධතා පැවැත්වීම සීමා කරන්න.
වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගෙන නිවැරදි ක්‍රමයට මාස්ක් එකක් පළඳින්න.
ළමුන් හා වැඩිහිටියන් ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් ගැන විමසිල්ලෙන් සිටින්න.
කාමරයක්, වාහනයක් වැනි සංවෘත ඉඩක් අන් අය සමඟ බෙදා ගැනීමෙන් වළකින්න.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වන්නේ කෙසේද?

ආසාදිත පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙකු සමඟ ගමන් බිමන් යාමෙන් වළකින්න.
කෙනෙක්ට කැස්ස හෝ නොකඩවා කිවිසුම් යනකොට 2m ක් පමණ දුරකින් ඉන්න. 
ඔයා ළගදි යමෙකු කැස්ස හෝ කිවිසුම් යවන්නේ නම්, ආරක්ෂාවට මාස්ක් එකක් පළදින්න.
නිතිපතා ඔබේ දෑත් සෝදා පිරිසිදු කරන්න.
ළදරුවන්ව හෝ වැඩිහිටියන්ව විශාල ජනකායක් සිටින පොදු ස්ථානවලට රැගෙන යාමෙන් වළකින්න.
ඔබේ මුහුණ, ඇස් සහ කන් ස්පර්ශ කිරීමෙන් වළකින්න.
පවුලේ සාමාජිකයන් ඇතුළු වෙනත් කිසිවෙකු සමඟ ආහාර, ඇඳුම් හෝ උපකරණ බෙදා නොගන්න.

ඔබේ දෑත් සේදීම සඳහා උපදෙස්

ඔබේ අත් සේදීම සඳහා නිතරම සබන් හා ජලය භාවිතා කරන්න. වෛද්‍යවරයා විසින් අනුමත කරන ලද සබන් භාවිතා කිරීම වඩාත් සුදුසුයි.
ඔබේ අත් පිටුපස සහ ඇඟිලි අතර හොඳින් සෝදන ගමන්ම ඔබේ වැලමිට දක්වා සෝදන්න.
නියපොතු යට පිරිසිදු කිරීමට අමතක නොකරන්න, විෂබීජ සඳහා සැඟවීමට හොඳම ස්ථානය මෙයයි.
අවම වශයෙන් තත්පර 20 ක් වත් අත් සෝදන්න.

නිවැරදි උපදෙස් සහ උපක්‍රම භාවිතා කරනවා නම් කොරෝනා වෛරස් රෝගය ගැන කලබල වීමට හේතුවක් නැහැ. ඔබේ ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක තබා ගන්න. වේගයෙන් ව්‍යාප්ත වන මෙම වෛරසයෙන් ඔබ සහ ඔබේ පවුලේ අය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න.

කොරෝනා නිරෝධායනය පිළිබඳ තොරතුරු දැනගැනීමට 011-3090502 / 113 අංකය අමතන්න ඔබට පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,249
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,997
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,983
   21

කජු දෝසි - Recipe

Video
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed