බබා නාවනවට බය ද? මෙන්න විසඳුම්

April 18, 2020
4,625
Are you scared to wash your baby
පොඩ්ඩා නාවන වේලාවට බයද? බොහෝ ළදරුවන් එක එක හේතූන් නිසා නාවද්දී බය වෙනවා. දරුවාගේ දෑස් වලට සබන් ගියාම හෝ ස්නානය කිරීමේදී ලිස්සා වැටීම වැනි වෙනත් හේතුන් නිසා පොඩ්ඩා නාවද්දී බය වෙනවා. පොඩ්ඩා ටිකෙන් ටික උස් මහත් උණත් පොඩි කාලයේ තිබුණු සමහර පුරුදු නතර කර ගන්න අමාරුයි. අද හැඩකාරී අපි ඔයාට බබාව නාවද්දී බබාගේ බය නැති කර ගන්න ටිප්ස් කිහිපයක් කියලා දෙන්න අපි තීරණය කළා. 

ඔයාගේ දියණිය හෝ පුතා ස්නානය කරද්දී ඇති වන බය මඟහරවා ගැනීමට ටිප්ස් 

1. නාන වේලාවට විසිතුරු සෙල්ලම් බඩු සමග විනෝද වෙන්න පොඩ්ඩා අකැමති වෙන එකක් නැහැ. දරුවාගේ නාන බඳුනට සබන් දිය කර පෙ​ණ ඇති කර සෙල්ලම් බඩු ටිකක් දමන්න. පෙ​ණ සහ හුරුබුහුටි සෙල්ලම් බඩු දැකීමෙන් දරුවා ඉබේටම නාන්න පෙළඹෙනවා.

2. ටබ් එකක් ඇත්නම් දෙදෙනාම එකට ස්නානය කරන්න. පළමුව ඔයා ටබ් එකට බැස සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කරන්න. දරුවා දෙස නොබලා විනෝද වන්න. ඔයාගේ විනෝදය දුටු පසු දරුවාටත් ඔයා සමග එක්වීමට අවශ්‍ය වෙනවා. 

3. මුලදී දරුවාව සෝදනවා වෙනුවට දරුවා සමඟ සෙල්ලම් කිරීමට උත්සාහ කරන්න. ස්නානය කිරීමේ කාලය සැබවින්ම විනෝදජනක බව දරුවට තේරුම් ගන්වන්න. දරුවා විනෝදය භුක්ති විඳීමට පටන් ගත් පසුව සබන් ගා සෝදන්න.

4. අම්මා කෙනෙක් විදිහට ළදරුවාගේ ස්නානය ගැන උනන්දු කරවීම සඳහා මෙය අත්හදා බලන්න.
- දරුවට කුඩා නාන තටාකයක් හෝ ලොකු බේසමක් හෝ සෙල්ලම් බඩු අරන් දෙන්න.
- දරුවාගේ නාන සෙල්ලම් බඩු වටා රසවත් කතා මවන්න.
- ෂැම්පූ සහ සබන් වතුර දරුවාගේ ඇස්වලට ඇතුළු වීමට ඉඩ දෙන්න එපා.  
- පොඩ්ඩට ෂවර් කැප් එකක් පළඳවන්න.
- දරුවා වතුරට බය නම් බාල්දියකින් ස්නානය කරවන්න.

5. පොඩ්ඩා තමන්ගේ ස්නානය සූදානම් කරන ආකාරය දුටුවහොත් එයට තවත් බය වෙන්න එකක් නැහැ. ටැප් එක විවෘත කර ටැප් එකෙන් ජලය නාන තටාකය හෝ බේසම පුරවන ආකාරය දරුවට පෙන්වන්න. 

6. කිසි විටෙකත් දරුවාට නාන තටාකයට හෝ බේසමට බහින්න කියලා බල කරන්න එපා. දරුවට මේ විදිහට කතා කරලා බලන්න. ‘බය වෙන්න එපා, මම ඔයා ළග ඉන්නවා’, ‘මම ඔයාට රිදෙන්න දෙන්නේ නැහැ හෝ ලිස්සා යාමට ඉඩ දෙන්නේ නැහැ’ වැනි සැනසිලිදායක වචන වලින් දරුවාව ධෛර්යමත් කරන්න.

7. ස්නානය කරනවා වෙනුවට, සමහර අවස්ථාවලදී දරුවා රෙදි කඩකින් තෙතමාත්තු කරන්න. දරුවා කලබල වූ දිනයක ඔහුව/ඇයව නාන තටාකයේ නාවන්න එපා. මෘදු ලෙස සම්බාහනය කිරීමෙන් දරුවට සැහැල්ලුවක් දැනෙනවා. මෙම ක්‍රමය මගින් ඔයාට දරුවා සමඟ හො​ඳ බැඳීමක් ඇති කර ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1562 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:48:30 AM
Script:/article/1562/are-you-scared-to-wash-your-baby.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:48:31 AM
Script:/article/1562/are-you-scared-to-wash-your-baby.html